ads
News
Loading...

ඒ ඒ අයගේ කැමැත්ත අපිට මොකුත් කියන්න බෑ


       හැමදාමත් වෙනස් චරිත මවන පියුමි  බොතේජු  ගොසිප්ලන්තය ට  ගොඩවුනේ කාලෙකට පස්සෙ.
 පියුමි මෙි දවස්වල මොනවද වෙන්නෙ?
සුපුරැදු විදිහට වැඩ කරගෙන ගොඩක් සතුටින් ඉන්නවා

රංගන කටයුතු වලට අමතරව පහුගියපදවස්වල හිත තිගැස්මෙන් තිබුනු කාලයකුත් තිබුන?
අනේ ඔව් මගේ දරැවෙක් වගේ මං හදපු මගේ මිලෝ මැරැනා. ඊට පස්සේ අනිත් කෙනා ජේලෝ එයාව නැති වුනා පස්සේ මේ මුහුණු පොතේ ආදරණීය හිතවතුන් නිසා ආපහු එයාව හොයා ගත්තා.


ඔය අතරෙ මෙි දවස්වල පටන්ගත්ත අලුත් රංගන වැඩ එහෙමත් ඇති
  දැනට පැකේජ් විකාශය වෙනවා ඒ වගේම රාජයෝගයේ අලුත්ම චරිතයක් හරහා දැක ගන්නත් පුලුවන් වෙනවා තව අලුත් නාට්ටිය කට කතා කලා තාමත් සාකච්ඡා මට්ටමේ ඒක

විලාසිතා තෝරගත්දි පියුමි ගොඩක සැලකිලිමත් වෙන්නෙ මොනව ගැනද?
මන් නිතරම මගේ ඇගේ හැඩයට සරිලන ඇදුම් තමයි තෝරන්නේ අලුත් විලාසිතා වලට මං ගොඩක් කැමති



අද වෙත්දි facebook වලටත් වඩා instergrm 
හරහා තරු බිහිවෙන්න පටන් අරන්.මෙි ගැන අදහස
හාහ්හාහ්හ ඕකට ඉතින් හිනාවෙනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ

අද ලංකාවෙි නිලියක් ට ගැලැමර් එක නැතිව ඉස්සරහට යන්න අමාරුයි ද?
නෑ දක්ෂයෙක් නං කාටවත් වට්ටන්න බෑ


ශරීරයෙ හැඩ පවත්වාගෙන යන්න ජිම් යනවනෙ.ඉතින් සමහර අය එතන වැඩිපුර අමුතු ඉරියව් එක්ක වීඩියෝ කරනව.පියුමි මෙික දකින්නෙ කොයි විදියටද?
ඒ ඒ අයගේ කැමත්ත අපිට ඒවට මුකුත් කියන්න බෑ


පියුමි ගායනවටත් දක්ෂයි නෙ ඇයි ගීතයක් කරන්න නොහිතන්නෙ?
අපෝ නෑ කවුද කියන්නේ මං ගායනයට දක්ෂයෙක් කියලා.බැරිවැඩ නොකරන් අබරෝ කියනවනේ

පියුමි ව හැඩ කරන අය ගැනත් මතක් කරමු නේද?
   අවුරුදු දහතුනක් තිස්සෙම මාව මෙිකප් කරල ලස්සන කරන්නෙ දර්ශන පෙරේරා මල්ලි

දර්ශන පෙරේරා සමග
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :