ads
News
Loading...

ලංකාවෙන් වස විස නැති දුම්වැටියක් ....?




ආයුර්වේද විද්‍යාවට අනුව දුම් ඉරීම පංච ක්‍රමයේ එක් ක්‍රමයක් වූ නස්න ධූම පානය වන බවයි. මේ සඳහා නිර්දේශිත ඖෂධ වර්ග වල ශාක දහනය කිරීමෙන් නැගෙන දුම් රෝගියාට ආඝ්‍රහනය කිරීමට සලස්වා එමගින් වායු කෝටර විචත්‍ර වී පීනස් රෝග හා ශිර්ෂබාධ රෝග සමනය වන බවයි.

නිකොටින් විෂ රහිත දුම් කොළ ‍නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී ඇත.

නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්‍රයද ලබා ගෙන ඇත. වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. එදා මෙන් නොව අද විෂ සහිත ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි. ආයුර්වේද විද්‍යාවට අනුව දුම් ඉරීම පංච ක්‍රමයේ එක් ක්‍රමයක් වූ නස්න ධූම පානය වන බවයි. මේ සඳහා නිර්දේශිත ඖෂධ වර්ග වල ශාක දහනය කිරීමෙන් නැගෙන දුම් රෝගියාට ආඝ්‍රහනය කිරීමට සලස්වා එමගින් වායු කෝටර විචත්‍ර වී පීනස් රෝග හා ශිර්ෂබාධ රෝග සමනය වන බවයි.


දුම්කොළ පිළිබඳව කරන පර්යේෂණ වලදී දුම්කොළ වල අඩංගු නිකොටින් සහිත විෂ ශරිර සෞඛ්‍යයට අහිත කර බව ඔප්පු වී ඇත. එමඟින් හෘදයාබාධ හා පිළිකා වැනි මාරාන්තික රෝග වලටද හේතු කාරක වේ. මෙම දුම්වැටිය සියයට සියයක්ම නිකොටින් විෂ සහිත දුම්කොළ නොයොදා ග්‍රීන්ලීෆ් නමින් නම් කර ඇති මෙම දුම්වැටිය හඳුන්වා දීමෙන් පාවිච්චි කිරීමෙන් ද ඉතා විශ්වාස ලෙස පැවසිය හැකි බවයි. දේශීය ඖෂධ ශාක වලින් නිෂ්පාදනය කරනු ලබන ග්‍රීන්ලීෆ් දුම්වැටිය මඟින් ශරීර‍සෞඛ්‍යයට හෝ පරිසර හානියට බල පෑමක් නොවන අතර උපරිම විනෝදාස්වයක් ද සතුට හා ශරීර උණුසුම්ව පවත්වා ගැනීම සඳහා උපකාරි වන විකල්ප ක්‍රමයකි.


තවද මෙම නිෂ්පාදනයට මූලික වූයේ රජය මඟින් “මතට තිත” හා අහිතකර දුම්වැටි භාවිතයෙන් ජනතාව මුදා ගැනීම සඳහායි. මෙම සිගරැට් නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කර ලොව පුරා රටවලට අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක්ද ශ්‍රී ලංකා ආර්ථිකයට එක්කළ හැකි බව වෛද්‍යවරයා විශ්වාස කරයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :