ads
News
Loading...

කොණ්ඩම් ගැනත් කතාවුනු යොවුන්පුරයේ ප්‍රශ්නය

  
    යොවුන්පුරයෙ සිද්ධිය සමාජ ජාලා වල ලොකු මාතෘකාවක් වෙලා තිබුනා.කෙසේ වෙතත් ඒ ගැන අද  කතා කලේ මිලින්ද රාජපක්ෂ මහතායි.

උපුටාගැනීම ⁣


එරන්ද වැලිංගෙ මිත්‍රයා, (සභාපතිතුමා) 
මේ සටහන ලියන්නේ අනුකම්පාවෙනි. 

එරන්ද වැලිංගේ කාගේ කවර පුතෙක්දැයි මට අදාළ නැත. මම එරන්ද වැලිංගේ, එරන්ද වැලිංගේ හැටියට පමණක්ම දකිමි. වැලිංගේ අද නායකත්වය දෙන ජාතික තරුණ සේවා සභාවට මමද වසර තුනකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වරයා ලෙස නායකත්වය දුන් නිසාත්, වැලිංගේ ගේ දේශපාලන කඳවුරට ප්‍රතිවිරුද්ධ කඳවුරේ තරුණ සංවිධානය නියෝජනය කරන නිසාත්, නාමල් රාජපක්ෂගේ පෞද්ගලික සහ වෘත්තීය මිතුරෙක් නිසාත්, සිරස දවස වැඩසටහනේ වැලිංගේ සහ මා අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටි ගැන අපක්ෂපාතීව පොර ටෝක් දී සති දෙකක්වත් ඉක්ම නොගිය නිසාත් වැලිංගේ තරුණයාට, මිත්‍රයාට, සභාපතිතුමාට පිළිතුරක් ලිවීම මගේ යුතුකමකි.

එජාප රජයේ පූර්ණ ආශිර්වාදයෙන් ජාතික තරුණ සේවා සභාවේ සහ තවත් අයගේ සංවිධාන ශක්තියෙන්  වීරවිල ප්‍රදේශයේ මීට සති දෙකකට පමණ පෙර පැවැත්වූ යොවුන්පුරය නමැති නේවාසික තරුණ කඳවුර අවසානයේ ඊට සහභාගී වූවන් සහ සංවිධායකයන් විසින් එහි පරිසරයට ඉතිරිකර දමා ගිය ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු කුණු කසල ගොඩ පෙන්වීමේ කිසිදු වරදක් මම නොදකිමි. පරිසරය ගැන විශාල කතාබහක් තියෙන අවධියක, මැයිරැළිය හා ජනබලය කොළඹට පසු නාමල් මන්ත්‍රීවරයා සමග තරුණ අපි ප්ලාස්ටික් සහ කුණුකසල මනා ලෙස බැහැර කරමින් ආදර්ශයක් දී තිබූ නිසාත්, වීරවිල අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂ එසේ නොකලා නම් තමයි පුදුම විය යුත්තේ. I

ඔබ සංවිධානය කළ වැඩසටහන අවසානයේ ඉතිරිවන දෑ ඉවත් කොට එම පරිසරය තිබූ ලෙසින්ම තබා යෑම ඔබේ වගකීමයි. එජාපයේ නායකයන්ගෙන් එහෙමත් නැත්නම් ආණ්ඩුවේ නායකයන්ගෙන් නාමල් ඇසුවේ සරල ප්‍රශ්නයකි. එනම් “ඔබලා රටේ තරුණ පරම්පරාවට දෙන ආදර්ශය මෙයද?” යන්න පමණී. රටේ වගකිවයුතුම රාජ්‍ය නිළධාරියකු ලෙස, තරුණ කටයුතු පිළිබද අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස නිහතමානීව තම වගකීම පිළිගන්නවා වෙනුවට සහ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට වැලිංගේ මහතා ජංගියක් සහ කොන්ඩමයක් අල්ලාගත්තේ ඇයි දැයි මට නොතේරේ. 

නාමල් මන්ත්‍රීතුමා දුටුවේ පරිසර දුෂණයයි. රාජකාරියේ මගහැර ගිය කොටසයි. විනය පිලිබද ගැටලුවයි. වැලිංගේ සභාපතිතුමා දුටුවේ ජංගිය සහ කොන්ඩමයයි. නාමල්ගේ දේශපාලන පරිණතභාවය සහ වැලිංගේ ගේ පරිපාලන පරිණතභාවය ගැන එතනින් එහාට කතා කරන්න දෙයක් නැත.
භූමියෙහි කොණ්ඩමයක් හා යට  ඇදුමක්

පසුගිය සතියේ ඔබත් මමත් කතා කලේ පරණ දේශපාලනය වෙනුවට අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටියි. නමුත් ඔබ තවමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ක්‍රෝධය සහ වෛරයෙන් ඔහුවත් මෙයට ඈඳමින් බාල ad hominem චරිත ඝාතනයක් කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔබත් අයත් වන්නේ ඒ පරණ මඩ දේශපාලන සංස්කෘතියටම බවයි. ඔබ නාමල්ට පිළිතුරු දිය යුතුව තිබුණේ කුණුහරප ලියා ඔහුට කෑ කෝ ගසා බැන වැදීමෙන් නොවෙයි. ඔබට තිබුනා වහාම නිළධාරින් යවලා ඒ භූමිය ලස්සනට සුද්ද කරලා සාගල ඇමතිතුමා අතින් කුඹුක් ගස් ටිකකුත් හිටවලා ඔබේ වගකීමේ සහ සංවිධාන ශක්තිය පෙන්වන්න. නමුත් ඔබ තෝරාගත්තේ අර ඉතුරුවෙලා තිබ්බ කුණුගොඩ වගේම ගදගහන මගක්, මිත්‍රයා.

නාමල් රාජපක්ෂට මා ගරු කරන්නේ ප්‍රධාන කාරණා තුනක් නිසා. පළමුවැන්න තමා ඔහු කවදාවත් තව කෙනෙක්ගේ චරිතයට නින්දා අපහාස නොකරන නිසා. එහෙම අපහාස කරපු තැනක් තියෙනවනම් ඒකත් අරගෙන එන්න අලුත් විවාදයකට. ඒ විතරක් නෙමෙයි අනුන්ට මඩගහන පෝස්ට් එකක්වත් නාමල් ශෙයා කරන්නෙත් නෑ. ඔයාගෙ පෝස්ට් එක අසංවර වෙන්නෙ ඒ නිසා. 

දෙවැන්න තමා සමකාලීන දේශපාලන සගයන්ට, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නාමල් මන්ත්‍රීවරයා ගරු කරන විදිය. සංවාදයේ යෙදෙන විදිය. මේ කුණු ප්‍රශ්නය මතුකරන්න කලින් නාමල් ට්වීටර් අකවුන්ට් එකෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහොමයක් මන්ත්‍රීවරු සහ ඇමතිවරු එක්ක සංවාදයේ යෙදිල තියෙනවා. පසුගියදා නාමල් මන්ත්‍රීතුමාගේ උපන්දිනයට සුභ පතල ඔහු මගේ පොතට ලියපු පසුවදන මම ෆේස්බුක් එකේ දැම්ම. නිවාඩු වෙලාවක කියවන්න. ඔයාගෙ පෝස්ට් එක කුණු වෙන්නෙ ඒ නිසා.
අපිරිසිදු වූ යොවුන්පුර භූමිය

තුන්වැන්න තමා ඔහු තම තාත්තා කියන සාධකය කළමනාකරණය කරන විදිය. වැලිඅංග, ඔබ මහින්ද රාජපක්ෂට ක්‍රෝධ කරන්නෙත් මම මහින්ද රාජපක්ෂට ආදරේ කරන්නෙත් ඔහු අපේ පරම්පරාවටත් උපදින්න ඉන්න තව දාහක් දරු පරම්පරා වලටත් නිදහස සහ සෞභාග්‍යය උදාකර දුන් නිසයි. නාමල් කියන්නෙ ඒ මහින්දගෙ පුතා. මහින්ද කියන තාත්තා නාමල්ට විතරක් නෙමෙයි රටටම 'අප්පච්චි' කෙනෙක් වුනා. ඒත් මට පෙන්නන්න නාමල් කරපු එක කතාවක්, එක එෆ්බී පෝස්ට් එකක්, එක ට්වීට් එකක්, මහින්ද ජනාධිපතිතුමා එහෙමත් නැත්නම් තමුන්ගෙ තාත්තාගෙ බලය හෝ ජනප්‍රියත්වය මතින් දේශපාලනය කරන. ඔයාගෙ පෝස්ට් එක අවිනීත මඩ ගොඩක් වෙන්නෙ ඒ නිසා. 

වැලිඅංග සභාපතිතුමනි, මම එහෙම කියන්නෙ ඔයා  'උත්තරේ' ලියල තිබ්බෙ සභාපති විදියට. මම ඒකට උත්තරයක් නොකියා 'පෝස්ට්' එකක් කියල කියන්නෙ මේ අසංවර, කුණු, අවිනීත මඩ ගතිය නිසා. 

මම මේ පොස්ට් එකට 'එරන්ද ප්‍රශ්නය' කියන්නෙ, ඔයා උත්තරේ යැයි කියපු ලියවිල්ල ඔබත් මමත් අයිති නූතන දේශපාලන සංවාදය ගැන කාළකන්ණි 'ප්‍රශ්නයක්' පමණක්ම ඇතිකරන නිසා. 

ඔබ එජාපයෙන් පාර්ලිමේන්තු යාවි. හැබැයි 21 වැනි සියවසේ තාරුණ්‍යය ඉල්ලන දේශපාලනය මතින්
නොව ඉතුරුවෙලා තියන තෙවරප්පෙරුම චන්ද වලින්. 

මිත්‍රයා, ඔයා පරක්කු නෑ. නාමල් ප්‍රශ්නෙත් එක්කම විසදුමක් දීල තිබ්බ. ඔයා නිළධාරින් එක්ක ඇවිත් කුණු සුද්ද කරන්න. අපි නාමල් එක්ක ඇවිත් පැළ හිටවන්නම්. කැමති නම් ඔයාගෙ තාත්තටත් එන්න කියන්න. මගෙ තාත්තා නැතිවෙලා අවුරුදු 20ක්. ඒ හින්දා රටේම 'තාත්ත' වෙච්ච නාමල්ගෙ තාත්තට ආරාධනා කරල බලන්නම්. වැලිඅංග, ඔයත් අලුත් දේශපාලනයට ගොඩවෙන්න. අපි මග බලන් ඉන්නවා. 

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :