ads
News
Loading...

ඉංදියානු ලිංගික අතවර චෝදනාවලට නිහඬ ඇයි?


     එළිපිට පූල් එක ලග බලෙන් සිපගැනීමක්?
        
   අයි .පී .එල් කාලෙ බලෙන්ම රවට්ටලා කාමරයට ගෙනිච්චා 

ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම ගෑවිච්ච කතා ලොව පුරාම අහන්න දකින්න ලැබෙනවා.මෙි කියන්න යන්නෙ ලංකාවට  ක්‍රිකට් කිරුල ගෙනත් දුන්නු නායක කැප්ටන් කූල්ට වගේ ම වෙිගපන්දු යවන ලසිත් මාලිංග ට විරුද්ධ ව ඉංදියාවෙ කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිංසන කල බවට ඇති  චෝදනා ගැනයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවට ඉන්දීය කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කරන බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබෙනවා.ඉන් පළමු සිදුවීම වන්නේ හිටපු ගුවන් සේවිකාවක් තමන් මුහුණදුන් ලිංගික අඩත්තේට්ටම් කිහිපයක් පිලිබඳ තැබූ ෆේස් බුක් සටහනක් උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ පුවත්පත පල කරතිබෙන පුවතක්.අදාළ ගුවන් සේවිකාව තමන් මුහුණදුන් එක් සිදුවීමක් ලෙස මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ පැවති තරගාවලියක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකය අසලදී එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වූ රණතුංග නැමැත්තෙක් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවයි.කෙසේවෙතත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය මෙම පුවත පල කර තිබෙන්නේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙක් වන අර්ජුන රණතුංග මහතාට මෙම චෝදනාව එල්ල වන බවයි.එමෙන්ම සිය නම හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ කාන්තාවක් පවසා තිබෙන්නේ වසර කිහිපයකට පෙර අයි.පී.එල් තරගාවලියක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සිය කාමරය තුලට තමන්ව රවටා රැගෙන ගිය බවයි.මේ අතර අදාළ ක්‍රීඩකයා ලසිත් මාලිංග බව චින්මායි ශ්‍රිපාදා නම් ඉන්දීය ගායිකාවක් සිය ට්විටර් ගිණුම හරහා පවසන බව ඉන්දීය ඩෙකන් ක්‍රොනිකල් වෙබ් අඩවිය වාර්තා කරනවා.කෙසේ වෙතත් බොහෝ ඉන්දියානුවන් මෙම සිදුවීම් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙන්නේ මේ දිනවල ඉන්දියාව තුළ පැතිර යන ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් හේතුවෙන් ඇතැමුන් ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගෙන ව්‍යාජ සිදුවීම් නිර්මාණය කරන බවයි.

     මෙි පිළිබඳව තවමත් අර්ජුන රණතුංග  හෝ ලසිත් මාලිංග ප්‍රකාශයක් සිදු  නොකර සිටීම ගැන බොහෝ අයගේ කතාබහට ලක්ව තිබෙනවා.

  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :