ads
News
Loading...

මහ දහවල නීතිය අතට ගත්ත ලීසින් මැරයෝ



අහිංසක ජීවිතයක් නැතිකරපු පලියක්

covid 19 නිසා රටේ ඇති වූ තත්වයන් මත රට තුල ඇදිරි නිතිය පැනවූ අතර ඒ හේතුවෙන් රජය විසින් ත්‍රි විල් ඇතුළු සියලුම වාහන සදහා වාරික අය කිරීම මාස 6 කට අත්හිටුවන ලෙස අදාල ආයතන වලට දැනුම් දෙන ලදී .
සමහර ආයතන එම නියෝග අනුව කටුයුතු කලත් තවත් සමහර ආයතන එම නියෝග ගණනකට නොගෙන සිය ගනදෙනු කරුවන්ට ඉමහත් බලපෑම් කිරීමක් වාර්තා වෙමින් පැවතිනි
මෙසේ බලපෑම් කරමින් දැඩි පිඩනයක් ලබාදුන් ආයතනයක් සුනිල් ජයවර්ධන සභාපතිත්වය දරන සංගමයේ සමජිකයෙකුගේ ත්‍රිවිල් රථයේ ගෙවිය යුතු වාරික මුදල් මාර්තු , අප්‍රේල් , මැයි මසවල නොගෙවීම හේතුවෙන් එම ආයතනයේ සීසර් වරුන් විසින් මිට දින දෙකකට පෙර ත්‍රිවිල් රථය පැහැර ගෙන බලෙන් අත්පත් කර ගෙන ඇත ..එම ගැටළුව සම්බන්ධව සාකච්ජා කිරීමට ගිය එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනට අදාල ෆිනෑන්ස් සමාගමේ සේවකයින්ගේ හා මැරයින්ගේ දැඩි ප්‍රහාරයට ගොදුරු වී අවසනාවන්ත ලෙස මරණයට පත් වී ඇත ,,ඔහුන්ගේ මිලේච්ජ්ත්වය කොතරම් ද යත් ඔවුන්ගේ ප්‍රහාර වලින් බිම ඇදවැටී සිටි සුනිල් ජයවර්ධනට ඔවුන් මුගුරුක් වැනි යමකින් නැවත නැවතත් පහර දෙනු cctv දර්ශන තුල පැහැදිලව දැකිය හැකි විය ..
මෙම ප්‍රහාරය ඉතාමත් නිහින මිලේච්ජ ප්‍රහරයක් වන අතර රටේ මුල්‍ය ආයතනයක් යයි කියා ආයතනයක් මෙසේ හැසිරීම නම් කිසිසේත් පිලි ගත නොහැක.. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවරයකින් තොරව හතු පිපින්නක් මෙන් මුල්‍ය ආයතන රට පුරා බිහිවෙමින් ජනතාව තලා පිඩාවට පත් කිරීමක් මෑත ඉතිහාසයේ දැකිය හැක .
මෙහි වඩාත් බැරුරුම් කාරී තත්වය නම් මෙම ආයතනය ද මහ බැංකුවේ ලියාපදිංචි නොවී මුල්‍ය ව්‍යාපාරික කටුයුතු නීති විරෝධී අයුරින් පවත්වා ගෙන ආයතනයක් බව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී තහවුරු විය ..

මෙම කුරිරු මිනිමරුම්ට එරෙහිව නිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතු අතර එසේම නීති විරෝධිව පවත්වාගෙන යන මෙම ආයතනයට ශ්‍රී ලංකා මහ බැංකුවත් නිතිය ක්‍රියාත්මක කිරීම සිදු කල යුතුය ...
බොහෝ විට මහ බැංකුවේ ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ මුල්‍ය ආයතනයක් කඩා වැටෙන තුරු සිට හෝ මෙවන් අවාසනාවන්ත සිදුවීමක් සිදුවීමෙන් පසුව ය ... දැන්වත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම ආයතනයට හා බලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුය ...
තවත් මෙවැනී ආයතන රටපුරා විහිදී ඇති අතර මහ බැංකුවේ හා රජයේ ආරක්ෂක අංශ සොයා බලා වැටලීම් සිදු කරන්නේ නම් ජනතාව මෙසේ පිඩාවට පත්වන්නේ ත් මෙවන් අවසනාවන්ත සිදුවීම් සිදුවන්නේත් නැත ...
සුනිල් ජයවරධන්ගේ මරණයෙන් පිඩාවට පත් වූ ඔහුගේ දරු පවුලට අනාගතයට සරිලන වන්දයික් ද රජය මගින් ආයතනය ඇවර කර හෝ ලබා දිය යුතුය ...
මෙම ඝාතනයට සැකපිට දැනට 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජෝසප් ඩයස් (Joseph Dias )


රටෙි දිනෙන් දින සිදුවන මෙවන් මිනීමැරුම් නැවත්වීම සදහා නිසා යාන්ත්‍රණයක් සැකසෙනු ඇතැය ගොසිප්ලන්තය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා


තවත් ලිපි කියවන්න 


දෙදරන පාතාලය පළමු කොටස



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :