අද වෙත්දි ගොඩක් කාන්තාවන් ටැක්සියක් එහෙමත් නැත්නම් මීටර් ටැක්සි පාවිච්චි කරනවා.ගෙදර තියෙන වැඩ කටයුතු අතරේ එහෙම අවස්ථාවක ත්‍රීරෝද රථයක් එනතුරු ඉන්න එක සාමාන්‍ය දෙයක්.ඉතින් ත්‍රීරෝද එහෙමත් නැත්නම් කුලී කැබ් පාවිච්චි කරන අයගේ දැනුමට දැනගන්න කාරණා කිහිපයක් ගොසිප්ලන්තය woman එක්ක එකතුවෙලා ඉන්න ඔයාලට අපි කියනවා.

පෞද්ගලිකත්වය සඟවන්න
ඔයා තනිවම ජීවත්වෙන කෙනෙක් නම් කොයිවෙලේකවත් ඒ ගැන කුලී රියැදුරාට අගවන්න එපා විශේෂයෙන්ම පෞද්ගලික තොරතුරු ඔහුත් එක්ක පවසන්න එපා.විශේෂ කුළුපගවීම බොහෝ වෙලාවට අනතුරක් අත ලග වෙන්න පුළුවන්.
" නෝනා කෙහෙද ගියේ"
" ගෙදර ඔිනැ දෙයක් කියන්න" යන වචන කියාගෙන මිතුරු වෙන එක මෙි රියැදුරන්ගෙ විදිහයි.ඉතින් ඒවට අහුනොවී ඉන්න ඔයා දැනගන්නම ඔිනෑ.රථයේ ගමන් කරන විට තම දුරකථනය රින් කර මොබයිල් එක සයිලන්ස් කර තමාගේ විශ්වාසවන්තයා සමග කතා කරන ආකාරයට අඟවන්නත් ඔයාට පුළුවන්.
බෝඩිමක ජීවත්වන අයෙක් නම්
ගොඩක් වෙලාවට නේවාසිකව රස්සාව කරන කෙනෙක් නම් ඔයාට මෙි වගේ රියැදුරන් ගැන ලොකු අත්දැකීමක් ඇති.හැම වෙලේම එකම කෙනෙක් එක්ක ගමන් කරනවා නම් ඒ ගැනත් ප්‍රවෙිශම් වෙන්න .මොකද එයා ඔයා ගෙ කාල රාමුව ගැන හොදට දන්න හින්දා අනතුරක් කරන්න පුළුවන් ඉඩ කඩ වැඩියි.
පාළු මාර්ග භාවිතයෙන් වළකින්න
ත්‍රී රෝද රථ ෂෝට් කට් ගහන රියදුරන්ගෙන් බහුලයි.වෙලාවටත් කලින් ගෙදර යන්න හිතලා ඔයා කිසිම වෙලාවක පාළු පාරවල් යොදා ගන්න කෙනෙක්ගෙ වාහනේට නගින එක නම් එච්චර සුදුසු නෑ.
ත්‍රීරෝද රථයෙහි සිට දුරකථන ඇමතුම් ගැනීම එක්තරා අතකට පරෙස්සම් විය යුතු කාරණාවක්.ඔයා ගෙදර තනිව සිටින වෙලාව,හිත්තැවුල් ආදිය මෙම ඇමතුම් වලින් එම රියදුරන් හට වටහා ගැනීමට හැකියාව තියෙන හින්දා හැකිතරම් ඇමතුම් වලදී ආරක්ෂාවට බාධක වන කාරණා කතා බහින් වළකින්න.
නිවෙස් පරිශ්‍රය
"ගෑස් එක මාරු කරගන්න බැරිව ඊයෙ අර ත්‍රීවිල් මල්ලි මාර උදව්වක් කලේ"
ගෙදර තනියම ඉන්නවෙලාවක ගෑස් ඉවර උනොත් කුලීරථ රියැදුරා ට කියල ගෑස් එක මාරු කරගන්න එක ගෘහනියන්ගෙ සිරිතක්.හැබැයි ඔයා එතනදි ලොකු අවධානමක් ගන්නව.අපිට මිනිස්සු විශ්වාස කරන්න බෑනෙ.අනික ගේ ඇතුලෙ දොරවල් ජනෙල් තියෙන විදිහ ගැන ඒ අය හොද ට බලාගෙන පස්සෙ දවසක හොරකමකට උනත් එන්න ඉඩ තියෙනව.
ගොසිප්ලන්තය woman හරහා අපි තවත් දවසක අලුත් දෙයක් අරන් එන්නම්.
0 Comments :
Post a Comment