ads
News
Loading...

පිටරට ඉදන් වැඩ පෙන්වන සුපිරි හඬ


     ගායන ලොව කියන්නෙ හැමදාම අලුත් වෙන තැනක්.සාගරිකා සුගතපාල කියන්නෙත් අන්න එහෙම ඇහිලා  ගොඩක් අයට දැනිච්ච හඬක්.සංසාරයෙන් සංසාරයේ ගීතයත් එක්ක හැමදෙනෙක් ම ඇද බැද ගත්ත සාගරිකා ගොසිප්ලන්තය එක්ක මෙහෙම කතාකලා.



   සාගරිකාගෙ ගීත කලාවෙි අපිට දකින්න ලැබුනෙ මෑතක.ඒ ආගමනය ගැනත් කියමු
  මෙහෙමයි මං මුලින්ම ගීත කාලාවට පැමිනෙන්නේ " සංසාරයෙන් සංසාරයේ” ගීතය හරහා.  ඒ ගීතය මගේ ප්‍රථම ගීතය.


අද වෙනකොට ගීතය තුලට වඩා මියුසික් වීඩියෝව තරගකාරී වෙලා.ඒකට හේතුව ⁣ඔයා හිතන විදියට
ඒකට ලොකුම හේතුව අද කාලේ ගීතයක් කිව්වොත් ඒ සදහා රසිකයින් අනිවාර්යයෙන් වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා. ඒකට දැන් මිනිස්සුන්ගෙ ඇස් හුරැ වෙලා තියෙන්නේ ගීතයක් කිව්වොත් වීඩියෝ එක සමග නරඹන්න. නමුත් මං හිතනවා සමහර වෙලාවට ගීතයේ රූපරචනය නිසා ගීතයේ අර්ථයට හානි වෙන අවස්ථාවන් තියනවා කියලා. ඇත්තෙන්ම හොද ගීතයක් රස විදින්න රෑප රචනයක් අත්‍යවශ්‍ය නෑ. එත් අවාසනාවකට අද තියන තරගකාරී ගීත කලාවට රූපරචනය අත්‍යවශ්‍ය වෙලා.


දැන් කැලැසිකල් සිංදු වලට තැනක් ඇවිත් ඒක හොද දෙයක් විදියටද ඔයාට බලපෑවෙි
ක්ලැසිකල් මියුසික් වලට තමයි ලංකාවේ බොහෝ පිරිසක් ආදරය කරන්නෙ. ඒක එදත් ඒ විදිහට තිබ්බා මන් දන්න විදිහට. ඇත්තටම ඒ දේ මට හොද විදිහට බලපෑවා.


ගායකයින්ට වඩා ගායිකාවන්ට ක්ෂෙත්‍රයේ තුල නමක් හදාගන්න ගොඩක් අමාරුයි නේ
ඔව් ඒක 100% ක් ඇත්ත. නමුත් විශේෂ හඩවල් සදහා සහ විශේෂ හැකියාවන් පෙන්නන ගායිකාවන්ට අද හොද තැනක් හිමි වෙලා තියනවා


වෘත්තිමය ගායිකාවක් වීමෙි අරමුණක් ⁣නැතුවා නෙවෙයි නේද
වෘත්තිමය ගායිකාවක් වීම තමයි මගේ අරමුණ .

සාගරිකා ගෙ ඉදිරි ගීතත් කැලැසිකල් ද
ඉදිරියට එන ගීත වෙනස් වෙයි. ක්ලැසිකල් ගීතත් එයි


කාලෙකට කලිනුත් සාගරිකා කියලා ගායිකාවක් අපිට දකින්න ලැබුන.ඒ නම වාසනාවන්තයි නේද
හා හා හා. ඒ නම නම් වාසනා වන්තතයි ඒ හිටපු ගායිකාවට. ඒත් මට කොහොම බලපායිද දන්නෙ නෑ

මුල්ම ගායනාවට පසුබිම් වෙච්ච ගීතය අත්දැකීමක්මද
මේ ගීතයේ අන්තර්ගත කතාව ගීත රචකයාට දුන්නෙ මම නෙමෙයි. මගෙ හිතවත් කෙනෙක්. ඒ කෙනාට දැනුන කතවක් මේ ගීතය


මාතලේ කියන්නෙ ලස්සන පලාතක් ඒ කාලෙ ගීතය වෙනුවට කවි පද ලියවෙන්නත් ඇති.මතක්කරමු ඒ අතීතය?
හි හි මන් ජීවිතේට කවි ලියලා නෑ. එත් මාතලේ හිටපු කාලේ තමයි ජීවිතේ ලස්සනම කාලේ. ඒ කාලේ ඉදන්ම සංගීතයට ලොකු ඇල්මක් දැක්වුවා. අදටත් මාතලේ ඉන්න තමයි කැමති


අපි උදව් කරපු අයගැනත් කියමු නේද?
හැමදේකටම කලින් මට හැකියාව දුන්න මගේ ආදර දෙවියන්වහන්සේව මන් මතක් කරනවා. ඒ වගේම මට මේ හැමදේකටම උදව්වට ඉන්නෙ මගේ පව්ලේ අය. ඒ අය නිසා තමයි මට මේ ගමන එන්න පුලුවන්වුනේ. මගෙ අම්මා වගේ ඉන්න මගේ ආන්ටි මගෙ අයියලා අක්කලා තමයි මේ හැමදේකටම හරි ආසාවෙන් උදව් කරේ. ඒ වගේම ලගින් ඉදලා වචනෙන් හරි ශක්තියක්වුන හැමෝම ආදරෙන් මතක් කරනවා.


ජීවිතය ආදරය වගේ දේවල් කලාකාරිනියකගේ ගමනකට කොච්චර වැදගත්ද?
කලාකරිනියක් ලෙස හෝ නැතුව හෝ ජීවිතේට ආදරේය කියන දේ අත්‍යවශ්‍යයි. ඒ ආදරේ එක එක විදිහට අපේ ජීවිත වලට ලැබෙනවා. කලාකරිනියක් විදිහට අපෙ රසිකයින්ගෙන් ලැබෙන ආදරය තමයි වැදගත්ම අපේ ඉදිරි ගමන සදහා. ඒ වගේම තමන්ගේ ජීවිතයෙන් තවත් කෙනෙක්ට ආදර්ශයක් දෙන්න පුලුවන් නම් ඒ ජීවිතේ අර්ථවත් කියලා මට හිතෙනවා


 සංසාරයෙන් සංසාරයෙන් දැන් දකින්න මෙතනින්


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :