නයෙක්,සර්පයෙක් දැක්කහම ඉක්මනටම බය වෙන්නෙ ගැහැණු ළමයිනෙ.ඒත් මෙි කියන්න යන්නෙ උග්‍ර විෂ සර්පයන්ව ආදරෙන් මෙල්ල කරන අමුතු කෙල්ලෙක් ගැන.මෙයාව දැකගන්න ලැබුනෙ ශිරොමිනි කියන විෂ වෛද්‍යවරියගෙ ගෙමිදුලේදී.
පිඔුරා,මාපිලා,කුණ කට්ටා,නාගයා වගේ අති විෂ තියෙන සර්පයන් ව කරේ දමාගෙන ඇය කරන අපූරු විස්කම අමන්දානන්දනීයයි.මීට පෙරත් ඉංදියාව වැනි රටවලත් එමෙන්ම යුරෝපයෙනත් මෙවන් පුද්ගලයන් හමුවුවද කාන්තාවකට මෙවන් දක්ෂතාවයක් කිරීමට හැකි වීම ගැන කවුරුත් පුදුම වෙනව.
සතුන්ට ආදරේ කලොත් අපි සතුන්ව රැකබලාගත්තොත් ඒ ආදරය කරන කලාව ඉගෙන ගත්තොත් උන්ගෙන් අපිට කරදරයක් නෑ.මෙි පින්තූර වල ඉන්නෙ භාග්‍යා කියන තරුණිය කියලයි ශශී නමැති මෙම පින්තූර දාපු තැනැත්තිය සදහන් කර තිබුනෙ.

0 Comments :
Post a Comment