ads
News
Loading...

ප්‍රංශයේ නොට්‍රම් ඩ්‍රෑම් යළි තනන්න ලොව බලවතුන් එක්වෙයි


ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් ඊයේ(15) රාත්‍රීයේ හට ගෙන තිබුණි.

‍මෙම දේවස්ථානය මධ්‍යකාලීන යුගයට අයත් බව සැලකෙයි.

කෙසේ වෙතත් ගින්නෙන් එම දේවස්ථානයේ වහලයට බරපතළ හානි සිදුව ගින්නෙන් සම්පූර්ණයෙන් දැවී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න ඉතා ඉක්මනින් ව්‍යාප්තව ගොස් ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා භටයින් 400ක් පමණ යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

පැරිස් නුවර සිටින බොහෝ සංචාරකයින් මේ දෙස ඉතා විමතියෙන් යුතුව සිදුවුයේ කුමක් දැයි අදහා ගත නොහැකි ලෙස බලා සිටින බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගින්නෙන් පිළිස්සී ඇති කුළුණ කඩා වැටීමේ අවධානමක් ඇති බව ද වාර්තා වෙයි.

මෙය සමස්ත ක්‍රිස්තියානි ආගමේම සංකේතයක් ලෙසද විරුධාවලි ලබා තිබේ.

ගින්න හට ගත් අවස්ථාවේ දේවස්ථානය තුළ වු බොහෝ සිතුවම් හා වටිනා ද්‍රව්‍ය බේරා ගැනීමට හැකිවු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  මෙම ගින්න ඇතිවීමට හේතුව ලෙස යම්කිසි අලුත්වැඩියාවක් ඇතැම් අය පෙන්වන කාරණාවකි.ගොඩනැගිල්ලෙහි වූ අතිශය වටිනා දේ බෙිරා ගැනීමට හැකිවීම පිළිබදව ජනතාව කඳුළු පිරි දෙනෙතින් සතුට පලකරන බව විදෙස් මාධ්‍ය පවසයි.එමෙන්ම මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යානුකූලව නැවත සෑදීමට ලොව බලවතුන් එකතුවන බවත් පැවසෙයි.

 මෙි පිළිබදව අලුත්ම තත්වය පහතින් නරඔන්න 





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :