ads
News
Loading...

මහාචාර්යතුමා ගෝඨාභය ගැන කිව්ව අනාවැකිය

 
       2015 වසරේ සිවිල් සංවිධාන හරහා ජනපති සටනට ලැබුනු උත්තේජනය අතිමහත් .මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද එවැන්නෙක්.එතුමා දැන් සිටම අනාවැකියක් කියනවා.මෙි ඒ ගැන එතුමා තැබූ සටහනක්

පසුගිය පලාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල අනුව යන්නේ නම් ගෝඨා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ම සියයට 40ක ඡන්ද ප‍්‍රතිශතයක් අතේ තබාගෙනයි. යූඇන්පී සහය ලබන අපේක්ෂකයා පටන් ගන්නේ සියයට 30 කිනි. මෛත‍්‍රීපාල හෝ ශ‍්‍රීලනිප අපේක්ෂකයෙක් වෙනම ඉදිරිපත්නොවන තත්වයක් තුළ 2018 පෙබරවාරි හී මෛත‍්‍රීපාලට ලැබුණු සියයට 13 ගෝඨාට ගැනීම අපහසු නොවේ. ඊට අමතරව දෙමළ මුස්ලිම් මෙන්ම නව කතෝලික ඡන්ද ප‍්‍රමාණයක්ද ගෝඨාට ලබාගැනීමට හොදටම හැකියාව ඇත. එවිට ගෝඨාට ජනාධිපතිවරණය ජයගැනීම කිසිසේත්ම අභියෝගයක් නොවේ. 

අනික් අතට ජවිපෙට අනිවාර්යයෙන්ම වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සිදුවේ. ජවිපෙ සියයට 5ක් ගත්තත් එයින් අදහස්වන්නේ යූඇන්පී අපේක්ෂකයාට ඉතිරි සියයට 20 ලබා ගැනීමට ඇති හැකියාව සීමිත බවයි. 
ගෝඨා පැරදවීමට කෙනෙක් සිහිනෙන් හෝ සිතන්නේ නම් 2015 සංධානය නැවත ඇති කරගත යුතුය. එය මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවේ.

 උපුටනය නිර්මාල් දේවසිරි ෆේස්බුක් ගිණුම
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :