රංගනය එහෙමත් නැතිනම් කලාවෙි තියෙන සුවිශේෂී ම අංගයට එන්න කිසිම කෙනෙකුට ලේසි නෑ.ඒකට ගොඩක් කැපකිරීම් කරන්න අවශ්‍ය වෙනව.ඉතින් අනිත් වෘත්තීයන්ට වඩා විනෝදය,සැහැල්ලු බව පිරිච්ච රංගනය ඇතුලෙ සිදුවන පෙම් සබඳතා මාධ්‍යයට හොද මාතෘකා වෙනව.හැබැයි අනිත් ක්ෂේත්‍ර වලත් ඒ විදියට රහසින් පෙමින් බැදෙන අය හිටියත් නළු නිළියන් ජනප්‍රිය නිසාම මාධ්‍ය ඒ පස්සෙන් වැටෙන එක ස්වභාවික දෙයක්.
![]() |
විජය - මාලිනී |
අතීතයේ ඉදන්ම එහෙම පෙම් සබඳතා තිබිල තියෙනව.ඒකියන්නෙ රුක්මනී-එඩී කාලෙ.පස්සෙ ගාමිණී-ඇන්ජලා,ගාමිණී-මාලිනී,විජයමාලනී,සනත්,-සබීතා,කමල්- සංගීතා වගේ අය අතරෙ තිබිච්ච පෙම් සබඳතා ගැන අපි දන්න දේවල්.
![]() |
සනත් - සබීතා |
හැබැයි ඒ සබඳතා විවාහය දක්වා දුර දිග ගියේ නෑ.ඒත් පසුකාලීනව චන්න -ගයත්‍රී,අර්ජුන්-අමීෂා,චතුරිකා-ගයාන් වගේ අය විවාහය දක්වාතම සබඳතා ගෙනියනවා.
![]() |
කමල් - සංගීතා |
සබඳතාවය හින්දා රඟපාන්න ලේසිද?
රඟපාන්න ලේසි වෙන එක ගැන හිතලම සමහර අවස්ථාවල අධ්‍යක්ෂකවරයන් කාර්මික නිලධාරීන් ප්‍රධාන නළු නිලි යුවලක් පෙමින් බැදෙන එකට ඉඩ ලබාදෙනව.එහිදී ඔවුන් හිතන්නෙ මෙි සම්බන්ධය හින්දම අදාල චරිතය හොදින් කරගෙන යන්න හැකියාව ලැබෙයි කියල.ඉතින් එහෙම ඇතිවෙච්ච පෙම් සබඳතා අතැම් අය විවාහකයන් බව අමතක කර මෙම සබදතා වලට යොමුකරවනවා.මෙන්න මෙි හේතුව හින්දම නිර්මාණවලට ඇත්ත ජීවිතයේ පෙම්වතුන් වෙච්ච නළු නිළියන්ව රගපාන්න ගන්න ඒ අය උනන්දු වෙනවා.
![]() |
රොෂාන් - චතුරිකා |
දුරබැහැර ෂූටින් වලට ගියහම නළු නිලියන් හට ඇතිවන පාළුව,කාන්සියට ලංවෙන නළුවා හරි නිලිය හරි ඇතැම් අවස්ථාවල තමන්ගේ ලොජ් එක තුලම තමන්ගෙ සම්බන්ධය දුර දිග යන තැනකට පත්කරගන්නවා.
![]() |
ගයාන් - චතුරිකා |
අදාල රාජකාරිය අවසන් වුනාට පස්සෙ දෙන්නට දෙන්නා නොදන්න ගානටත් ඉන්න මෙි අය දන්නවා.
![]() |
චන්න - පූජා |
චන්න-පූජා පස්සෙ කාලෙ අපි සිනමාවෙි දැක්ක හොදම ගැලපීමක් වුනත් පහු කාලේ ඒ සබඳතාවයත් ගිලිහිලා ගියා.අර්ජුන් -අමීෂා කාලාන්තරයක් එකට රඟපාලා දෙන්නම එකතුවෙන්න තීරණය කලෙත් ගැලපෙනම ආදරවන්තයන් විදියටයි.
රන්ජන් -අනූෂා මෙි දෙන්නගෙ සමහර ඉරියව් හින්දා දෙන්නම හිතුවෙ දෙන්නා ඇත්තටම ආදරයකරල විවාහය දක්වා දුරදිගයයි කියල.හැබැයි අපි හිතන දේවල් වෙන්නෙ නෑනෙ.
![]() |
රන්ජන් - අනූෂා |
බිදිල යන සබඳතාත් අපි කලා ලෝකෙ තුල දකිනවා.එහෙම තැන් වලදී ඒ අය කියන්නෙ තමන්ව හරියටම අනෙකා තේරුම් ගත්තෙ නෑ කියල.ජනප්‍රියත්වය හින්දම සමහර අය විවාහවෙනව වගේම නළු නිලියන් තමන්ගෙ ජනප්‍රියත්වය අඩුවෙයි කියල එක වහල යට දුක් විදිමින් සිට මාධ්‍ය තුල දෙන්නම හොදින් ඉන්නව වගේ පෙන්වන අවස්ථාවනුත් අපි දකිනවා.
![]() |
ගාමිණී - ඇන්ජලා |
ඉතින් මෙි ක්ෂේත්‍රයේ ඉන්න හැම නළුවෙක් ම නිලියක්ම හිතන්න ඔිනා කාරණාවක් තියෙනව.ඒ තමා ප්‍රචාරණ කටයුත්තක් විදියට නළුවෙක්ව නිලියක්ව ලංකරගන්න එකයි ඇත්තටම ජීවිතේ එකට ගෙනියන සහකාරයෙක් සහකාරියක් සොයාගන්න එකයි රගපෑමට වඩා අමාරු කාරණාවක් බව.මොකද කොච්චර තිරයෙ රගපෑවත් හැම නළුවෙක් ම නිලියක්ම හුදෙකලා වෙල තනියම පසුතැවෙන දවස් තියෙනවා.එමෙන්ම මෙි අය අතරේ රහස් ගබ්සාකිරීම් ද දරු උපත්ද සිදුවෙච්ච බව ක්ෂේත්‍රයේ ඇතැම් අයටනම් නොරහසක්. ඒ හින්දා ආදරය නම් රගපෑමක් නොවන බව මතක තියාගෙන කටයුතු කලොත් ඔයාලා හැමකෙනෙක්ටම රසික රසිකාවියන්ගෙ ආදරය මීට වඩා ලබා ගන්නත් හැකිවෙිවි.
©ගොසිප්ලන්තය
![]() |
අර්ජුන් - අමීෂා |
0 Comments :
Post a Comment