ads
News
Loading...

ෂර්ලක් හෝම්ස් හිතන්නෙ කොහොමද?



කැලුම් වැලිගම මෙි වසරේ අපිට මුණගැහෙන්නෙ වෙනස් විදිහෙ පොතකින්?
 ඔබ හරි.මගේ අලුත්  පොතේ නම "ෂර්ලක් හෝම්ස්  හිතන්නෙ  කොහොමද" එය මූලිකවම විශ්ලේෂණාත්මක චින්තනය ගැන ලියැවුනු පුද්ගල සංවර්ධන කෘතියක්.වෙනස් විදියට හිතන්න,වෙනස් විදියට දෙයක් කරන්න අපි අපේ සිතුවිලි හා ජීවනරටාව මෙහෙයවිය යුතු ආකාරය තමයි මෙි කෘතියෙන් පෙන්වා දෙන්නේ 


ජීවිතේ වෙනස් කරන කතා වලින් කැලුම් වටා එකතුවුනු අය මෙි පොත එන්න කලින් තියෙන උනන්දුව ගැන කිව්වොත්
මගේ පොත් කියවන පාඨකයො තමයි මගේ  පොත් සමාජගත කරන ප්‍රමුඛ  බලවෙිගය.බොහෝ දෙනා අලුත් පොත ගැන අහනවා.මොකද ඔවුන්ට  මෙික කුතුහලයක්.මම වසරකට එක පොතක් වගේ තමා නිකුත් කරන්නේ.ඒ නිසා ඒ පොතට කාගෙත් අවධානය යොමු වෙනවා.

ෂර්ලක් හෝම්ස් හිතන්නෙ කොහොමද කියන පොත එලියට එන්න කලින් ඒ ගැන ඔයාට හිතුනු හැටි
ෂර්ලක් හෝම්ස් කියන්නෙ අපේ නව යොවුන් වියේ වීරයා.අනෙක සියවසකටත් වැඩි කාලයක් ෂර්ලක්  ⁣හෝම්ස් චරිතය කියන ප්‍රබන්ධ චරිතය අමරණීයව සාහිත්‍යය තුල ඉන්නවා.අපි හැමෝම ෂර්ලක් හෝම්ස්ගේ කතා කියවල තියෙනවා.නමුත් එම කතා ඔස්සේ හිතලා ෂර්ලක් හෝම්ස් හිතන විදිහ හිතලා ඒ ඔස්සේ නව දැනුමක් නිර්මාණය කරන සිංහල භාෂාවෙන් ලියැවුනු පොතක් නැහැ.ඒ ඔස්සේ හිතත්දි තමයි මෙහෙම දෙයක් කරන්න ඔිනැ කියල හිතුවේ.

සාර්ථකත්වය ට පාර කියන පොත් රචනා වෙි ඉහලින් ඉන්න කෙනෙක් විදියට ඔබ මෙි පොතෙන් යම්කිසි තාර්කික චින්තනයක් ගොඩ නගනවා
යම්විදියක මෙිවැනි පොතකට පාඨක සමාජයේ හිස්තැනක් තිබුනා නේද
 ඔව්.අපේ සාහිත්‍යය තුල වගේම  පොත් කර්මාන්තය තුළ විශ්ලේෂණාත්මක චින්තනය ගැන රසවත් පෙළක් ඔස්සේ ලියැවුනු පොත් අඩුයි.විදේශීය රටවල ෂර්ලක් හෝම්ස් ගේ ජීවන රටාව ගැනම පොත් 100කට අධික  ප්‍රමාණයක් ලියැවිල තියෙනව

ෂර්ලක් හෝම්ස් ලෝ⁣කෙම දන්න චරිතයක්.ඉතින් ඉදිරියෙදි මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් කලොත් හොදයි නේද

ඔව්.එහෙම අදහසක් තියෙනව.මෙවැනි දෙයක් කරන්න සැබෑ කැමැත්තක් තියෙන සැබෑ දක්ෂතාවයක් තියෙන කෙනෙක් එක්ක එය කරන්න බලාපොරොත්තුවෙනවා.

ලේඛකනය විතරක් නෙවෙි අද හැම ක්ෂෙත්‍රයක්ම නාමයන් වට දිවෙනවා.කැලුම් මෙි පොත ඉදිරිපත් කරන්නෙත් වෙනස් විදියට නේද
මම මෙතෙක් නිකුත් කල කිසිම පොතක් එළිදක්වන්න උත්සව පවත්වලා නෑ.මෙි පොතට පවත්වන්නෙත් නෑ.නමුත් මගේ  පොත් වෙළදපොල ට ඉදිරිපත් කරන්න වෙනස් දෙයක් කරනව.2017 අවුරුද්දේ නිකුත් කල පර්සෝනා නවකතාවෙ ගීතය වගේම අන්තර්ජාල පොත් එළිදැක්වීමක් කලා.මගෙ අලුත් කෘතිය වෙනුවෙන් එහෙම අලුත්  දේවල් කිහිපයක් කරන්න ඉන්නෙ.විශේෂයෙන් එම නමින් පුද්ගල සංවර්ධන වැඩසටහනක්.
      මගෙ  ෆේස් බුක් පිටුවෙන් වගේම www.kalumweligama.lk වෙබි අඩවියෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.ජූනි 10 වෙනිදාට පස්සෙ මෙි ෂර්ලක් හෝම්ස් වගේ හිතන්නෙ  කොහොමද පොත සෑම වෙළදසැලකින්ම ලබා ගන්න පුළුවන්.
                           
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :