ads
News
Loading...

සසන්ති ආපහු යන්න කලින් අමතක නොකල දේ



    සසන්ති ජයසේකර කාලෙකට පස්සෙ ලංකාවට ආවා මතකනෙ.ඉතින් සසන්ති යන්න කලින් අමතක  නොකල දෙයක් ගැන අද අපි ඔයාලට කියනවා.

මම මුලින්ම ලංකාවට එන්න තිරණය කල වෙලාවෙ ඒ ගැන සැකයක් ඇති උනා. ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක් හැටියට ජනතාව මොන ආකරයට මගේ ජීවිතේ වෙනස්කම් - මගේ සහකරු හා පුතාලා -  දකීවිද කියලා මට හිතුනා.

 මම බණ්ඩාරනායක ගුවන් තොටුපලට උදේ 4.10 පැමිණියාම මට පුදුම හිතුනා මිනිස්සු හා කාර්ය මණ්ඩලය මාව පිලිගත්ත උණුසුම් ව්දිහ දැක්කහම. මගේ ගමන ගැන දැන සිටි මාධ්‍ය මම කොළඹට ආවෙලාවේ ඉදන් ආපසු  එංගලන්තයට එනතුරු මම පිලිබඳ විමසුමත් උනා.

 මට ආදරය කරපු, මාව මුණගැහුනු, මට සංග්‍රහ කරපු, විශේෂයෙන් වෙලාව අරගෙන මාවම මුණගැසීමට පැමිණි සියලු දෙනාටම මම මගේ ස්තුතිය පිරිනමවා. ලංකාවේ වැඩිදෙනෙකුගේ ආදරය ලබන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. විශේෂයෙනම මාධ්‍ය වල හා මගේ සිනමාවේ හිතවතුන්. මම කවදත් හැමදෙනා සමග හොදින් ඉන්න ගත් උත්සහය මෙතරම් කල් ගිහින් හෝ පලදරා තියෙනවා. මට ඒ ලැබුනු ආදරය මගේ සහකරු හා දරුවන්ටත් එලෙසටම ලැබුනා, ඒ අය පිලිබඳ කිසිම ආකාරයක අයුතු සටහනක් කොහේවත් තිබුනේ නෑ. 

ලංකාවේ පුවත්පත්වල හා ටීවි නාලිකාවල ශිල්පීන් වගේම මාව ලස්සන කරන්නට දායක වුනු දක්ෂ වේශනිරූපන, කොණ්ඩා මෝස්තර හා චායාරූප ශිල්පීන් හැමෝටම මගේ ආදරය හා ස්තුතිය පිරිනමනවා.

 කැමරාවෙන් පිටුපස මම පවුලේ අයට මුල්තැන දෙන පවුලේ අය හා මගේ මිතුරන් සමග සතුටින් ඉන්න කැමති කෙනෙක්. මගේ පාසල් කාලයේ පටන් අද වෙනකල් මා සමග සිටින හිතවතුන් හැමදාම මගේ ජිවිතේ රැදිලා ඉන්නවා. මේ අය ගොඩ දෙනෙක් මාවයි පවුලේ අයවයි බලන්න කාලය කැපකරලා පැමිණියා, ඒක මම ගොඩක් අගය කරනවා වගේම මට අතිශය වටිනවා.

මට දැක්වූ ආදරය, කරුණාව, ගරුත්වයට ලංකාවේ හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා. මේ වෙන්වීම දුකක් උනත්, ඉදිරියේදි නිතර ලංකාවට ඒමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර, මගේ Facebook, Instragram හා Youtube නාලිකා හරහා මා සමග එකතුවිමට මම ඔබට ආරාධනා කරනවා.

 ඉදිරියේදි සිනමාවේ හෝ රූපවාහිනියේ හොද නිර්මාණයකට දායකවීමට මම කැමැත්තෙන් ඉන්නවා. ඒ ඔස්සේ වaත්තීය වශයෙන් මම කවදත් කැමති දේ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. 😘 . මා සමග රැදිසිටින්න..ඔබට මගේ ආදරය. මම ශ්‍රි ලාංකිකයකු වීම ගැන ආඩම්බර වෙනවා වගේම මගේ මව්රටට හැමදාම ආදරය කරනවා. 😘🙏❤
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :