ads
News
Loading...

කොළඔ රිය ධාවනය උගන්වන හොදම උපදේශිකාව මෙන්න



පුහුණුවට නිවසටම ඇවිත් එක්කගෙන යනවා...

වසර දහ අටක අත්දැකීම් සමඟ VIP පුහුණු  සේවාව....

අද පවතින සංකීර්ණ සමාජයත් සමඟම රථවාහන වැඩිවෙමින් තියෙනව⁣.කෙසේ වෙතත් වැඩිවෙන රථවාහන කෙසේ වෙතත් ඔයා තරුණියක් නම් අගනුවර අවට ඉන්නව නම් රියදුරු බලපත්‍රය අරගෙන තමන්ගෙ වාහනයකින් ගමන් කරන්න කැමති ඇති.අද ගොසිප්ලන්තය ට ගොඩවුනේ  මහේෂි නාලිකා.ඇය තමයි කොළඔ පළාතේ අති දක්ෂම රියදුරු උපදේශකවරිය වෙන්නෙත්.අලුත් අයට ගැලපෙන විදියට ආරක්ෂාකාරී ගමනකට උදව්කරන මහේෂි අපිත් එක්ක මෙහෙම කතා කලා.

රථ වාහන උපදේශිකාවක් වෙන එක ගොඩක් භාරදූර වගකීමක් නේද?

    ඇත්තටම .ලොකු වගකීමක්.මොකද⁣ මෙික ප්‍රායෝගික ක්‍රියාවලියක්.

මහේෂි කොයි කාලෙද මෙි ක්ෂේත්‍රයට පිවිසියේ?
 2000 වසරේ මෙි ක්ෂේත්‍රයට පිවිසියා.දැන් වෙනකොට අඛණ්ඩව අවුරුදු දහ අටක් සේවය ලබාදෙනවා.

ක්ෂේත්‍රයට ආපු කාලයට වඩා තරගකාරිත්වය වැඩියි.

  මට අභියෝගාත්මක තරඟකාරිත්වයක් ගැන හිතනවට වඩා මම හොද සේවයක් ලබාදීම ගැනයි මුලින් හිතන්නෙ.උගන්වල ලයිසන් විභාගය පාස්කරනවට වඩා දෙයක් මම ඔවුන්ට ලබා දෙනවා.ඒ හින්දම මගෙන් ඉගෙන ගත්ත අය මාව තවත් අයට සම්බන්ධ කරල දෙනවා.

රිය පුහුණුව ගොඩක් අය සිදුකලාට කාන්තාවන් වෙනුවෙන්ම ඉන්න උපදේශිකාවක් වෙන එකත් අමාරු දෙයක්  නේද?

  කාන්තා උපදේශිකාවක් වෙන්න හේතුව ඒ අයගේ ආරක්ෂාව ගැන මූලිකව හිතන එක තමයි.විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් කැමති කාන්තා උපදේශිකාවක්ගෙන් වාහන පුහුණුව ඉගෙන ගන්න.ආරක්ෂාව වගේම,විශ්වාසනීයත්වයෙන් නිරවුල් මනසකින් ඉගෙන ගැනීමට හැකිවීම තමයි අනිත් හේතු වෙන්නෙත්.

ඔබ ලබාදෙන සේවය විශේෂයි නේද?
   රියැදුරු ආසනේ වාඩි නොවුනු කෙනෙක් වුනත් මම කියන දේ අනුව ප්‍රායෝගිකව අදියරෙන් අදියර මම එයාලට කියල දෙනව.එතකොට ඒ අයට එය ලෙහෙසි වෙනව ඉගෙන ගන්න.මනා අවබෝධයක් දිලා තමයි ප්‍රයෝගිකවඋගන්වන්නෙ

පුහුණුවට පැමිණෙන කෙනා වෙනුවෙන් ඔබ කරන සාධාරණයත්වය ගැනත් කියමු

   මගෙන් ඉගෙන ගත්ත කෙනෙක් ට මං අයකරන මුදලට උපරිම සේවය දෙනවා.ගොඩක් රියදුරු ආයතන යන්තම් හරි ගොඩ දාන්න ගියත් මම එතනින් මිදිලා ඉන්නෙ.තනියෙන්,විශ්වාසනීය ලෙස කොළඔ නගරයේ මාර්ග පරිසර අවබෝධය ලබා දෙනවා.

මෙි සේවය අතරතුර ලබපු අමතක නොවන අත්දැකීමුත් අැති?
   වත්තල ප්‍රදේශයෙන් තරුණියක් ආවා .එයා ලර්නස් හතරකට ගිහින්.විභාගෙ දෙපාරක් ලියල එකපාරක් අසමත්වෙච්ච කෙනෙක්.මෙික ෆේල් වුනොත් සියදිවි හානි කරගන්නව කියල.මම එයාගෙ මානසික මට්ටම හදලා රිය පුහුණුව උගන්වල පාස් කලා.එයා පහුවදා මට තෑගි බෝගත් අරන් ආවා.

සාමාන්‍ය රියැදුරෙක්ට ප්‍රශ්න තියෙත්දි වාහනේකට නගින්න එපා කියල කියනවනෙ.රිය ඉගැන්වීමෙදිත් එහෙම නේද?
     මමත් ඒක කියනවා.සමබර මානසික මට්ටමක් අනිවාර්යයෙන් ම අවශ්‍ය වෙනවා.මම අවුරුදු දහ අටක් මෙි සේවයෙ නිසා රියැදුරු අසුනේ ඉදගන්න කෙනෙකුගේ හිත ගැන කියන්න පුළුවන් . අන්තිම පාඩම හොදින් මතක තියාගෙන තමයි ඊලග පාඩමට යන්නෙ.සමහර වෙලාවට කෙනෙක් අමුතු විදියේ ඉරියව්වක් දැක්කොත්.මම අහනවා අද ඔයා ඉන්නෙ මානසික පීඩනයකද කියල.එයාලා කියනවා.ගෙදර රණ්ඩුවක් වුනා.පොඩි කෙනාට අසනීපයි වගේ කාරණා.එවිට මම එයාට කියනව අද මෙි දේවල් ඉගෙන ගන්න හොද දවසක් නෙවෙයි කියල එයාව මානසිකව හදලා උගන්වනව.මොකද මානසිකත්වය හොදින් නැති වෙලාවට උගන්වන දේවල් මතකයේ තියෙන්නෙ නෑ.

ප්‍රායෝගික දැනුම ලබාදෙන අකාරය කොයි වගේද?

 අනිත් රියැදුරු පාසැල් විනාඩි විස්සක් පැය භාගයක් කොළඔ 2,4,5 වගේ මාර්ගවල ලබා දෙනවා.නමුත් මම පැයේ lessons 10 ක් සිදුකරනවා ඒකයි විශේෂත්වය.

විශේෂත්වය ගැන කියනකොට ඔබ ලබාදෙන VIP සේවාව අමතක කරන්න බෑ  නේද?
  අනිවාර්යයෙම.මම දකින්නෙ එකිනෙකාගෙ තරාතිරම්,සමාජමට්ටම් අනුව තීරණය වෙනව.ඉහල පන්තියේ අය ගෘප් ක්ලාස් වගේ ඒවට එන්නෙ නෑ.කිහිපදෙනෙක් එකම වාහනේක දාගෙන ගිහින් උගන්වන එකට නොඑන අය  ඉහල සමාජයේ අය ට ⁣තනි තනියෙන් ගේ ලගට ගිහින් වාහනේට ගොඩ කරගෙන පාඩම් ඉවර කරලා  නිවසින් නැවත බස්සනවා.වායුසමනය කල පහසුකම් සහිත වාහන මම පාවිච්චි කරනවා.ඒ අයටත් හැම පහසුකමක්ම ලබාදෙනවා.

පවුලෙ විස්තර ටිකක් කියමු
  මට දුවෙක් ඉන්නවා.මගේ මහත්තයා පෞද්ගලික ආයතනයක කළමනාකරණයක  ලෙස වැඩ කරනව.
ඇය තම සැමියා සමඟ

සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු
 උපරිමයෙන් ලැබෙනව.මම දවසේ වැඩ කටයුතු එදා හවස එයා එක්ක කියනව.එයා මට ගොඩක් දේවල් කියල දෙනවා.මම කොච්චර රාජකාරි තිබුනත් පෞද්ගලික ජීවිතයයි පටලවගන්නෙ නෑ.

අලුතින් රිය ධාවනයට පිවිසෙන තරුණියන්ට කියන්න තියෙන දෙයකුත් ඇති

දැනට තියෙන වාහන තදබදයත් එක්ක ඉවසීම,සංවරයක් සමග මාර්ග සංඥා ,මාර්ග නීති දැනගෙන ආරක්ෂාව යටතේ රිය පැදවීම ඉගෙන ගන්න ඔිනැ.වාහනයක් තියෙන ගෙදරක රියැදුරාගෙන් ලැබෙන පුහුණුව ට එහා ගිය පුහුණුවක් ලබාගෙන්න හොද උපදේශිකාවක් හෝ උපදේශකයෙක් හමුවීම අනිවාර්යයෙන් ම කලයුතු දෙයක්.

රිය පුහුණුව අවශ්‍ය කාන්තාවකට මහේෂිව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය ගැනත් කියමු නේද?
    0779942473 වගේම 0112723347 ට කතාකරල හරි දෙහිවල,වෛද්‍ය පාර නො127/c දරන ස්ථානයට ඇවිත් හෝ මගෙන් උපදෙස් ලබා ගන්න හැකියාව තියෙනව.
      
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :