ads
News
Loading...

මංගලාගෙ තරු කුමරුනේ රූප රචනයට




මංගලා ගුණරත්න කියන්නෙ ස්භාවිත සංගීතයේ රැදිච්ච තවත් නමක් ප්‍රේම සිත්තරා ,තරු කුමරුනේ වගේ ගීත වලින් මෙන්ම පහුගිය කාලයේ නව නිර්මාණ කිහිපයකික්ම අපට හමුවූ මංගලා ගොසිප්ලන්තයට ගොඩ වුනේ මෙි විදිහටයි.

* මංගලා කියන්න බලන්න මෙි දවස්වල මොනවද සිදුවෙන වැඩ කටයුතු?

කොරෝනා වසංගතය නිසා ඇතිවුනු ඇදිරි නීතිය නිසා කාර්‍යාල කටයුතුවලින් සහ කලා කටයුතු වලින් ටිකක් ඈත් වෙන්න සිද්ද උනා. ඒත් මේ කරදර අවසන් උන පසු ගීත නිර්මාණ කීපයක් කරන්න සූදානමක් තියෙනවා

*කවද විතරද රසිකයන්ට අලුත් ගීයක් අහන්න ලැබෙන්නෙ?

දැනටමත් එක ගීයක මූලික කටයුතු අවසානයි. හඩ පටිගත කිරීම ඉදිරියේදී සිදු වේවි.

*හැබැයි හැම කලාකරුවෙක්මවගේ මංගලාගෙ ගීතවලටත් ආකර්ෂණය අඩුවක් තිබුනෙ නෑ

නිවසට වෙලා හිටියත් මේ කාලය තුල අන්තර්ජාලය හරහා මගේ ගීත නිර්මාණ සමග මම සම්බන්ධ උනා. එසේම රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය හරහා
ඒ නිසා මම හිතනවා මගේ නිර්මාණ ජනතාව අතරට යන්න ඇති.

*නදීක මංගලාට කරපු සිංදුවට ලොකු ප්‍රතිචාර තිබුන නේද?

ඔව් ඇත්තටම තරිදු සිල්වා ලියපු "තරු කුමරුනේ..." ගීයට සංගීතය නිර්මාණය කලේ නදීක ජයවර්ධන. එම ගීතය මගේ ගිත ගොන්නේ සුවිශේෂී ගීයක්. විශාල රසික ප්‍රතිචාරයක් ලැබූ ගීයක්. නදීක කියන්නෙ වෙනස්ම ආරක ගීත නිර්මාණයේ යෙදෙන සංගීතවේදියෙක්. ඔහු මා වෙනුවෙන් කල නිර්මාණයත් ඉතාම විශේෂයි. ඒ නිසාම නුදුරේදී තරු කුමරුනේ ගීතය සදහා රූප රචනයක් නිර්මාණය වේවි.

*සමාජ මාධ්‍ය හරහා ස්භාවිත ගීතය ඉදියට යාමෙි ප්‍රවනතාවයකුත් තියෙනව⁣ නේද?

අද ක්ෂේත්‍රයේ බොහෝ තැන් වලට සමාජ මාධ්‍ය ගොඩක් වැදගත් වෙනව.ස්වභාවිත ගීත රසිකයන්ටත් එය අදාලයි.ප්‍රධාන මාධ්‍ය තරගකාරි බවක් තියෙත්දි හිතල නිර්මාණ හොදින් කරන අයට එය වටින තැනක්.

* අතීතයේ ගායක ගායිකාවන් නිරන්තරයෙන්ම කටහඬ පුහුණුව තුලින් දෙයක් කලා.ඔබ කටහඬ පුහුණුව ගැන තියල තියෙන විශ්වාසය කොහොමද?

ඇකඩමික් පැත්ත හැම ක්ෂේත්‍රයකටම වැදගත් වෙනව.කටහඬ පුහුණුව වගේ දේ ගැනත් හිතන්න ඔිනා.ඒ තුල තම තමන්ගේ හැකියාව නිතැතින්ම ඔපමට්ටම් වෙනවා.

* මංගලාගෙ ගීත නරඔන්න හැකි විදිහ ගැනත් රසිකයන්ට කියන්න?
මගේ මංගලා ගුණරත්න ෆේස්බුක් පිටුව වගේම මංගලා ගුණරත්න යූ ටියුබ් අඩවිය හරහා එය නරඔන්න පුළුවන්.ඉතින් මම මෙි වෙලාවෙි මගෙි ගීත නරඔන විස්තර අහන හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :