ads
News
Loading...

අඅවුරුද්දට කලින් අසීමිත ඉන්ටර්නෙට්


Unlimited Internet නැතහොත් අසීමිත අන්තර්ජාල පහසුකම් සිංහල - දෙමළ අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මේ යටතේ දිවා රාත්‍රී යනුවෙන් වෙනසක් නොමැතිව අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි බවත් මීට අදාළව සන්නිවේදන ආයතනවලින් ලබා ගත් යෝජනා සැලකිල්ලට භාජනය කර අවසන් බවත් එම කොමිෂන් සභා ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම සැලසුම් යටතේ දැනට පවතින ගාස්තුවල කිසිදු වෙනසක් නොවන බවත් සීමිත පැකේජයන් සඳහා දැනට පවතින ගාස්තුවලට සාපේක්ෂව අසීමිත පැකේජයන් සඳහා ද ගෙවිය යුතු වන බවත් හෙතෙම කීවේය.

අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගැනෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

නිලන්ත මදුරාවල

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :