ads
News
Loading...

මගේ අහිංසක ඉල්ලීමක්


තුෂී තුෂාරා කියන්නෙ එක් අතකින් ගායිකාවක් කලාකාරිනියක්.ඇය මෙි වනවිටත් සිටින්නේ ඉතාලියේ.ඉතින් ඇය ලංකාවෙි ඇතිව තිබෙන තත්වය ගැන මෙි විදිහෙ අදහසක් ජනපතිවෙත ඉල්ලීමක් ලෙස පලකර තිබුනා.

උපුටාගැනීම 

අති ගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමනි,
ඔබ තුමාව ජනපති කරන්න වචන වලින් තර්ක කර කර සටන්  කෙරුවාට පසු...  පලමු වතාවට ඔබතුමන්ගෙන් දෙයක් ඉල්ලීමට සිතුණි. මෙහෙම ලියනා මම මරණයට භය නැත. මේ වනවිට මා ඉතාලියේ සිට රාජකාරි අවසන් කොට නිදි නැතිව ලංකාවේ මිනිසුන් වෙනුවෙන් මෙසේ ලියන්නට සිතුණි.
මැතිඳුනි....අපිට තව බලාගෙන ඉන්න කාළයක් නොමැත...මොකද රටවල් වල ඉන්න හැම මනුස්සයාම එකම විදිහට සිතන්නේ ද නැත. ඔහුන් හිතන්නේ ඔහුන් ගැන පමණයි. නැත්නම් මෙච්චර දෙයක් වෙලා තිබෙද්දී.. අර වගේ මෝඩ ක්‍රියාවක් කරයි ද... ඉතින් ගරු ගෝඨාභය මැතිඳුනි අපි හැකි ඉක්මණින් මේ සම්බන්ධව සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුයි. සමහර විට ඔබ තුමන් ලා විශේෂ සාකච්ඡා මේ වන විටත් ඇති මේ සම්බන්ධව, රටේ ආර්ථිකය හැමදේම බේරාගෙන මේකට විසදුම  සොයන්න.. නැ නැ... මැතිඳුනි තව මොහාතක්වත් පමා නොවී... සියළු දේ ටික දවසක් වසා දමන්න විශේෂයෙන් Airport එක. මට හොඳටම විශ්වාසයි මේ දේ රැදෙන්නේ ටික කාලයයි....ලංකාවේ මිනිසුන්ගේ භය ගොඩක් දැනුනා.. මේ කට්ටිය කිසි පාලනයක් නැ කියන්නේ මොකක්ද කරන්නේ මොකද්ද කියල තේරෙන්නෙ නෑ.. එ මොකද එ මිනිස්සු භය අපේ පුංචි ලංකාවේ ඒක වැඩි දුර ක්‍රියාත්මක උනොත් ඒගොල්ලො කොහේ කියලා යන්නද කාට කියන්නද.  මම ගැන දැනටත් භයක් නැත...
මැතිඳුනි.. මේ කතාව අනිත් විදියට කියන්න ගත්තොත් මරණය කියන එක කොහේ හිටියත් මැරෙනවා, කර්මය කාටත් එකයි..මේ ගැන ටික දෙනෙක් දන්නවා උනාට අනිත් සියලු මිනිසුන් මේ මොහොතේ ගොඩක් භය වෙලා ඉන්නේ. එ මිනිසුන් භය වෙන එකත් සාධාරණයි අර මෝඩ මිනිසුන් කරපු දේ නිසා එ ලෙඩේ තියෙනවා කියලා දැන දැනත් මොන හිතකින් ගියාද ලංකාවට.. ඉතින් මැතිඳුනි එ වගේ මෝඩ මිනිසුන් තව කොච්චර ඇතිද... ඉතින් මේකට හොඳම විසඳුම ටික දවසක් සියළු දේ වසා දමන එක නොවේද..
මෙහෙම ලියන්න හිතුනේ ඔබ තුමන්ගෙන් මම පෞද්ගලිකව යමක් ඉල්ලන්න නොවේ..අපි මොන ක්‍රමයකින් හරි රට බේරා ගන්න ඕනේ.. ගරු ගෝඨාභය මැතිඳුනි මේ ඉල්ලීමට පමා නොවන්න...🙏 තෙරුවන් සරණයි ශ්‍රී ලංකා 🇱🇰
Thushi thushara 🖋️



ගයනි බැට්ස්ගේ වෙඩින් එක ලින්ක් එකෙන් නරඔන්න 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :