ads
News
Loading...

සතුටින් ඉන්නකෝ කතාව හින්දා සමිතට වෙච්ච දේ


    මීට සති කිහිපයකට පෙර ඩ්‍රීම් ස්ටාර් වෙිදිකාවෙි තවමත් ගී ගයන රවීන් ට ආදරය කල බව කියන කුවෙිට් වල වෙසෙන තරුණියක්තමන්ගේ ජීවිතය නැති කර දමන උත්සහයක නිරත වනු අපට දකින්නට ලැබුනා.ඇය වරින් වර මෙි උත්සාහය කරනු වගේම රවීන්ගේ සහෝදරයා ලයිව් වීඩියෝවක සටහන් ⁣කලේ රවීන් ඇයට විවාහ වන බවට  පොරොන්දු  නොවූ බවය.
    එහෙත් ඇයව ගෙදරිනුත්දන්නා බවත් ඇයට මානසික ⁣ රෝගයක් ඇති බවත් ඔහු පැවසුවා.අනතුරුව අන්තර්ජාලය තුලට මුදා හැර තිබුනෙ ඇය හා ලිංගිකත්වය ට යොමුකරවන රවීන්ගෙ මැසෙන්ජර් හා වයිබර් පණිවිඩයි.
            මෙම කතාව මැකී යන්නට මත්තෙන් ඩ්‍රීම් ස්ටාර්ස් වෙිදිකාවෙි රවීන් හට විනිශ්වය දුන් සමීතා මුදුන්කොටුව පැවසූයෙ අර තරුණිය වීඩීයෝව තුල පල කල " සතුටින් ඉන්නකෝ " යන වචනයයි.විවාහයෙන් වෙන්ව සිටින සමිතා හට කලක් ප්‍රබල නමක්ද අෑදුනු අතර ඇගේ පියාද මව අතහැර තම සංගීත පන්තියේ ලාබාල තරුණියක හා කල් ගෙව්වා.
    සමිතාට  උත්කරයක් ලෙස සමාජ මාධ්‍ය විශ්ලේෂක චින්තන ධර්මදාස ඒ පිළිබදව මෙි විදියට සටහනක් තබා තියෙනවා.

උපුටාගැනීම

සමිතා ලංකාවෙ ප‍්‍රවීනයි කියල කියන ගායිකාවක්. ඒ වගේම පොඩි දේටත් ඇස්වල කඳුළු පුරෝගෙන සංවේදී කියල කාඩ් ගහගත්ත කෙනෙක්. ඒත් මේ කොල්ලට ප‍්‍රශංසා කරමින් සමිතා අන්තිමට කියන්නෙ කුප්ප කතාවක්. ගෑනියෙක් විදිහට කොහොමවත් නොකිව යුතු කතාවක්.

මේ ගායකයා එක්ක යාලුවෙලා හිටියා කියන කෙල්ලෙක් ඔන්ලයින් දාපු වීඩියෝවෙන් තමයි මේ කතාව එන්නෙ. ඒ කෙල්ල මෝඩ වෙන්න පුළුවන්, බොළඳ වෙන්න පුළුවන්, පිස්සු වෙන්න පුළුවන්... ඒ මොනවා වුනත් ඒ කෙල්ල ඒ වීඩියෝව කරන්නෙ වේදනාවකින්. මේ කොල්ලා බූට් එකක් තිබ්බද, රවට්ටලා ගියාද, මොකක්වත් තිබුනෙ නැද්ද, ඒ දේවල් අදාල නෑ. තමන් අකමැති නං ඔ්න සම්බන්දයක් නවත්තන්න ඔ්න කෙනෙකුට පුළුවන්.

ඒත් කෙනෙකුගෙ වේදනාවට රෙස්පෙක්ට් එකක් මිනිස්සු වුනහම තියෙන්න ඔ්න. ඇටෙන් පොත්තෙන් එන මේ කොල්ලට එහෙම දෙයක් නැතිවෙන එක අවුලක් නෙමෙයි. ඒත් සමිතා වගේ කෙනෙක් හරියට බැනගන්නවත් දන්නෙ නැති පොඩි කෙල්ලෙක්ගෙ වේදනාව ගන්නෙ බයිට් එකටද? මේක මේ කොල්ලට දාන නෝන්ඩියක් නෙමෙයි. සමිතා කරන්නෙ ප‍්‍රසිද්දියෙ අර කෙල්ලව මාධ්‍යයක් මැද්දෙ හිනාවට ලක්කරන එකයි. සමිතා කොයිතරං පීචංද කියල පෙන්නන එකයි

උපුටාගැනීම අවසන්

අදාල වීඩියෝව පහතින් නරඔන්න



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :