රටෙි නමගිය චරිත දෙකක් පහුගිය දවසක එකම තැනක දැකගන්නට ලැබුනා.ඒ හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ වෛද්‍ය රන්පත මහතායි.මෙි හමුවෙි වෙච්ච දෙයක් ගැන අද ගොසිප්ලන්තය ඔබට හෙළිකරනවා.
දිවයිනේ ප්‍රචලිත ආයුර්වේද වෛද්‍යවරයකු වන රුවන් රන්පත මහතා හිටපු ජනාධිපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග අතිශයෙන්ම රහිසගත මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවනවා.
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ පසුගිය 4 වැනිදා වන අතර එදින රුවන් රන්පත මහතාගේ විවාහා මංගල උත්සවයද යෙදී තිබුනා. රන්පත මහතාගේ පාර්ශ්වයෙන් සාක්ෂිකරුලෙස විවාහයට අත්සන් තබා ඇති හිටපු ජනාධිපතිවරයා පසුව රන්පත මහතා සමග සාකච්ඡා පවත්වා තියෙනවා.
රුවන් රන්පත මහතා මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ පෞදිගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කරන බවට ආරංචි මාර්ග පැතිර යන අතර කලක් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතාට වඩා රන්පත මහතා හිටපු ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනා සිටින බව පැවසෙනවා.
රන්පත මහතා හා හිටපු ජනාධිපතිවරයා අතර සිදු වූ මෙම හමුවෙන් පසු ඉදිරි මැතිවරණයකදී පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තරග වදින ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් රුවන් රන්පත මහතාට ආරධනා කළ බවටද තොරතුරු දැනගන්නට ලැබෙනවා.
එම විශේෂ අවස්ථාවෙහි ඡායාරූප පහතින් නරඔන්න
එම විශේෂ අවස්ථාවෙහි ඡායාරූප පහතින් නරඔන්න
![]() |
හිටපු ජනපති ,වෛද්‍ය රන්පත මහතාගේ විවාහයට අත්සන් කරන මොහොත |
![]() |
සුහඳශීලී හමුවීම |
0 Comments :
Post a Comment