"ඇත්තටම මගෙ දෙවැනි පවුල වගේ තමයි C plus බෑන්ඩ් එකත් "
අපට ඔබව මුලින්ම දකින්න ලැබෙන්නෙ රියැලටි වෙිදිකාව තුල ඒ මතකය එක්කම කතාව පටන්ගමු?
මාව රියලැටි තරගාවලියට මුලින්ම ඇතුළු කරන්නේ මගේ අම්මා මම නොදැනුවත්වම
කැමැත්ත තිබුනට තාත්තිගෙ වැඩි කැමැත්තක් තිබුනෙ නැ.පස්සෙ අම්මට වැඩියෙන් තාත්ති උනන්දු උනා මං ගැන.ඉස්සර ඉඳන් බටහිර සංගීතයට කැමති මගෙ නමත් අම්මා දැම්මෙ බටහිර සංගීත ශිල්පිනියකගෙ නමක්.
මෙි ලැබුනු විවෙිකය තුල කරන්නෙ මොන වගේ දේවල්ද?
ගොඩක් බටහිර සිංදු ගෙදර තාත්තා දානවා. vocal training කරනව.ව්‍යායෑම් කරනව.ඒ වගේම සංගීතය ඉගෙන ගන්න වැඩකටයුතුත් කරනව.
රසික රසිකාවියන් ගැන මොනවද කියන්න තියෙන්නෙ?
ඒඅය හින්ද තමයි අපි රැදිල ඉන්නෙ.ඉතින් ඒ
ආදරයට වගේම කැමැත්තතට ගොඩක් ස්තුතියි.හැමදාම රැදිල ඉන්නන මා එක්ක.
බ්‍රෙන්ඩා කණ්ඩායම් සංගීතය තුල ගෙවන ජිවිතය ගැන කිව්වොත්.
ඇත්තටම මගෙ දෙවැනි පවුල වගේ තමයි C plus බෑන්ඩ් එකත්.චන්දුමාල් ප්‍රනාන්දු ප්‍රමුඛ කණ්ඩායමෙි සියලු දෙනාවම මෙි අවස්ථාවෙි මතක් කරනවා.
ඒ වගේ බෑන්ඩ් එකක වැඩකරන්න කෙනෙකුට ලැබෙනව අඩුයි.මගෙ පෞද්ගලික නිර්මාණ කරන්නත් එයාලා නිදහස් දීලා තියෙනව.මම දැනට ඒබෑන්ඩ් එක හා සම්බන්ධ වෙලා අවුරුදු හතරක් විතර වෙනව.හරිම නිහතමානී පිරිසක් එහි ඉන්නෙ.
පහුගිය කාලවල ඔබගෙන් ගීත දෙකක්ම රසිකයන් වෙත ලැබුනා නේද?
මෙි නිල්වන් නිම්නයේ ගීතය වගේම සිත ඉගිලී ගිහින් ගීතයටත් හොද ප්‍රතිචාර තිබුනා.
සංගීතය තුල ඉදිරියට යන්න උදව් කරන අය ගැනත් කියමු.
අම්මා,තාත්තා,මල්ලි ,අක්කා වගේම බෑන්ඩ් එකේ අයත් මතක් කරන්නම ඔිනා.මම ගොඩක් ස්තුතිවන්ත වෙනව ජේසුට මට මෙි දුන්න කටහඩ හින්දයි මෙි වගේ තැනකට එන්න පුළුවන් වුනේ ඒ නිසයි.






0 Comments :
Post a Comment