ads
News
Loading...

චාමර වීරසිංහ හදිසියේම ගත්ත තීරණය


      චාමර වීරසිංහ අපි මුලින්ම අදුනගත්තෙ පර්පල් රේන්ජ් හරහායි.සන්ෆ්ලවර්ස් ,ෆෑලෑෂ් බෑක් වැනි සංගීත කණ්ඩායම් වලට වඩා පර්පර්  රේන්ජ් හි සේනක එහි මූලිකය තමන්ගෙ දක්ෂයාව තැනකට එන එක දැක සතුටු වුනු තැන් ගැන අපිට අහන්න ලැබුනා.කෙසේ වෙත්ත අද වන විට චාමර වීරසිංහ තීරණයක් අරගෙන තියනවා . ගොසිප්ලන්තය ඒ ගැන චාමර කිව්ව  දේ මෙහෙම ගෙන එනවා.


උපුටාගැනීම
   මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය  ඇතුලු පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ආරම්භයේ සිට මේ දක්වා සිටි සියලුම ශිල්පීන් මට මෙතෙක් දුර එන්නට ශක්තියක් උනා කියනඑක.
නායකකමට එහාගිය නිහතමානී  සහෝදරකම සේනක අයියතුල මම හැමදාම දැක්ක නිසයි සමහර අවස්ථාවල හිත් රිදීම් ඇතිඋනත් කණ්ඩායම සමග ඉදිරියට ආවේ.ඒත් එකදිගට සිද්දවෙන යම් යම් සිදුවීම් නිසයි මම මේ තීරණය ගන්න සූදානම් උනේ.
ඇතැම් ප්‍රසංග සඳහා මම දැනුවත් නොකරම මගේ ජායාරූපය යොදා ප්‍රාසංග පවත්වද්දී මා බලාපොරොත්තුව පැමිණෙන රසිකයින් මම ඒ ප්‍රසංගයට නොපැමිණීම හේතුවෙන් මට දුරකථන ඇමතුම් ලබා දී 
"චාමර ඇයි ශෝවලට පොලු තියෙන්නේ "
චාමර කැත වැඩ කරන්න එපා"
මේ වගේ ගොඩක් දේවල් මට අහන්නට උනා .ඒත් ඒ දේවල් ඉවසගෙන මම දැනුවත් කල ප්‍රසංග සඳහා    පමණක් පර්පල් රේන්ජ් සමග මම ගීත ගායනාකලා. ඒ අවස්ථාවලදී ඒ වරද මා පිටට පැටවෙන්නේමා දැනුවත් නොකර මගේ පින්තූර යොදා ප්‍රාසංගය පැවැත්වූ වග රසිකයන් නොදන්න
නිසයි.
ඒ වගේම කියන්න ඕන යම් යම් හේතු සාදක නිසා පර්පල් රේන්ජ් තුලින් ඉවත්වගිය කිසිවකු නිසා මා මේ තීරණය නොගත් බවත්...

මින්පසු මා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියකු ලෙස කටයුතු නොකරන බවත් සංවිධායක මණ්ඩල විසින් ලැබෙන ආරාධනා මත පදනම්ව පමණක් පර්පල් රේන්ජ් සමග ගීත ගායන කරන බව ආදරණීය රසික ඔබ සැම දැනුවත්ව කරන්න කැමතියි. හිත් රිදීමක් උනනාම් හැමොගෙන්ම හිස නමා සමව ඉල්ලනවා. ❤️ තෙරුවන්සරණයි ☸️

උපුටාගැනීම අවසන්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :