ads
News
Loading...

චැට් ලෝකෙ විසේකාරයාගෙ හිතගත්ත තාරකාවියක්?


 පැය පනහේ  රේඩියෝ   වැඩසටහනක් කලෙත් මමයි...

මම ප්‍රාර්ථනා කරන්නෙ ලබන ආත්මෙ bob marley වගේ ගායකයෙක් වෙලා ඉපදෙන්න කියල...

ටීවී වන් නාලිකාවෙි අද මෙහෙමයි චැට් වැඩසටහන් අතර  ගොඩක් ජනප්‍රියයි.හැම ඉරිදම උදේ දහයට ආට්ස්ලව ප්‍රශ්න කරන මෙි විසේකාරයා අද  ගොසිප්ලන්තය සතිඅන්තයට ගොඩ වුනා.

ගනේෂ් ව ගොඩක් අය අදුනන්නෙ චැට් ලෝකෙ අලුත් වෙනස විදියට
එහෙම කියනවද? සතුටුයි

කාලෙකට කලින් ක්ෂෙත්‍රයේ මුලින්ම වැඩ පටන්ගත්තෙ රේඩියෝ වලින් නේද?
ඔව් මුලින්ම ශ්‍රී FM,ඊට පස්සෙ Rhythm fm

මාධ්‍ය ඇතුලෙ නමක් හදාගන්න එක හිතන තරම් ලේසි නෑ
අප්පේ ඔව්.මේ කාලේ තවත් අසීරුයි ඒක.කැපවීම ඉවසීම තියෙන්න ඔිනේ සෑහෙන්න


ඔය අතරේ රේඩියෝ කලාව ඇතුලෙ වැඩසටහන් කරත්දි අමතක නොවන තැනුත් ඇති
ගොඩක් තියෙනව දවසක් එක් පිරිමි ළමයෙක් කතා කරල කිව්ව අයියෙ මගේ ගෑනු ළමයගෙ නම සංජීව නී.එයා මගෙත් එක්ක තරහ වෙලා.මම එයාට ගොඩක් ආදරෙයි කියල රහසින් කියන්න කියල..

Rhythm fm අපි තමයි ලංකාවෙ දිගම radio programme එක කරේ.සංගීත කන්ඩායම් 50'ගායක ගායිකාවො 150.පැය 50 එක දිගට.අදටත් ඒක වාර්තාවක් RHYHM NIGHT MEGA SHOW.මමයි ඒ වැඩසටහන නිෂ්පාදනය  කරේ.

ඔය අතරේ tv media වලට එන්නත් හිතේ හීනයක් තිබුනා
නේද?
කොහොමත් මට මුල ඉදම්ම TV ආසාව තමයි තිබුනෙ.
RADIO ඉන්න අතර වසර 8 උත්සාහ කරා TV එකක වැඩ කරන්න.උදය දේවාමුල්ල.චාමික සිරිමාන්න.බුද්දික වික්‍රමාදර.රොශාන් ප්‍රනාන්දු .ශර්ලි පී දෙලංකාවල උදව් කරා ඒ හීනෙට


චැට් පැත්තට ආව විදිහ ගැනත් කියමු
Tv1 CHANEL එකට මාව තෝරගත්තෙ බුද්දික වික්‍රමාදර මහත්මයා.එයාම තමයි CHAT PROGRAMME එකට මාව ගැලපෙනව කියල තීරනය කරේ



ඔය අතරේ ගනේෂ් ගෙ විලාසිතාවත් වෙනස් වුනා නේද?
ඔයා අහන්නෙ යුරේනි හිල් හොයපු ඩෙනිම ගැන
කොහොමත් මගේ විලාසිතා ටිකක් වෙනස්.මම ආස uncommon විදිහට අදින්න

කවුරුත් නොදන්නව වුනාට ගනේෂ් රෙගේ වල තද රසිකයෙක්
අප්පෙ ඔව්.මම ආසම music style eka regge.මම ප්‍රාර්තනා කරන්නෙ ලබන ආත්මෙ bob marley වගේ ගායකයෙක් වෙලා ඉපදෙන්න කියල.

ඔයාගෙ වැඩසටහන චැට් අතර මුලටම ඇවිත්
එහෙමද...අපේ try ඒකට තමා..

මෙි වැඩසටහනේ එන තරු ගැන විස්තර දෙන්නෙ එයාලගෙම ලගම අයලු නේද?
ස්තුති කරන්න ඕනේ කලා ලෝකේ මගේ මිතුරන්ට..ප්‍රවීනයන්ට හැමෝටම


ඔය අතරෙ ඔයාගෙනුත් සමහර අය අනිත් පැත්තට එකපාර ප්‍රශ්න කරන අයත් එනව නේද?
ඔව් ඔව් මම ඒකට කැමති
මොකද හැමදාම මමනෙ ප්‍රශ්න අහන්නෙ

ගනේෂ් ට හිත ගිය තාරකාවියක් එහෙම නැද්ද?
මොකද නැත්තෙ ඉන්නවා ඉන්නවා

නිවෙිදනයෙන් රගපාන්න යන්න ආරාධනාත් ලැබෙනවලු නේද
ඔව් ඒත් මම තාම ඒකට සුදුසු නෑ

ගෙදර අය ගැනත් මතක් කරමු
අම්මයි මල්ලි නංගි ඉන්නෙ.මටත් මමත් වැඩියෙන්ම ආදරේ කරපු කෙන මගේ සීයා.අද වෙද්දි මම එයාව දකින්නෙ හීනෙන් විතරයි.තාත්තත් ජීවතුන් අතර නෑ


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :