ads
News
Loading...

බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ බෙහෙත් වට්ටෝරුවක්

ගොඩක් දෙනෙකුට බලපා ඇති දියවැඩියාවට ඕෂධ වට්ටෝරු කිපයක්ම ඉදිරිපත් කරන්න ගොසිප්ලන්තය බලාපොරොත්තු වෙනව.මෙි බෙහෙත් වට්ටෝරු ව ගැන ලියල තිබුනෙ මුහුණු පොත තුලයි  , 

      ඖෂධය සාදන ආකාරය මෙන්න.
(1)වියළි රෝස මල් කලන් 45 ක් ගෙන අවුන්ස තුනක් ඇල් දියේ දමා දවසක් පෙගෙන්නට තබා මිරිකා පෙරා පිනිදිය පලමක් ද, සිනි කලං 450 ක් ද දමා උණු කරනු, ලාටු පදමට ආ කල බානු, බෝතලයකට දමා වරකට කලන් දෙකහාමාරක් පමන  ඇල් දිය කලන් පහකට මිශ්‍ර කර උදේම බොන්න සැම දිනම, ඇදුමටද ගුණය, 

(2)ඉදුණු කොස් කොළ තම්බා බොනු,  ඉදුණු කොස් කොළ වේලා කුඩු කර මි පැණියෙන් ගුළිකර තබාගෙන ගිලිනු, කුඩාම පොළොස් ගැට තම්බා කනු, මැල්ලුමක් ද කම් නැත,

(3)බදුවද කොටා මිරිකා ගත් යුෂ කාලකට එළකිරි කාලක් මිශ්‍ර කොට බොන්න දෙනු, උදේ සවස වරැ කිපයක් බොන අතර වතුර නානු, අමාරැම දියවැඩියාව පවා සුව වෙයි,

(4)කරවිල කොටා ගත් ඉස්මට මි පැනි දමා සතියක් හිස් බඩ බොනු, 
     කරවිල රාත්තලක් වතුර අට පත එකට සිදුවා මි පැණි දමා බොනු, මුත්‍රා වල සිනි නැතිවෙයි,

(5)අත්තික්කා මුල කපා වැස්සෙන යුෂ මේස හැදි දෙකක් ද, මි පැණි තේ හැදි දෙකක් ද එක්කොට ගෙන වළදනු , දියවැඩියාව සුවපත් වේ,

(5)කොතලහිඹුටු මුල්, අළුකෙහෙල් අල, රස කිද, වෙනිවැල්ගැට , සුදු හදුන්, බැවිල මුල්, ඉගිනි ඇට කලන් එකහාමාර බැගින් වතුර පත අට එකට සිදවා මි පැණි කහ කුඩු දමා දෙවෙලට බොනු,වඩි හතරයි, 
  *** මි පැණි හොදම ඒවා විය යුතුය *** ප්‍රමානයන්ට වඩා බොන්න එපා...
    
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :