ads
News
Loading...

ඉවසීමයි හෙමින් ගමනයි නිසා කාලයක් ඉන්න පුළුවන්



ක්ෂේත්‍රයේ අය තුලනිව හදුන්වන්නේ.
නවක රංගන ශිල්පීනියක් , නීරූපන ශිල්පීනියක් විදියට.ඒ විදියට ගොසිප්ලන්තය අද කතාබහට එකතුවුනේ තුලනි ශශී.රංගනයේ අක්මුල් හෙයාගෙන යන තුලනි ගැන කවුරුත් නොදන්න දෙයක් අද ගොසිප්ලන්තය  අපි කතාකරන්න හිතුවා.

තුලනි ට පුංචි කාලෙම ක්ෂේත්‍රයට ආසාවක් තිබුනද

හරියටම කිව්වොත් නෑ.... පුංචි කාලෙ තිබුනෙ ගුරුවරියක් එහෙම නැත්නම්  AC කරපු  Office room එකක කැරකෙන පුටුවක ඉදන් කරන්න පුළුවන් රැකියාවක් ඒ කියන්නෙ බැංකුවක වගේ..මං ඒ රැකියාවල් 2ම කරා...ක්ෂේත්‍රයට එන්නෙ මගේ අම්මිගෙ හීනයක් සැබෑ කරන්න..ඒක පොඩ්ඩක් දිග කතාවක්..මං කලාවට ආදරේ කරාට මේ පැත්තට එන්න ආසාවක් තිබුනෙ නෑ..

රංගනය තුලට එන්න නර්තනය වගේ දේවල් වලට තියෙන උත්තේජනය ලැබෙනව නේද

ඔව්....ගොඩක් අය රංගනයට එන්නෙ නර්තනය පැත්තෙන්..
ඒත් මම නර්තනය හදාරන්නෙ උසස්පෙළ දක්වා පමනයි..මම උඩරට නර්තනය පාසලේ විෂයක් විදියට තෝර ගන්නෙ 6 ශ්‍රේණියෙ ඉදන්..ම⁣ම නර්තනයටත් ගොඩාක් ආදරෙයි..මගේ පාසල් නර්තනය ගුරුවරිය අදටත් මගෙ අම්මව මුණගැහුනම අහන්නෙ මගේ කෙල්ල හොදින්ද කියල..මාව මුණගැහුනම හරියටම මගේ අම්ම තරම් ආදරෙන් අදටත් ඇය මාව තුරුල්කරන් තමයි කතා කරන්නෙ..හරියට මගේ දෙවනි මව වගේ...ඉතින් ගොඩාක් ආදරෙන් මං මේ වෙලාවෙ මාගේ කුසුම් දයානන්ද නර්තන ගුරුතුමිය වගේම ඇයගේ සැමියා වන දයානන්ද නර්තන ගුරුතුමාද ගොඩාක් ආදරෙන්  මතක් කරනව.දයානන්ද සර් ටික කාලෙකට කලින් අපි අතරින් සමුගත්තා..ගොඩාක් ආදරෙන් මගේ ගුරුතුමියට දීර්ඝායුෂ පතනව මං..කියන්න ඕන මම නර්තනය හරහා ක්ෂේත්‍රයට එන්නෙ නැහැ..මම රංගනය හදාරලයි ක්ෂේත්‍රයට එන්නෙ..ඒ අපි කවුරුත් ආදරේ කරන නවකයින් රැසක් ක්ෂේත්‍රයට දායක කල අපේ ප්‍රවීන රංගන ශිල්පියෙක් වන අපි කවුරුත් ලොකු අප්පච්චී නැත්නම් ලොකු අයියා කියන මහේන්ද්‍ර පෙරේරා නම් වු දැවැන්ත ගුරුවරයා යටතේ..ආදරෙයි ලොකු අයියේ ( මහේන්ද්‍ර පෙරේරා ) සර් හැමදාම..

ප්‍රධාන පෙලේ භූමිකාවට ඇතුළුවෙන්නෙ කොයි කාලෙදිද

2017 වර්ෂයේ දී....මම මුලින්  TV Commercials තමයි ගොඩක් කරේ..2017 වර්ෂයේ තමයි මං මුලින්ම Film එකකට දායක වුනේ..බොහොම හෙමින් ආපු ගමනක් තමයි මට තියෙන්නෙ.


අද වෙත්දි එකම පිරිසක් තමයි ක්ෂේත්‍රයේ නිර්මාණ ගණනාවකම පෙනෙන්න ඉන්නෙ ඒ ගැන අදහස?

ඒකෙ වරදක් කියන්න බෑ..ඒක එයාලගෙ දක්ශතාවය වගේම වාසනාව..⁣දැන් ගොඩක් අය ක්ෂේත්‍රයට එනව ඒත් දවසයි දෙකයි..මං හිතන්නෙ කලාව කියන්නෙ කොච්චර ඉගෙනගත්තත් මදි. මේ ක්ෂේත්‍රයේ රැදෙන්න ඉවසීම , වාසනාව තියෙන්න ඕන එහෙම ඉවසීමෙන් හෙමින් ගමනක් ආපු අය තමයි අද වෙනකොට අපිට නිතර දකින්න ඉන්නෙ..

තුලනි පැජන්ට් කිහිපයකටත් එකතුවෙල ජයග්‍රහණය ලැබුව කෙනෙක්

ඔව්..මට මගේ පලමුවෙනි පැජන්ට් එකට අවස්ථාව ලබා දුන්නෙ Nic jayamaha sir.මම සර්ව අදුර ගත්තෙ මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ drama clas එකට යද්දී ඒ සුදර්ශියෙදි..2015 මං සර්ට කිව්ව මටත් ආසයි modeling වලට කියල..හැබැයි මම එදා ඇහුවට Nic sirge clas එකට ගියේ නෑ.හරි ආඩම්බරෙන් කියන්න කැමතියි එක දවසක් කතා කරලත් නික් සර් මාව අවුරුදු 4 මතක තියන් ඉදල.මගේ දුරකතන අංකයත් තියන්..2018 වසරේ මට කතා කරල කිව්ව Doctor prasad deshapriya sir පැජන්ට් එකක් කරනව Mrs.ocean world 2018 මගේ විස්තර දුන්න පුතේ ඔයා යන්න ඒ පැජන්ට් එකට මං පුහුණු කරන්නම් කියල.මගේ පල වෙනි තරගය මං 3rd Runner up ජයග්‍රහණය කරනව.Nic jayamaha sirta වගේම Doctor prasad deshapriyatath Thanks කරනව..මගේ හිත පැජන්ට් එකකට සහභාගී වෙනතැනට මාව උනන්දු කරපු තව සැගවුන චරිත 2ක් ඉන්නව ..ඒ තමයි කවුරුත් දන්න උදාර රාජපක්ෂ අයිය සහ රාජ් රණසිංහ සර් රංගනය පුහුණු වීම් අතරතුර දවසක් එයාල දෙන්න කිව්ව මට නිකන් සහභාගී වෙන්න කියල..එහෙම තමයි පලවෙනි පැජන්ට් එක..
එතකොට දෙවන පැජන්ට් එක Doctor Nuwandika Siriwardena misge British Empire 2019 පැජන්ට් එකේ 2nd Runner up ජයග්‍රහණය කරා..ඒ පැජන්ට් එකට මාව උනන්දු කරේ සම්පූර්ණම උදාර රාජපක්ෂ අයිය ( මං හිතන්නෙ ඔහු ගොඩාක් හොද සහෝදරයෙක් වගේම ගුරුවරයෙක්..මට මගේ 1 තරගාවලියෙත් , 2 තරාගවලියෙත් උදාර අයිය උපදෙස් දුන්නෙ නංගි win කරන්න යන්න එපා සහභාගී වීමයි වැදගත් කියල.. මං Thanks කරනව Doctor Nuwandika Siriwardena mista සහ Udara Rajapaksha අයියට




අද සමාජය  ක්ෂේත්‍රය ගැන බලන විදිය හරිද

ඒකටනම් කියන්න තියෙන්නෙ  අද විතරක් නෙමෙයි එදත් අපේ සීයලගෙ කාලෙත් මේ ක්ෂේත්‍රය දිහා බැලුවෙ මේ විදියට..ඒක අද සමාජය වෙද්දි ගොඩක් වැඩි වෙලා තියෙනව..


මොඩ්ලින් වලදි කලාවෙදි කෙටි ඇදුම් වගේම පාවිච්චි කරන තොල් ආලේපන ආදිය දැකල සමාජය මෙි ක්ෂේත්‍රය හරියට අදුනාගෙන නෑ කියල හිතෙනව නේද නමුත් විදේශ රටක කෙනෙක් හා සැසදීමෙිදී මෙි තත්වය වෙනස්

ඔව් ඒක ඇත්ත..අපි ලාංකිකයො විදියට අපට ආවේනික සංස්කෘතියක් තියෙනව ඉතින් අපි ඒ දේවල් වැලද ගන්න ඕන ඒ සංස්කෘතිය විනාශ නොවන විදියට..අපි modeling වලදි කලාවෙදි පාවිච්චි කරන දේවල් ඒවට පමනක් තියා ගන්න ඕන.සාමාන්‍ය ජීවිතෙත් එහෙම වෙන්න ගියාම තමයි සමාජය එහෙම බලන්නෙ.



ඉදිරි නිර්මාණ ගැනත් කියමු

මහේන්ද්‍ර කුලසිංහ Director ge  අලුත්ම ටෙලිනාට්‍ය Fire කියල මං රංගනයෙන් දායක වෙනවා..මතක් කරන්න ඕන මහේන්ද්‍ර කුලසිංහ අයියව මට හදුන්වා දෙන්නෙ මහේන්ද්‍ර පෙරේරා සර්ගෙ රංගනායතනයේ Danushka namal අයිය..Thanks කරනව හැමෝටම


මෙි කතාබහ ගැනත් ඔබට දැනුන විදිහ දැනගන්න කැමතියි

ගොසිප්ලන්තයට ගොඩාක් ස්තුතියි කියනව ඒ වගේම කියන්න ඕන මේ වගේ අලුත් අයගෙ ආටිකල් කරන එක ගැනත් ස්තුතියි කරනව..මොකද මෙහෙම අලුත් අයට අත දෙනව අඩුයි නේ...ඉතින් ගොඩාක් ස්තුතියි 


 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :