ads
News
Loading...

කියාදෙන්න ආදරේ තරම් දිගැසි ඇත්තටම කටකාරද


මෙි දවස්වල සිරස නාලිකාවෙ කියදෙන්න ආදරේ තරම් නාට්‍යයේ කටකාර දිගැසි,සචින්තනී කෞශල්‍යා ගොසිප්ලන්තය සමග මෙවර කතාබහකට එකතුවුනා.


සචින්තනී ව මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය කියාදෙන්න ආදරේ තරම් හරහායි.මෙික ක්ෂේත්‍රයේ ඔයාව මුලින්ම අදුනගත්ත විදිහද?

මම මුලින්ම කලේ මුතුලෙන්දොර නාට්‍යයේ සිතුලි කියන චරිතය හැබැයි ගොඩක් දෙනෙක් මාව දැනගත්තේ කියාදෙන්න ආදරේ තරම් නාට්‍ය හරහා දිගැසි විදිහට , සචින්තනීට වඩා දිගැසි ගොඩක් ජනප්‍රියයි

මුතුලෙන්දොර නාට්‍යය ග⁣ම්බද පරිසරයක කතාවක් දිගැසි චරිතය ඊට ගොඩක් වෙනස්.කෝමද ඒකට හැඩගැහුනේ?

ඒ චරිත දෙකම කටකාර චරිත දෙකක් ඒත් දිගැසි කියන චරිතය මගේ ඇත්ත ජීවිතයට ගොඩක් සමීපයි මං හිතන්නේ ඒ නිසා මට පහසුවෙන් ඒකට හැඩගැහෙන්න පුලුවන් වුනා



සචින්තනී ට අප්‍රේල් මාසය කියන්නෙ ගොඩක් විශේෂ මාසයක් නේද
ඔව්ව් රන්වල බලකාය එක්ක ගොඩක් කාර්යබහුල වෙන මාසයක්


තවත් කාලවක නිරත වීම තුලින් රංගනයට ලොකු පහසුවක් වෙන්න ඇති නේද

ඔව් , පොඩි කාලෙ ඉඳලම නර්තනය හැදෑරුව , ඒත් එක්කම රන්වල බලකායට සම්බන්ධ වෙන්න ලැබුන එක ලොකු අවස්ථාවක් , ප්‍රාසාංගීක ශිල්පිනියක් ලෙස වැඩ කරන්න ලැබුන එක රංගනයටත් ලොකු පහසුවක්

බොහෝ අය තමන්ගෙ නර්තනය සමග සමාජ ජාලා තුල පෙරළි කරනව.සචින්තනීත් අලුත් විදියකට ඒ ඔස්සෙ යන්න හිතනවද

තමන් හරියට ඉගෙන ගෙන ඒකෙන් හොඳ දෙයක් කරන්න පුලුවන්නම් වටිනවා , කලාව කියන්නෙත් ගෞරවයෙන් කල යුතු දෙයක් , ඒක තමන් ප්‍රසිද්ධ වෙන්න අයුතු විදිහට භාවිතා කරනවන්ම් ඒක වැරදි , වැඩ කටයුතුත් එක්ක නර්තනය මග හැරෙනවා ඒත් හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා


රසික රසිකාවන්ගෙ ආදරය කියන්නෙ ගොඩක් අයට ආශිර්වාදයක් ඔබට එය දැනුනෙ?

ඇත්තටම ඔව් ,හොඳ සහ නරක ප්‍රතිචාරත් දෙකම ලැබෙනවා, දිගැසිට ගොඩක් ආදරේ අය ඉන්නවා , ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා ,ඒ වෙනුවෙන් ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුම මතක් කල යුතුමයි, ලස්සන කවි, නිසදැස් , අදහස් ගොඩක් අය පෞද්ගලිකවත් එවනවා ඒවා දැක්කහම ගොඩක් සතුටුයි,ඒ වගේම කොරෝනා එක්ක අපේ රූගත කිරීම නතර කලාමත් ගොඩක් දෙනෙක් හොයලා බැලුවා ,දුරකතන ඇමතුම් කෙටි පණිවිඩ එව්වා ඇත්තටම රසික රසිකාවියන්ගේ ආදරය කියන්නෙ ආශිර්වාදයක්

රංගනයට ආවට පස්සෙ ඔබට මිතුරියන් ගොඩක් හමුවෙන්න ඇති,ඉස්කෝලෙ කාලෙ යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෝමද

ඔව් ගොඩක් අය අඳුර ගන්න අවස්ථාව හම්බවුණා. පාසල් කාලේ යාලුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා , ගොඩක් අය කතා කරල සුබ පතනවා , සමහරක් අය කතා කරන එක අත හැරියා

එක චරිතයකට පස්සෙ ප්‍රේක්ෂකයන් ඇයව එම විලාසිතාවෙන්ම දකින්න හිතනව.නමුත් ඔබ විලාසිතාවන් ගැන උනන්දු කෙනෙක් නේද

ඔව් අනිවාර්යයෙන්ම, මට ගැලපෙන දේවල් මං තෝරගන්නවා, මගේ අනිත් නිර්මාණය තුල මං නිරූපණය කරන්නේ දමිල ගුරුවරියක්ගේ චරිතයක් ,එකම රාමුකට කොටු වෙන්න මං කැමති නෑ , එකිනෙකට වෙනස් චරිත කරන්න මං කැමති



කලාකරුවන් කියන්නෙ අතිශය සංවෙිදී අය සචින්තනී ගේ ජීවිතේ එහෙම අත්දැකීම් ඇති?

එහෙම තැන් නෑ කිව්වොත් බොරුවක් , සචින්තනී කියන්නේ ගොඩක් දේවල් දරාගෙන හැලහැප්පීම් එක්ක ජීවිතේ ගෙනියන කෙනෙක් , ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී සංවේදී වෙනවා,

තව නිර්මාණ කිහිපයක් එන්නත් තියෙනව නේද

අලුත් නිර්මාණයක් විකාශය වෙන්න තියෙනවා ,ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ " ධවල රාක්ෂ' ටෙලිනාට්‍ය ,ඊට අමතරව තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා ,

උදව් කල අය ගැනත් කියමු

අම්මා තාත්තා නංගී සහ මගේ ගමනට හැමවෙලේම මං එක්ක ඉන්න මගේ යාලුවෝ හා උදව් කරන හැමෝටමත් , ධනුෂ්ක රත්නායක අයියටත් හැමවෙලේම ගුරුහරුකම් දෙන සහන් රන්වල ගුරුතුමාටත් , ආදරණීය රසික රසිකාවියන්ටත් බොහොම ස්තූතියි




ගොසිප්ලන්තය එක්ක මෙි කතාබහ ගැනත්දැනෙන දේ ගැන දැනගන්න කැමතියි

ගොඩක් ස්තූතියි මේ කතා බහට මාව සම්බන්ධ කරගත්තාට . නවකයන් වෙනුවෙන් ඉඩක් වෙන් කරන එක ගැන සතුටුයි







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :