ads
News
Loading...

කීරිති ලක්ෂ්මන්ගෙ සිංදුවට මොකද කලේ ?

   
          ප්‍රියන්ත කොඩිප්පිලි කියන්නෙ දිගින් දිගටම කලාව ගැන විවෙිචනය කරන කෙනෙක් .මහේන්දා ,සරත්,හර්ෂ,රජිත ව⁣ගේ අයව විවෙිචනය කරපු ප්‍රියන්ත මෙි පාර කට ඇරියෙ ගායක ගායිකා සංගමයේ ⁣සභාපති කීර්ති පැස්කුවල් මහත්තයට විරුද්ධවයි.ඒ ගැන ඔහුගේ සටහන පහතින්

  උපුටාගැනීම -ප්‍රියන්තගේ මුහුණු පොත

යූ ටියුබ් එකේ වීඩියෝවක් දැක්ක.මෂප් එකක්ලු.සමිතා මුදුන්කොටුව එක්ක කීර්ති පැස්කුවල් කියන්නෙ.සිංදු කීපෙක මික්ස් එකක්.මෙතන තියෙනව සමිතා ලක්ෂ්මන් විජේසේකර එක්ක කියපු "ඉර පායා" සිංදු වගෙම " සිනා පිපෙනා" සිංදුවත්.මේක ජයටම කරපු වීඩියෝ එකක් වගේ තමයි බැලූ බැල්මට පේන්නෙ.
සමිතගෙ සම්බන්ධය ඇරුනම මේ සිංදුවල මුල් අයිතිකාරයො මේ රීමේක් කිරිල්ල ගැන දන්නවද දන්නෙ නෑ. අපි නිකමට වගෙ හොයල බැලුව මේ සිංදු දෙක ලියපු කුමාරදාස සපුතන්ත්‍රිගෙනුයි චන්ද්‍රරත්න මාපිටිගමගෙනුයි මේ ගැන ඒය දැනුවත් කරලද මේ වැඩේ කරල තියෙන්නෙ කියල.ඒ දෙන්නම කිව්වෙ මේ ගැන හාංකවිසියක් දන්නෙ නෑ කියල.මේ සිංදු දෙක සංගීතවත් කරපු ලක්ෂ්මන් විජේසේකරයි රෝහණ වීරසිංහයි මේ මෂප් එකට කැමතිද දන්නෙ නෑ. 
සංගීත ක්ෂේත්‍රයේ මුර දේවතාතවො වගේ ඉන්න අයම අයිතිකාරයින්වත් දැනුවත් නොකර මේ වැඩ කිරීම මරු.ජනාධිපතිට කියල රැප් තහනම් කරන්න වුණත් පුළුවන් කියල ටෝ්ක් දෙන අය නිසා ඕන දෙයක් කරන්න අයිතිය මේ අයට ඇති සමහරවිට. මේව යූ ටියුබ් දාල සල්ලි හම්බකරද්දි ඒව ලියපු අයට එහෙම කර්තෘභාග දෙනවද දන්නෙ නෑ.
දැන් මේකට සමහරු රෙදි උස්සගෙන එයි "පට්ට නිහතමානී, අනුන් ගැන ඕන වෙලාවක හිත උණුවෙන කීර්ති පැස්කුවල් විවේචනය කරන්නේ කොහොමද" කියල.හැබැයි මේව අහිංසක වැඩමද කියලත් හොයල බලන්න වටිනවා.කීර්තිගෙ හඬ නරක නැති වුණත්  ලක්ෂ්මන් විජේසේකරගෙ හඬින් මිහිරට අහපු සිංදු කීර්ති පැස්කුවල්ගෙ හඬින් අහන්න වෙනව කියන එක.....
(වීඩියෝ එක යූ ටියුබ් බලන්න)
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :