ads
News
Loading...

මම කරපු දේවල් දැන් හැමෝම කරනව



මට ගරහපු අයගෙ පන්නරය අරන් මුවහත් වුනා

අදටත් මගෙ බැංකු ගිණුමෙ තියෙන්නෙ පනස්දාහයි 

කාටත් මතක ඇති අශේන් වොලග් ගැන.පහුගිය ජනාධිපතිවරණය පිලිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවුවහොත් තම චැනලය ඩිලීට් කරන බව කිව්ව මෙි යූ ටියුබ් ජනප්‍රිය චරිතය කිව්ව විදියටම ඒක කලා.ඉතින් අශේන් ආපහු පාරක් කතාකරන්න පටන් අරන්.අද ගොසිප්ලන්තය ගෙන එන්නෙ ඒ ගැන අලුත්මවිස්තරය.

පහළින් ඔහුගේ වචනවලින් කියවන්න

ගොඩ දෙනෙක් අහන නිසාත් - නොකියා ඉන්න බැරිම නිසාත් කියන්නම්...😌

ගොඩක් අයට මාව Ashen Vlogs කියලා...එහෙමත් නැත්තම් වෙන මොකක් හරි විදියකින් මතක ඇති. අදටත් මං කොතනක හරි ඉන්නවා නම් ඒ ඉන්නේ මිනිස්සු මට ආදරේ කරාට වඩා..ගරහපු නිසයි. ඒ පන්නරේ අරන් මං හොදට මුවහත් උනා. මගේ ඇගේ තිබ්බ දේ මං එලියට දැම්මා. හංගන් ගේම් ගැහුවේ නෑ කවදාවත්. අමුවෙන් කියන දේ කෙලින් කිව්වා.

අවුරුදු 21ක් යද්දී Youtube එකෙන් ලොකු ප්‍රසිද්දියක් අරන් ලොකු දෙයක් කරන්න, ලොකු ගමනක් යන්න, ජීවිතේ ලැබීම් නොලැබීම් ගොඩක් අත් දකින්න මට පුලුවන් උනා. පහුගිය ජනාධිපතිවරණෙදි සජිත්ට උදව් කරලා මට සතයක දෙයක් ලැබුනේ නෑ. කණගාටුයි සිදු වෙච්ච අත් වැරදීම් ගැන. අදටත් මගේ බැංකු ගිණුමේ තියෙන්නේ රු. 50,000යි. හැම වෙලේම බොරු ආටෝප නැතුව බාටා දෙක දාගෙන, එකම T-Shirt එකක් ඇදන් ගිහිල්ලා..රෑ එලි වෙනකන් ප්ලෑන් හදලා වීඩියෝ එඩිට් කරලා..හිතට එකගව, කාටවත් ණයක් බයක් නැතුව කෙලින් ගමනක් ගියා. මගේම විදියකට Brand එකක් ගොඩ නගන්න මං ලොකු කට්ටක් කෑවා. ගොඩක් මහන්සි උනා. හැම වෙලේකම උපරිමයෙන් ගොඩක් මිනිස්සුන්ට උදව් කලා.

මගේ වාසනාවකට හෝ අවාසනාවකට අතර මගින් මගේ ගමන අත අරින්න උනා. දැන ගන්න ලැබුනා මගේ Facebook ගිනුම් Hack කරපු මිනිස්සු ගැන, සල්ලි වලට මට බඩ ගහන්න Campaign කරපු මිනිස්සු ගැන, මගේ Youtube Channel එක වට්ටන්න දිවා රෑ දත කාපු මිනිස්සු ගැන. මට Trend එකට බනින්න මිනිස්සුන්ව කුපිත කරවපු මිනිස්සු ගැන..තව ගොඩක් දේවල්. දුක් උනා පොලීසී ගානේ නිරපරාදේ රස්තියාදු වෙද්දි. අවසානයේ හිතුවා හැමදේම අතරින්න. ගොඩක් අයට අත අරින්න අමාරුයි. හැබැයි කට්ට කාලා සල්ලි හොයන්න හදා ගත්තු Youtube Channel එක මං Delete කලා. මගේ යැයි කිව්ව සියල්ල අත හැර මගේ රටට සමු දුන්නා.

අද ගොඩක් අය Youtube Channel හාදාගෙන මං කරපු දේවල් කරනවා. සමහරු මට පලු යන්න බැනුපු උන්දැලා. හැබැයි කිසිම දුකක් හෝ ඊර්ෂ්‍යාවක් නෑ. හැබැයි මට ලැබුනේ වැඩිපුරම ගැරහිලි. ඒත් හිතෙ හයියෙන් ලොකු ගමනක් මට ලංකාවේ යන්න පුලුවන් උනා. අදටත් සතුටුයි මට මං ගැන. අදටත් මගේ ලෝකේ වීරයා මමයි. අද මම එංගලන්තේ මගේ නීති උපාධිය ඉවර කරලා, ජීවිතේ අලුත් ගමනක් 0 ඉදන් පටන් අරන් ඉන්නවා. ලංකාවට මං ආයේ එන්න ලොකු කාලයක් යයි. හැබැයි අමතක නෑ මට ආදරේ කරපු, බැන්නත් මගේ විදියට කැමති වුනු, මට නැගිටින්න ඉඩ දුන්නු අපේ ලක් අම්මගේ ආදරේ. කාට හරි මගෙන් වැරැද්දක් හෝ පීඩාවක් උනා නම් සමාවෙන්න. වේදනාව තරම් පන්නරයක් තවත් නෑ. ආයෙමත් ලංකාවට එන්න ලැබුනු දවසක ආයෙමත් හම්බෙමු වෙනම විදියකට. ආදරෙන්!

හැමෝටම ජයවේවා 

මුලින්ම දෙයක් කරත්දි කෙනෙක්ව්වඅගයන එකට වඩා පහර දෙන රටක ඒ දේ දිගින් දිගටම කරන අය අපි දකිනව ඉතින් අශේන් ඔබ ඔබ⁣ගෙ අලුත් ගමනට ගොසිප්ලන්තය මෙි විදියට සුභපතනව. 

තවත් ලිපි කියවන්න 


දෙදරන පාතාලය පළමු කොටස



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :