ads
News
Loading...

ජනාධිපතිවරයා කැබිනට් එකේදී මට එහෙම කියයිද?

පහුගිය දවසක අර්ජුන රණතුංග ඇමතිවරයා හට ජනාධිපතිවරයා විසින් තද ප්‍රකාශයක් කළ බව පුවත්පතකින් දකින්න ලැබුනා.ඇමතිවරයා මාධ්‍ය හමුවෙි ඒකට දුන්නේ මෙහෙම උත්තරයක්.


මම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ දේවල් එළියේ කථා කරන්නේ නැහැ. නමුත් මෙතැනදී මම උත්තරයක් දිය යුතු වනවා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් මට නොකළ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශයක රාජිත සේනාරත්න මැතිතුමා පැවසුවා. මට කියන්න තියෙන්නේත් එවැනි ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළේ නැහැ. මේ අසත්‍ය පුවත වාර්තා කර තිබුණේ බුකිකාරයින්ට සම්බන්ධ පුවත්පතකින්. එය පළ කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද ? ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන එතුමා කියනවද ක්‍රීඩාව ගැන කථා කරන්න එපා කියලා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක්. මෙවැනි අසත්‍ය පුවත් ඇත්තටම මවන්නේ ඡන්ද පදනමක් නැති අනාථ වෙච්ච දේශපාලනඥයෝ. ඔවුන් පස්ස‍ දොරෙන් තානාන්තරවලට එන්න උත්සාහ කරනවා. ඔවුන්ට සල්ලිවල ප්‍රශ්නයක් නැහැ. සූදු ව්‍යාපාරවලින් උපයන කලු සල්ලි ඕනතරම් ඔවුනට තියෙනවා. ඒගැන මහජනතාවත් දන්නවා. ඒකනේ පසුගිය මහ මැතිවරණයේදී මේ අනාථ දේශපාලනඥයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ.” අමාත්‍යවරයා සඳහන් කළා.

උත්සවයෙන් පසුව මාධ්‍යවේදීන් නෑගූ ප්‍රශ්න සඳහන් ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ බහින්බස්වීමක් සිදු වුණාද?

“නෑ, ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක සමස්ත කැබිනට් මණ්ඩලයම නොමඟ යවන ඡේද කිහිපයක් මම දැක්කා. මම ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා තරම් නීතිය ඉගෙන නැහැ. නමුත් ක්‍රීඩා නීතිය තරමක් දන්නවා. ඒ දන්නා දැනුමෙන් වැරැද්ද පෙන්වා දීමට උත්සාහ කළා. එපමණයි සිදු වුණේ. නමුත් බුකිකාරයින්ගෙන් යැපෙන ඇතැම් ඇමැතිවරු නැති දෙයක් මවා පා වැඩි ප්‍රචාරයක් ලබා දෙන්න උත්සාහ කර තිබුණා.”

දැන් ඇමතිතුමා මාධ්‍ය වාර්තා කරනවා, ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීයා පත් කරලා තියෙන්නේ 44වැනි වගන්තිය යටතේ කියලා. නමුත් ඇමතිතුමා අපි දකින්නේ නැහැ ක්‍රීඩා පණතේ 44වැනි වගන්තියක්. 43න් ඉවරයි ?

ඕක තමයි මම කැබිනට් එකේදී පෙන්වල දෙන්න හැදුවේ. නමුත් මට ජනාධිපති නිතීඥතුමෙක්ට නීතිය උගන්වන්න බැහැනේ. එතුමා ජනාධිපති නීතිඥයෙක්. එතුමාගේ ක්‍රීඩා නීතියේ 44වැනි වගන්තියක් තියෙනවා. නමුත් ක්‍රීඩා නීතිය පොඩ්ඩක් දන්න මම දන්නවා 44වැනි වගන්තියක් නැහැ කියලා. ඉතිං අපිත් හොයා ගන්න ඕන මෙන්න මේ 44වැනි වගන්තිය තියෙන්නේ කොහෙද කියලා.

ඒ කියන්නේ නීතිය දන්න ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාටත් වැරදිලාද ? නැතිනම් නීතිය දන්නේ නැතිවද ?

නෑ. එතුමා සමහර විට බුකිකාරයින්ගේ ලාච්චුවක කොහේ හරි තිබිලා පණතක් ගෙනෙල්ලද දන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඒක හොයා ගන්න ඕන. ඒ ගැන නෙමෙයි අපි ඇත්ත කථා කරමු. මොනදේ තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ හිටිය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා නීතියට අනුව සූදුකාරයින්ට ක්‍රිකට් පරිපාලනයට එන්න දුන්නේ නැහැ. අපි අතරේ දේශපාලන මතිමතාන්තර වෙනස් වුණත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ එම ක්‍රියාව මම අගයනවා. නමුත් අද මොකද්ද වෙන්නේ. පස්සේ දොරෙන් හොරෙන් ආපු මිනිස්සු නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් තියෙනවා.

ඒ කියන්නේ කිසියම් කෙනෙකුගේ උවමනාවක් වෙනුවෙන් හැමෝම ක්‍රීඩා නීතිය නමනවද ?

ඔව්, මමත් ඒ ගැන දකිනවා. උදාහරණයකට මේ 44වැනි වගන්තිය. මමත් තාම හොයනවා මේ 44වැනි වගන්තිය‍ කොහේ හරි හංගපු වන්තියක්ද කියලා. ඉතිං මමත් ෆයිසර් මුස්තාෆා ජනාධිපති නීතිඥතුමාගෙන් ඇහුවේ මේ 44වැනි වගන්තිය මටත් හොයලා දෙන්න පුළුවන්ද කියලා. නමුත් තාම ඒක හොයලා දෙන්න බැරිවෙලා තියෙනවා.

දැන් ඇමැතිතුමා නීති හදන්න ගිහිල්ලා පළාත් පාලන මැතිවරණයත් අනාගත්තා. දැන් ඇමැතිතුමා ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවත් අනනවද ?

අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ හැරෙන්නට මට මොකුත් කරන්නේ බැහැනේ. තමුන්නාන්සේලාත් ගිහිල්ලා ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාගෙන් අර කැබිනට් මණ්ඩලයට පෙන්නපු 44වැනි වගන්තිය කොහේද තියෙන්නේ කියලා. ඒ වගන්තිය මටත් දෙන්න කියලා මමත් ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මමත් ඒ වගන්තිය තාම දැකලා නැහැ.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :