ads
News
Loading...

ලෝකයෙ ලොකුම ක්‍රීඩාපිටිය ඉන්දියාවෙන්


  ඊයේ ඉන්දියාවේ සංචාරය ආරම්භ කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය මහජනයා අමතනු ලැබුවේ නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍රවරයාගේ  උපන් ප්‍රදේශය වන ගුජරාටි ප්‍රාන්තයේ විශාලම නගරය වන අහමදාබාද්හි පැවති අති විශාල ජන හමුවකදී. මේ සඳහා වාර්තාගත එක්ලක්ෂ විසිපන්දහසකට වඩා ජනයා සහභාගි වී සිටියා.

අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ අලුතින් ඉදිකළ සර්දාර් පටේල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ සඳහා යොදාගනු ලැබුවා.  සර්දාර් පටේල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හඳුන්වන්නේ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසයි. එහි ආසන ගණන එක් ලක්ෂ දස දහසක්. ඊයේ පැවති උත්සවයට එක්ව සිටි ජනකාය එක් ලක්ෂ විසි පන්දහසකට අධික බව පැවසෙනවා. ගුජරාට් ක්‍රිකට් සංගමයට අයත් මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා වැය වූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 700ක්. 

මෙහි පුහුණු කිරීම් සඳහා වෙනම ක්‍රීඩා පිටි තුනක්, ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් ක්‍රීඩාංගනයක්, ටෙනිස්, බැඩ්මින්ටන්, ස්කොෂ්, ටේබල් ටෙනිස් ක්‍රීඩාංගන සහිත ගෘහස්ථ ක්‍රීඩා පිටියක්, කාමර 50කින් යුතු නවාතැන්පලක්, ව්‍යායාම් මධ්‍යස්ථාන 5ක් , 3D තාක්ෂණයෙන් යුතු නවීන සිනමා ශාලාවක් ආදිය අඩංගු වනවා. මීට අමතරව මෝටර් රථ 3000ක් සහ මෝටර් බයිසිකල් 10000ක් නැවැත්වීමට හැකි වාහන නැවතුම්පොළක්ද අඩංගු වනවා.

මෙම දැවැන්ත ක්‍රීඩාංගනය ඊයේ විවෘත කරනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. ජනාධිපතිවරයා සහභාගි වූ මෙම ජනහමුව නම් කොට තිබුනේ Namaste Trump යනුවෙන්. 

දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිය විනාඩි 25ක  කථාව අතරතුර ට්‍රම්ප් විසින් සචින් ටෙන්ඩුල්කාර්, විරාත් කෝලි මෙන්ම බොලිවුඩ් සිනමාවේ වාර්තාගත චිත්‍රපට‍ය වන DDLG හෙවත් දිල්වාලේ දුල්හානියා ලෙජායින් ගේ වැනි චිත්‍රපට පිළිබඳවද මතක් කිරීමට අමතක කළේ නැහැ. 

කසුන් නදීර





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :