ads
News
Loading...

වසර පහලොවකට පසු ප්‍රයන්ත තම නැසී ගිය දියණිය ගැන සංවෙිදීවුනු හැටි


නිවෙිදකයෙකු විදියට කවුරුත් හදුනන ඔහු පසු කාලෙ ප්‍රසංග වෙිදිකාවෙි හඩක් වුනා.ඉතින් ඒ හඩ අද දවසේ තමන්ගගෙ ජීවිතයට සම්බන්ධ සංවෙිදී කතාවක් මෙලෙස පවසනවා.මෙි කතාව කියන්නෙ සිරස නාලිකාවෙ නම එක්කම ඈදුනු ප්‍රියන්ත විජේසිංහ විසින්.

උපුටාගැනීම

"සඳසී නිම්නා බර්නදීන් විජේසිංහ

ආදරණීය දියණිය ගැන මෙතෙක් නොකී කතාවක් ඔබ නැතුව අදට වසර 15 කි"

එදා ඉරිදා දවසක් අපේ ආයතනයේ සබාපති තුමන්ගෙන් දිවංගත ආර්.‍රාජාමහෙන්ද්‍රන් මහතාගෙන් මට ඇමතුමක් ලැබිනි හවස 4 ට ඔහුගේ නිවසට පැමිනෙන ලෙස ..මා එහි යන විට අප ආයතනයේ තවත් අධ්‍යක්ෂ වරුන් හතර දෙනෙක් පැමිනි අතර මීටිමක් පැවත් විය.මීටිම අතර තුර එක පාරටම සර් මගෙන් "How is your Daughter" යනුවෙන් ඇසීය, මට එකපාරටම "That's a long story sir "යනුවෙන් කියවුනි.මීටිම හමාරවූ පසු සියල්ලන් නිවෙස් බලා පිටත්වන්නට සැරසුන විට සර් මට ටිකක් නවතින ලෙස කිව්වා.සර් මාව ඔහුගේ කාමරයට රැගෙන ගියා."මොකක්ද ප්‍රියන්ත දැන් දුවගේ අලුත්ම තත්වය" සර් මගෙන් අහනකොට මා අසීරු තත්වයකට පත්වුනා."සර් දුවගේ නීරෝගි තත්වයක් නෑ.ඇයගේ රෝගී තත්වය දිනෙන් දින අසීරු වෙනවා." සමහර රැයක් තුල මම වේදිකාවේ මුලු රටම නලවලා සතුටු කරලා ප්‍රසංග මෙහෙයවලා ගෙදර යනකොට දුව අසනීපයෙන් වේදනාවෙන් මොරදෙනවා මට ඒ අවස්ථාව හිතේ මැවුනා.මට නොදැනීම කදුලු ආවා.මගේ සබාපති තුමා සංවේදී රත්තරං මනුස්සකම තියෙන මහත්මයෙක් ඒ බව දැන් මුලු රටම දන්නවා.සර් එකපාරටම ඉන්දියාවේ ඔහුගේ මිතුරු Dr.Sirikumar ට දුරකතනයෙන් කතා කලා මගේ දුවගේ විස්තර ඔහුට කිව්වා."එහෙනම් ඔයා wife එක්ක දුවවත් අරගෙන මාත් එක්කම ලබන බදාදා ඉන්දියාවෙ යන්න එන්න අපි Dr.sirikumar හමුවෙලා බලමු".ඊට පසුව සර් ඉන්දියාවෙ සිටින සර්ගෙ හොද මිත්‍රයෙක් වන . Mr.sanjeew palikkal ට කතා කර අපට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙස කිව්වා.අප ආයතනයේ නැසීගිය මනෝ වික්‍රමනායක මහතාට නීඩ්‍රා වීරසිංහ මහත්මිය ට සහ රේනුකා අමරසේකර මහත්මිය ට අවශ්‍ය සියල්ල සපයන්නටද පැවසුවා."ඔයාලා ඉන්දියාවට ගියාම මුලින්ම වේලන්කන්නි පල්ලියට ‍යන්න" සර් පැවසුවා.ඉන්දියාවෙ යන්න ලෑස්ති වෙනකොට සුසාර දිනාල් ඇවිත් ප්‍රියන්ත අයියෙ උඹට වියදමට කියලා විදේශ මුදල් ටිකක් මගෙ අතේ තිබ්බා .අපි අපේ පැංචිවත් තුරුලු කරගෙන මමත් ලලනිත් මගේ අම්මත් ඉන්දියාවට යන්න කටුනායක ගුවන් තොටුපලට එනවා එහිදී මගේ මව දුවව වඩාගෙන එනකොට එයාගෙ පය පැටලිලා විදුලි පඩිපෙලෙන් දුවව උඩට විසිවෙනවා මා ඉක්මනින් පැනලා දුවව අල්ලාගන්නවා.මොකද්දෝ බයංකාර සිතුවිල්ලක් හිතට දැනුනත් ගමන පිටත්වෙනවා.අප දුවත් එක්ක චෙන්නායි ගුවන්තොටුපලට පැමිනෙන විට සංජීව් පලික්කාල් මහතා අපව පිලිගන්නවා.ඔහු මට කාර් එකක් ඉන්දියාවේ පරිහරනයට ලබා දෙනවා.කාර් එකේ රියදුරු ගෝවින්දන් (Govindan)මට පුදුම සහයෝගයක් දෙන්නෙ.අප මුලින්ම චෙන්නායි නගරයේ ශා: තෝමස් දේවස්ථානයට ගියා.ඊට පස්සේ Dr.sirikumar හමුවුනා Dr.sirikumar අපව Dr. Venkat වෙත යොමු කලා.තීරනය වුනේ දුවව ශල්‍යකර්මයකට යොමු කල යුතු බවයි .කවදා හෝ මෙම ශල්‍යකර්මය කල යුතු බව ඔවුන් දැනුම් දුන්නා.මගේ බාල සොහොයුරිය ලංකාවේ Dr.Anasta Wijesinghe ලොකු නංගී Benita wijesinghe හෙදි නිලධාරිනියක් මස්සිනා නැසීගිය Dr.Hemantha wickramasinghe සහ මගේ පියානන් Benadict wijesinghe ද සෞඛ්‍ය සේවාවන් වල පලපුරුදු අය .ලලනිගේ අම්මා සහ අක්කලාගෙන් මාලා ,නිම්මි පවා දුව සුව කරගන්න තමයි බලාපොරොත්තු වුනේ.ඒ අයගේ ගත් උපදෙස් මත පවා වූයේ මෙම ශල්‍යකර්මය කල යුතු බවයි .ලලනි තුලනම් එතරම් කැමත්තක් නොමැති වුවත් අපි ශල්‍යකර්මයට එකග විය.දියනිය රෝහල් ගත කරන්නට පෙර සර් කිව්ව පරිදි අපි වේලන්කන්නි මාතාවන්ගෙ දේවස්ථානයට ගෝවින්දන් සමග ගියෙමු.ඒ යන ගමන් අපේ දෝනි සිනා නගමින් සංතෝෂයෙන් මගේ බෙල්ල බදාගෙන වට පිට බලමින් තමයි ඒ ගමන ගියේ.වේලන්කන්නි පල්ලි ගිහින් පැමිනි පසුවදා දුව චෙන්නායි සූර්යයා ‍රෝහලට ඇතුලත් කලා.සංජීව් පලික්කාල් අපට තරු පංතියේ හෝටලයක් ලබාදුන්නත් දුව සමග මා ලලනි සහ අම්මා ‍රෝහලේම නතර වුනා. ශල්‍යකර්මය සාර්ථකව කෙරුනා මා සර් ට අමතමින් ස්තුති කලා දුවට හොද නිසා අපි සතුටින් හිටියේ. සර් අපට රාත්‍රියට විශේෂ ආහාර එවා තිබුනා.දින තුනකින් අප දුවත් රැගෙන ලංකාවට එන්නයි බලාපොරොත්තු වුනේ .ඒත් මොකක්ද වුනේ දුවගේ ශල්‍යකර්මය සිදු කලතැන පසුව රුධිරය දැඩිව වහනය වෙන්න ගත්තා.එය නොනවත්වා ගලා ගියා. දුව මට එයාගෙ ඇස්වලින් කියනවා "තාත්තෙ මාව බේරාගන්න" කියලා.මා රෝහලේ දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට පාපිස්සේ පිස්සෙකු මෙන් පාපිස්ස විකනවා.ලංකාවේදී දුවට ප්‍රතිකාර කල මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතාට මා කියන්නේ අනේ ඩොක්ටර් මගේ දු බේරලා දෙන්න .මගේ මිතුරු ටයිටස්ට සහ තිස්සට කියනවා අර වෙදමහත්තයටවත් කියලා මොනවාහරි කරන්න කියලා .මට හැමවිටකම ශක්තියක් වන නීඩ්‍රා වීරසිංහ මහත්මියට ,සුසාර දිනාල්ට ,අජිත් ගම්ලත් ට ,අනිල් සිල්වාට, මරික්කාර්ට කියනවා කොහොමහරි දුවව ජීවත් කර දෙන්න කියලා.අපේ තාත්තාට සහ ජා ඇල මාරි අක්කාට (දුවට ගොඩාක් ආදරේ පියුමංකගෙ අම්මා )කෑගහලා කියනවා අපේ දුවව බේරලා දෙන්න කියලා.2006 අගෝස්තු 29 දින උදේ අපේ රත්තරං සුරංගනාවිය සදසි නිම්නා බර්නදීන් විජේසිංහ අපව අතහැරලා දෙව්මව් තුරුලට යනවා.මම කෑ ගසමින් රෝහල දෙවනත් කලාලු.සර් මට කතා කරලා උදව්වට ඉන්දියාවේ ඉන්න එස් ලෝන් සමාගමේ මහදේවන් එවනවා .සංජීව් පලික්කාල් Dr.sirikumaara හැමෝම අප ලග හිටියා.රියදුරු ගෝවින්දන් මගේ ලගින්ම හිටියා. මම ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්‍යාලයට යනවා මම කොට කලිසමක් ඇදලා හිටිය නිසා පිස්සෙක් කියලා මාව ඔවුන් එලියට යන්න කියනවා.ඔය වෙලාවේ ලංකාවේ ගාමිනී ජයවික්‍රම පෙරේරා මන්ත්‍රී තුමා මට කතා කරනවා මම අඩමින් විස්තරය කියනවා .ගාමිනි මන්ත්‍රී තුමා මට ඔහොමම ඉන්න කියලා කිව්ව . එතකොටම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔයා මහකොමසාරිස් කාර්‍යාලය ලග ඉන්න මම කොමසාරිස්ට කියන්නම් කිව්වා.එතකොටම චෙන්නායි මහාබෝධි ශාකාවේ අපේ කලවාන මහානාම හිමියන් ඇවිත් මහා කොමසාරිස් කාර්‍යාලයේ අයට කෑ ගැහව්වා මෙහෙමද අපේ රටේ මිනිසුන්ට සලකන්නෙ කියලා නියෝජ්‍ය මහකොමසාරිස් තුමා ඇවිත් උදව් කලා.මට අපේ මහානාම හාමුදුරුවන් ලොකු හයියක් වුනා.උන්වහන්සේ මට කැදපෙව්වා.දුවගේ දේහය ලංකාවට ගෙනියන්න උදව් කලා .ලංකාවේ ඉදලා අපේ තීනියාවල පාලිත හාමුදුරුවන් මහානාම හාමුදුරුවන්ට උපදෙස් දුන්නා මට කතා කලා.අපේ සබාපති තුමා අපව බලාගන්න සහ අවමගුල් කටයුතු සියල්ල කරන්නට ඉහල කලමනාකාරිත්වයට පැවරුවා.මනෝ වික්‍රමනායක මහතා නීඩ්‍රා වීරසිංහ මහත්මිය නිතර සොයා බැලුවා.හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපේ පරිපාලන අධ්‍යක්ෂ මිත්‍ර ආරියසිංහ මහතා මගෙන් කටයුතු කරන අන්දම ඇහුවා .ඒ එෆ් රේමන්ඩ් මල් ශාලාවේ මගේ නෑදෑ සොහොයුරෙක් වන සම්පත් අයියා ට කියන්න කියලා මා කිව්වා.සම්පත් අයියා දැන් අප අතර නෑ ඔහුවත් ආදරෙන් මතක් කරමි.
අපි හතර දෙනෙක් ඉන්දියාවට ආවා දැන් දුව පෙට්ටියක සීල්කර අප ගමන් කරන ගුවන් යානයේම .අප තිදෙනා පැලෙන්න තරම් වේදනාවෙන් හිටියේ .ලංකාවට එන ගමන් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට ලංවෙනකොට අපි තුන් දෙනා පුපුරලා මැරෙන තරම් වේදනාවක හිරවෙලා .ගුවන් යානය බිමට බැස්වූ විට මගීන් සියල්ල ලහි ලහියේ විසිර ගියත් අප තිදෙනා එහිම නතර වුනා.ටික වෙලාවකින් ගුවන් තොටුපල කලමනාකරු ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශක හිතවත් සේන නන්දිවීර සමග මිත්‍ර ආරියසිංහ මහතා ගුවන් යානය වෙත ඇවිත් මගෙ අතින් අල්ලා අප තිදෙනා එලියට රැගෙන එන ලදී.එලියට එන විට ගුවන්තොටුපල ඇතුලේදී හිතවත් නන්දන වික්‍රමගේ මා වෙත එනවා දැක්කා. නන්දන අයියා ලග මම කෑගැහව්වා කියලා නන්දන අයියා මට කියලා තිබුනා.ගුවන් තොටුපල මගීන් පැමිනෙන පර්‍යන්තයේ මගේ තාත්තා සමග කැපිටල් මහරාජා සමූහය තුල මගේ ආදරනියන් සියල්ල පිරිලා ඉන්නවා මා දකිනවා එස්.එම්.මරික්කාර් තමාගෙ කාර් එක අපව රැගෙන යන්නට ගෙනල්ලා තිබුනා.අනිල් ද සිල්වා මට සැමදා ශක්තියක් වූ අජිත් ගම්ලත්,ප්‍රසන්න කුරුප්පු සහෝදරයෝ මුලු මහරාජා ආයතනයම කටුනායකට එක්කගෙන ඇවිත්.මට මග පෙන්වූ නිමල් ලක්ෂපතිආරච්චි අයියා ,නිලේන්ද්‍ර අයියා ,ලාල් සරත් අයියා , රංජිත් ජයමහ අයියා ,සිඩ්නි චන්ද්‍රසේකර අයියා ,සිසිල් රත්නායක, සකුරා,කුමාරසිරි,බූරා,ඇතුලු ඒ මහා පිරිස මට දුක දරාගන්න උදව් වුනා.අපි ගෙදරට ලගා වෙනකොට මගේ තාත්තා, මගේ මල්ලි ප්‍රසන්න විජේසිංහ,ලොකු නංගි බෙනිටා මස්සිනාලා වන මර්වින්, හේමන්ත,ඇනස්ලි,සුරාජ් ඒ වන විට එංගලන්තයේ සිට නෑනාලා වන මාලා, නිම්මි සමග රේනු සහ දමයන්ති සහ මා මිතුරන් වන කර්නල් නිලන්ත ජයවීර ,අපට ඕන දෙයකට සිටින කුලියාපිටියේ ලකී සුබසිංහ ග්‍රේස් යුවල,මැනික් ටිරෝන් යුවල, ටයිටස් වීරසේකර,තිස්ස , නිමල් කරුනාරත්න,කුමාර කරුනාරත්න නීල් කරුනාරත්න ,සැන්ඩර් අයියා,නිමල් සූරියබණ්ඩාර අයියා ,අමල් රුද්‍රීගු, හෙන්රි රුද්‍රීගු,ලීසන්ස් රෝහලේ අධිපති සමන් ක්‍රිශාන්ත ,මගේ මාමා සුනිල් ජයතිලක චූටි මම්මා ජයන්ති,වර්ථමාන පාර්ලිමේන්තු මන්ත්‍රී එදා මහර ප්‍රාදේශීය සබා සබාපති සහන් ප්‍රදීප්, මට දුකට සැපට ලග සිටී සජියා (සජී කුරේ) සේනාධීර ඇතුලු ගනේමුල්ල සිංහ සමාජය අතුල කලුආරච්චි, නන්දේ අයියා ලිලන්ත මනෝජ්, ටිනූශ රත්තා ඇතුලු නෑදෑයින් සහ අසල්වාසීන් නිවසේ සියල්ල පිලියෙල කර තිබුනා.මගේ දුවගේ අවසන් කටයුතු සියල්ල චාම් ලෙස කරන ලෙස අපේ තාත්තා හැමෝටම කිව්වා.සියලු වියදම් කරන්නට සෑහෙන පිරිසක් ඉදිරිපත් උනත් මගේ සබාපති තුමන් ඒ සියල්ල එතුමන්ගේ අතින් ඉටු කලා එය අනිල් සිල්වා සහ අජිත් ගම්ලත්ගේ මූලිකත්වයෙන් සංවිධානය සිදු කලා.කිසිදු ප්‍රචාරක මාධ්‍යක් නොවන්නට කටයුතු කලද රටේ පූජ්‍ය පක්ෂය,දේශපාලකයින්, කලාකරුවන්,හමුදා පොලිස් මිතුරන් ඇතුලු විශාල පිරිසක් අපේ දුව වෙනුවෙන් ආවා.ඔව් ඔබ අප සමග සිටියා අපේ දුක අප සමග බෙදා ගත්තා.අපේ අර්නස්ට් පෝරුතොට පියතුමන් කිතුනු වතාවන් දුව වෙනුවෙන් ඉටුකරනවිට අපේ සෝබිත හිමිපාණන් දුව වෙනුවෙන් බොදුනු වතාවන් කරනු ලැබුවා.අදට දුව අපෙන් වෙන්වී වසර 15 ක් .දුවගේ මරනය සමාජ මාධ්‍ය තුල එදා කිව්වෙ නැති උනාට වසරින් වසර අප දුවගෙ උපන් දිනේට සහ මිය ගිය දිනට සිහි කරමින් සටහන් තැබුවා.මට සහෝදරයෙකු බදු කර්නල් නිලන්ත ජයවීර දුව මියගියදින ලියූ සටහන ගීයක් විලසින් රුක්ෂාන් කරුනානායක ට තනුව හදන්නට දී මා ලවා එම ගීයද ගායනා කලා.මුගලන් මාමා සහ කාමිනී ඇන්ටි අපව එංගලන්තයට ගෙන්වා ගෙන අපේ දුක තුනී කලා.දුවගෙ ඇවෑමෙන් හිස්වුනු අපේ ලෝකය තුල මමත් ලලනිත් තනි වුනා.සියල්ල එපා වුනු අපි කලකිරුනා.මගේ අතින්නම් ලලනි වගෙ නොවේ වැරදී දේ කෙරෙන්නට ඇති.මේ වැටුනු ජීවිතයෙන් ගොඩ එන්නට අසංක අලහකෝන් නම් සහෝදරයා දුන් අත්වැලද සටහන් කරමි සහෝදර සමීර වීරප්පෙරුම, සහෝදර ඇන්ටන් චාල්ස් තෝමස් දෙවිපියානන්ගෙ අචල ප්‍රේමය අප වෙත ලංකරන්නට දුන් වෙහෙස අපි අමතක නොකරමු.අපේ සදසි දුව අදත් අපට දෙවියන්ගෙ තෑග්ගකි.දුවේ "හමුවේ දිනක ඒ ලස්සන ලොවේ අප"

ඔයාගෙ ආදරණීය අම්මි..තාත්ති...






Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :