ads
News
Loading...

මංගලාගෙන් විශාරද නන්දා මාලිනී එක්ක යුග ගීයක් ?


   *  අලුත් මියුසික් වීඩියෝවකුත් කරන්න සූදානමක් තියෙනව...

   ළගදිම විශාරද විභාගයත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනව.

සංගීතය විශ්ව භාෂාවක්.ඒ වගේම සංගීතය කරන්න ,ක්ෂේත්‍රයට එන්න සුවිශේෂී දක්ෂතාවයක් තියෙන්න ඔිනා.අද අපි කියන්න යන්නෙ ඒ වගේ දක්ෂ කෙනෙක් ගැනයි.මංගලා ගුණරත්න.ඇය වෘත්තියෙන් රාජ්‍ය අංශයේ අධ්‍යක්ෂිකාවක්.පොල්ගහවෙල  ළමා සමාජයෙන් සංගීතයට ආපු මංගලා ගොසිප්ලන්තයට ගොඩවුනේ අලුත්ම ආරංචියක් එක්කයි.

මංගලා ඉතින් කොහොමද ?
  හොදින් ඉන්නවා.ලැබුවා වූ 2019 අලුත් අවුරුද්ද හැමෝටම වාසනාවන්ත අවුරුද්දක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.

පහුගිය දවස්වල කරපු නත්තල් සිංදුව ගැන ගොඩක් අය කතාවුනා නේද?
    ඔව්, මට ලැබුනු විශේෂ අවස්ථාව ගැන මතක්කල යුතුමයි."සැම අත දිලිසෙන නත්තල් දා"ගීතය සංගීතවත් කලේ අජිත් ජයවීර,රචනය කලේ රොමෙිෂ් A.සිල්වා.


කාලෙන් කාලෙට ඒ කාලෙට හරියන්නත් සිංදු කරනව නේද"
       නත්තල් දවසට නත්තල් සිංදුවක් වගේම.ජනවාරි පළවැනිදා පටන් ගත්තෙ බෞද්ධ ගීතයකින්."මෙත් කරුණා දෑස සොයා" ගීතය සංගීතය අජිත් ජයවීර,රචනය මාධව මුතුකුඩආරච්චි.

සංගීතයට පුංචි කාලෙ ඉදන් ආසා කෙනෙක්ද?
    ඇත්තටම ඔව්.පුංචි කාලෙම මම ගොඩක් වෙලාවට සිංදු මුමුණන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබිල තියෙනව.අනිත් කාරණය මම පාසැල් ගියේ කුරුණෑගල ලක්දාස විද්‍යාලයට.උසස්පෙළින් අංශයෙන් ලංකාවෙන්ම තුන් වැනියා වුනා.

හැමදේම සමබරව ගෙනියන්න ඉඩ කඩ තිබුනද?
    මෙහෙමයි ඉස්කෝලෙ කාලෙ නම් ඉඩ කඩ සංගීතයට වැඩියෙන් යෙදෙව්වා.ඉස්කෝලෙ තිබුනු ගායන  තරඟ හැම එකකටම සාභාගි වෙල ජය ගත්තා.එක්තරා ගායනා තරඟයකදී මම සතිස්චන්දා එදිරිසිංහ මහත්මයගෙ ගීතයක් සාරියක් ඇ⁣දගෙන ගුරුවරියක් විදියට  රංගනයක් එක්ක ගායනා කලා මතකයි.

ඔය කාර්ය බහුල වටපිටාව අතරෙ ගුවන් විදුලියෙ ගායන ශිල්පිණියක් විදියටත් යන්න හිතනවලු.
   මම සරල ගී පරීක්ෂණ වලින් සමත් වුනා. ළගදිම විශාරද විභාගයත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනව.

ඔබගේ ගීතවල සුවිශේෂී බවක් තියෙන්නෙ එය ඔිනැම පරපුරකට විදින්න හැකි නිසා ⁣වගේම එකම ආරකට කොටු නොවන නිසා නේද?
   මම ඉස්සර ඉදන්ම කැමතිම ඒ විදියට.මට හොදටම මතකයි ඒ කාලෙ විශාරද නන්දා මාලිනී මහත්මිය ගේ  ගීත මම ගායනා කරන විදිහ.ඒ කාලෙ ඉදන්ම කැමති ඇගේ ගීත වලට.මම නන්දා මාලනීගේ පවන,සත්‍යයේ ගීතය වගේ ඒක පුද්ගල ගී ප්‍රසංග මඟ හරින්නැතිව  බලන්න ගියා.

කවදා හරි ඇයත් එක්ක යුග ගායනාවක් කරන්න අදහසක් තියෙනවලු නේද?
   එහෙම අදහසක් නැතුවමත් නෙවෙයි.ඇයවම මට හමුවන්න ලැබුනෙ එකම එක දවසක් විතරයි.පොල්ගහවෙල පුරහලේ දී දවසක් සත්‍යයේ ගීතය ඉවරවෙල මට ඇයව හමුවෙන්න ලැබුනා.එය මගේ මතකයේ තියෙන සුවිශේෂී අවස්ථාවක්.
ඔබගේ ගීත වලට ප්‍රවීනයන් වගේම අලුත් අයත් එකතු වුනා නේද?
  විශේෂයෙන් කියන්න ඔිනා ආචාර්ය රත්න ශ්‍රී  විජේසිංහගෙ "නාද නොකරම රිදී සීනුව" ගීතය ගැන.එතුමා මුණගැහුනම මෙි ගීතය මට දීලා ගයන්න කිව්වා.  "ඇයි නුඔ යන්නම යන්න හදන්නේ","කිංකිණි හඬනා","ප්‍රේම සිත්තරා","සුපෙම් දිවියේ පැතුම් හැරදා" වගේ ප්‍රේම ගීත ගණනාවක් ම ගායනා කරල තියෙන නිසා මව් ගුණ ගීතයක් ලියල දෙන්න තීරණය කලේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයයි.ඒ වගේම ගීතයට තනුව ලබා දුන්නෙ අනුරාධ අබයසිංහයි.
      මං බලාපොරොත්තු වුනාට වඩා රත්න ශ්‍රී මහත්තයා හොද ප්‍රතිචාර ලබාදුන්නා.ඒ වගේ ප්‍රවීනයෙක්ගෙන් හොද අහන්න ලැබෙන එකත් සතුටක්.

වෘත්තියෙන් ඔබ රාජ්‍ය සේවයේ ඉහල පුටුවක තීන්දු තීරණ ගන්න කෙනෙක්.සංගීතය කොච්චර දුරකට ඔබට බලපානව ද?
ඔව්,වෘත්තිය එක්ක සමබරව කරගෙන යනවා.මට සංගීතය හින්දා ලොකු සැහැල්ලුවක් දැනෙනව.විශේෂයෙන් කාලයක් තිස්සේ සංගීතය නවත්තල ඉදල පටන්ගෙන කරත්දි ඒ වෙනස ත්‍රීවූර වෙනව.

මංගලාගෙ යූ ටියුබ් චැනල් එකකුත් තියෙනව.
  ඔව්.ඔයාලට පුළුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.අලුත් ගීත අහන්න ඔයාලටත් පුළුවන්

ගීත වලට රූප රචනා කරන්නෙ නැත්තෙ අයි?
හොද ප්‍රශ්නයක් .මෙි දිනවල ඒ ගැනත් කටයුතු සාකච්චා කරමින් සිටිනවා.ඒ වගේම තවත් අලුත් ගීතයකට සූදානම් වෙනව⁣.විශේෂයෙන්ම නදීක ජයවර්ධන ,නිහාල් චන්ද්‍රසේකර,අනුරාධ අබයසිංහ සංගීතවත් කරන ගීත තුනකට සූදානම් වෙනවා.තරිදු සිල්වා,නිහාල්,සුරංක ඉරෝෂන් යන අය පදරචනයෙන් ඒ සදහා එකතුවෙනවා.

ඔබ ගායකාවකට ලැබෙන සුවිශේෂී අවස්ථාවත් මුලින්ම හිමිකරගත්ත කෙනෙක් නේද?
   ඔව්,ප්‍රවීන රංගධර ජයසේකර අපෝන්සුගේ නවතම සිනමා නිර්මාණය " තරු සොබා "චිත්‍රපටියේ පසුබිම් ගායකාවක් විදියටත් ඉදිරියේදී දැකගන්න හැකි වෙිවි.

කලාව එක්ක ඉන්න කෙනෙකුට තමන්ගෙ සහකාරයා දෙන උදව්ව ගොඩක් වටිනව.
   ඒ ගැන කතාකරත්දි මගෙ ආදරණීය සැමියා චතුර රදම්පොල ගෙ සහය ගැන කියන්නම ඔිනා.ඉතින් මම එයාටත් ස්තුතිවන්න වෙනවා.

රසිකයන්ට කියන්න දේකුත් ඇති?
     බලාගෙන ඉන්න.ලගදිම මගෙ අලුත් මියුසික් වීඩියෝවක් එනව⁣.

නාද නොකරම රිදී සීනුව ගීතය පහතින් නරඔන්න



ප්‍රේම සිත්තරා ගීතය පහතින් නරඔන්න





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :