ads
News
Loading...

මධූෂගේ ගෝලයා කංජිපානි සියල්ල වමාරයි

 
"මධුෂ් කියන්නේ වැඩක් කරන්න ඉස්සරින් දහපාරක් හිතන මොළයක් තියෙන කෙනෙක්, එයා කරන කියන දේවල් අපිට හිතා ගන්වත් බැහැ. ලංකාවේ නිල් දියමන්තිය උස්සල ඉවරවෙලයි මටත් කීවේ ඒ දියමන්තියත් සෞදියෙන් හොරකම් කරගෙන ආපු එකක් කියලයි මධුෂ් අයියා කිව්වේ. සුද්දෙක් දාල වැඩේ කලා කියලයි කිව්වේ"
 
රැඳවුම් නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධකම් පැවැත්වූ මෙරට දේශපාලනඥයන්ගේත්, පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකගේත් නම් ගම් සහිතව තොරතුරු රැසක් හෙළිකර තිබේ.ඊට අමතරව මාකඳුරේ මධුෂ්ට මෙරට අයත් දේපොල සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිකර ඇත. ඒ අනුව මධුෂ්ට අයත් ව්‍යාපාර රැසක් මෙරට ඇතැයි හෙළිවී තිබේ.
එම ව්‍යාපාර අතර දකුණේ සංචාරක හෝටලයක්ද මධුෂ්ට අයත් බව සඳහන්ය. එම හෝටලය වෙනත් පුද්ගලයකුගේ නමින් පවත්වාගෙන යන බවත්, වාහන කුලී ආයතනයක්ද මධුෂ් ආරම්භ කළ බවත් කංජිපානි ඉම්රාන් හෙළිකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මධුෂ්ට අයත් ඉඩම් රැසක් රටපුරා ඇති බවත්, ඉඩම් විකිණිමේ ව්‍යාපාරයක්ද ඔහු විසින් ආරම්භකර ඇති බවත් හෙළිවී තිබේ. මධුෂ්ට මෙන්ම කංජිපානි ඉම්රාන්ටද කොළඹ නගරයේ දේපල රැසක් හිමිව ඇති බවද අනාවරණය වී ඇත. කංජිපානි ඉම්රාන්ද දේශපාලනඥයන් රැසක් මෙන්ම පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරීන් කිහිප දෙනකු ඉතා කිට්ටුවෙන් ඇසුරුකර ඇතැයිද ප්‍රශ්න කිරීම් වලින් හෙළිවී තිබේ. එම නිලධාරින් අතර විශ්‍රාමික නිලධාරීන් දෙතුන් දෙනෙකු සිටින බව ද සඳහන්ය.
කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදී කොළඹ පොලිස් ස්ථාන රැසක ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් ඇමතුම් දෙමින් මරණියතර්ජනයන් එල්ලකර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් තර්ජනය කළේ නීති ගරුක අවංක පොලිස් නිලධාරීන්ට නොව, තමන්ගේ ප්‍රතිවිරුද්ධපාතාල කල්ලිසමග එක්ව කටයුතු කළ නිලධාරීන්ට බවය.
මාකඳුරේ මධුෂ් ඩුබායි රටට 2015 වසරේදී ගෙන්වා ගත්තේ තමන් බවත් ඔහුට එරට රැඳී සිටීමට ආයෝජන වීසා සකස්කර දුන්නේද තමන් බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළිකර තිබේ. මධුෂ් සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවල තොරතුරු පළ වන විට ඔහු තවත් උඩඟු වූ බවත් ඒ  හරහා අපරාධවැඩි වශයෙන් කිරීමට ඔහු පෙළඹුණු බවත් කංජිපානි ඉම්රාන් පවසා ඇත. මධුෂ් සිය දියණියගේ උපන්දින සාදය මහත් ඉහළින් සැමරීමට තීරණය කරන්නේ ද ශ්‍රී ලංකාවේ සිටින සිය හිතවතුන් ඊට සම්බන්ධකර ගන්නේ ද තම ශක්තිය පෙන්වීමට බව කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී පවසා තිබේ.
‘මධුෂ් අයියා පාටිය ඕගනයිස් කරනකොටම මම කිව්වා ඔය වැඩේ කරන්න එපා. අපිට ප්‍රශ්න තියෙන එකේ පාඩුවේ ඉමු කියල. ඒත් අයියා ඇහුවේ නැහැ. එයාට ඕනේ වුණා එයාගේ ලොකු කම පෙන්නන්න., කංජිපානි ඉම්රාන් එම සාදය ගැන පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ එවැන්නකි.
එම සාදයට කංජිපානි ඉම්රාන් පැමිණ ඇත්තේ සියලුදෙනා පැමිණීමෙන් පසු අන්තිම මොහොතේය. සිය බිරිඳ සහ දරුවන් සමග එම සාදයට සහභාගි නොවීමට තමා සූදානමින් සිටි බවත් මධුෂ් දිගින් දිගටම ඇමතුම් දෙමින් කළ පෙරැත්තය මත ඊට සහභාගි වූ බවත් කංජිපානි ඉම්රාන් පවසා ඇත.
මෙරට මාධ්‍යවල ප්‍රසිද්ධ වූ ආකාරයට අංගොඩ ලොක්කා එම සාදයට සහභාගිවී නොසිටි බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ. තමන් සාදයට පැමිණෙන තුරු මධුෂ් සිය දියණියගේ උපන්දින කේක් නොකපා සිටි බවද කංජිපානි ඉම්රාන් පවසා ඇත.
ව්‍යාපාරික රිස්ඛාන්ගේඝාතනය මධුෂ්ට මෙන්ම තමන්ටද දැඩිව බලපෑ බවත්, රිස්ඛාන් සිය ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධකර නොගන්නා ලෙස මධුෂ්ට තමන් පැවැසූ බවත් කංජිපානි ඉම්රාන් පවසා තිබේ. තමන්ගේ උපදෙස් නොතකා රිස්ඛාන් ව්‍යාපාරවලට සම්බන්ධකර ගැනීම නිසා මධුෂ්ට දැනෙන්නට රිස්ඛාන්ට වෙඩිතබාඝාතනය කළ බව ද කංජිපානි ඉම්රාන් පවසා තිබේ. එමඝාතනයසිය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අයකු වන ගොත අසංක නැමැත්තා මැගසින් බන්ධනාගරයේ සිට කරන ලද සැළසුමකට අනුව සිදුවූවක් බවද කංජිපානි ඉම්රාන් අනාවරණය කර ඇත.
රිස්ඛාන්ගේඝාතනයත් සමග තමා මධුෂ් සමග හිත් අමනාප වී සතියක් පුරාවට කතා බහ නොකර සිටි බව ද ඉම්රාන් හෙළි කර තිබේ. රිස්ඛාන්ඝාතකයාගෙන් පලි ගන්නා බවටත්, ඔහුගේ හිස රිස්ඛාන්මරාදැමූ තැනටම ගෙනවිත් දමන බවටත් මධුෂ් තමන්ට පෙරොන්දු වූ බව ද කංජිපානි ඉම්රාන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පොරොන්දු ආකාරයටම රිස්ඛාන්ගේඝාතකයා වන කොස් මල්ලීගේ හිස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනවිත් දැමූ බවත්, මධුෂ් සැලසුම් සහගතව අපරාධමෙහෙයවීමට දක්ෂයකු බවත් කංජිපානි ඉම්රාන් ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරයිද නැති නම් ඔහු වෙනත් රටක රැකවරණය ලැබෙයිද යන්න පිළිබඳ ඇත්තේ සැබවින්ම ගැටලුවකි. එම ගැටලුව නිර්මාණය වන්නේ එරටින් පිටුවහල්වීම වළක්වා ගන්නට මාකඳුරේ මධුෂ් මේ වන විටත් එරට අධිකරණයේ පිහිට පතා ඇති බැවිනි. මධුෂ් වෙනුවෙන් ඉදිරිපත් ව සිටින ඉන්දියානු නීතීඥයන් පිරිසක් එරට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මධුෂ්ට ජීවිතතර්ජන ඇති බවය.

මධුෂ්ගේ පෙත්සම
ඒ බව තහවුරු කිරීමට නීතිඥයන් මඟින් මධුෂ් එරට අධිකරණයට අවධාරණය කර ඇත්තේ කුඩා කල සිය මව පවාඝාතනයට ලක් වී ඇති බවය.
මධුෂ්ගේ මව නමින් මාලනී සමරසිංහය. ඇයඝාතනය වන්නේ 88-89 භීෂණසමයේදීය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට සහභාගි වී නිවසට යමින් සිටියදීය. එසේ සිය මවඝාතනයවන විට මධුෂ් පාසල් යන වයසේ පසු වූ කුඩා දරුවෙකි.
මවගේඝාතනය පමණක් නොව, සිය එකම සහෝදරයා වූ නිරෝෂන් ලක්ෂිතගේඝාතනයද ඔහු එම අභියාචනයටඇතුළත් කරන්නට අමතක කර නැත. සුදු වෑන් රථයකින් පැමිණිසන්නද්ධ කණ්ඩායමක් මධුෂ්ගේ සහෝදරයාපැහැරගෙන යන්නේ 2009 වසරේදීය. පැහැරගත්දිනට පසු දින වෙඩිතබාඝාතනය කළ ඔහුගේ මළසිරුර හමුවන්නේ මාතර වේල්ල මත තිබියදීය.
මධුෂ් පෙන්වා දෙන්නේ තමන් ඩුබායි රාජ්‍යයට එන්නේ සිය සහෝදරයාමරාදැමූවන් තමාවද ඝාතනයකරන්නට උත්සහ ගත් බැවින් යැයි කියාය. අජිත් එරංග වර්ණකුලසූරිය නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යයට 2015 වසරේ සංචාරකයෙකු ලෙස පය තබා ඇති මකඳුරේ මධුෂ් දැන් එරට රැදී සිටින්නේ ව්‍යාපාරිකයෙකු ලෙසිනි. ඒ වසර තුනක් රැඳී සිටීමට ඇති නේවාසික විසා බලපත්‍රයක්ද ඇතැතිවය. එම ආයෝජන වීසා බලපත්‍රය ඔහු ලබා ගන්නේ 2016 වසරේදීය.
සිය ජීවිතාරක්ෂාවටඅමතරව පිටුවහල් කිරීමෙන් ගැලවීමට මධුෂ් සිය නීතීඥයන් මඟින් තවත් සුවිශේෂි කරුණක් ඉදිරිපත් කර ඇත. එනම් තමන් පිටුවහල් කළහොත් සිය ව්‍යාපාර කඩා වැටීමකට ලක් වන බවකි. එසේම සිය වත්කම් සියල්ලක්ම ඩුබායි රටේ ආයෝජනය කර ඇති බැවින් ඒවා අතහැර යන්නට හැකියාවක් නැති බවද පෙන්වා දී තිබේ.

ආයෝජන වීසා
මධුෂ් ආයෝජන වීසා බලපත්‍රයක් ලබාගන්නේ මහා ලොකු ව්‍යාපාරිකයෙකු ලෙස නොවේ. මෙරටින් පලා ගොස් එරට සැඟවී සිටින බොහෝ අපරාධකරුවන් එරටේ රැඳී සිටින්නේ ආයෝජන වීසාවලට මුවා වීය. වැට් බදුවංචාවේ මහා මොළකරු බව සඳහන් මොහොමඩ් කුදිප්දීන්, මහා පරිමාණයේමත්කුඩුජාවාරම්කරුවෙකු වන කිරුළපොන මොරිල්, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරිකයෙකු වන එමිල් කාන්තන්, මහා පරිමාණයේමත්කුඩුජාවාරම්කරුවෙකු වන මොහොමඩ් මුබාරක්ද එරට රැදී සිටින්නේ ආයෝජන වීසා මඟිනි.
මධුෂ් සමඟ ඩුබායි පොලිස්අත්අඩංගුවේ පසුවූ කංජිපානි ඉම්රාන්ද එරට රැඳී සිටියේ ආයෝජන වීසා මඟිනි. එමෙන්ම මේ වන විටමරණීයදණ්ඩනය හිමි වී බන්ධනාගාරයේ සිටින වෙලේ සුදා නැමැති කුප්‍රකටමත්කුඩු ජාවාරම්කරුද රිමාන්ඩ් භාරයේ සිටින මොහොමඩ් සිද්ධික් යනමත්කුඩු ජාවරම්කරුදකාලයක් ඩුබායි රටේ රැඳී සිටියේද ආයෝජන වීසා මඟිනි. මත්කුඩුඇණවුමකට ඩුබායි සිට පාකිස්තානයට ගොස් සිටියදී එරට ආරක්ෂක අංශවලට හසු වී මෙරටට භාර නොදෙන්නට ඔවුන් දෙදෙනාද අද සිටින්නේ ඩුබායි රටේය.
මේ අය ආයෝජන වීසා අයැදුම් කරන්නේ ආයෝජන වීසා හිමි විදේශිකයන්ට ඩුබායි රටේ වරප්‍රසාද රැසක් හිමි වන බැවිනි. ආයෝජන වීසා අත දරන්නන්ට එරටේ නිවාස පවා 99 බද්දට මිලදී ගැනීමට හැකියාව හිමි මේ. මධුෂ්ට එරටේ නිවසක් හිමි වී ඇත්තේ ඒ අනුවය. සියඅනියම් බිරිය සහ දරුවන් සමඟ මධුෂ් වාසය කරන්නේ එම නිවසේය. කංජිපානි ඉම්රාන්ගේ සිය බිරියසහ දරුවන් සමඟ පදිංචිව සිට ඇත්තේ ඊට යාබද නිවසකය. එයද 99 බද්දට කංජිපානි සිය බිරියගේ නමින් මිලදී ගත්තකි.
ඩුබායි රටේ ආයෝජකයෙකු වන්නට මුදල් යහමින් ඇති නම් එතරම් අපහසු කාර්යක් නොවේ. ආයෝජන වීසා සකස් කර දෙන්නට සංවිධානය වූ පිරිස් එහි සිටිති. ඒ අය ඩුබායි නීතියේ කනින් රිංගා මුදලට එම වීසා සකස් කර දෙන්නේ ලක්ෂ පනහක හැටක කුට්ටියක් අතට ගෙනය. ඊට අමතරව ආයෝජන වීසා බලපත්‍රය වෙනුවෙන් පමණක් මෙරට මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්ද වැය කළ යුතුය.
දන්නා ශිල්ප සියල්ලක්ම දමා මෙරටට පිටුවහල් කිරීම වළක්වා ගන්නට මධුෂ් දැඩි උත්සහයක නිරත වන්නේ පසුගිය පෙබරවාරි 05 වැනිදා සාදයේදී අත්අඩංගුවට ගත් සියලු දෙනාම නිදහස් කර මෙරටට එවන්නට එරට මහජන නීතිය ක්‍රියාත්මක කරන්නා තීරණය කිරීමත් සමගිනි.
දේශපාලකයන්,පොලිස් නිළධාරීන්ගෙ නම් කිහිපයක්....?

කංජිපානි කියන කතාව
කංජිපානි ඉම්රාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙකු බව සඳහන්ය. ඔහුගේ මුල්ම රැකියාව මාලිගාවත්තේ පිහිටි පොදු වෙළඳ සංකීර්ණය තුළ ඇති කුකුළු මස් කඩේ මුදල් අයකැමිකමය. පාසල් ගමනට සමුදීමෙන් පසු වසර තුනක් තිස්සේම ඔහු එහි සේවය කළේය. පසුව තමාගේම යැයි කියා කුකුළු මස් කඩයක් ඔහු මාලිගාවත්ත හංදියේ දමා ගත්තේය.
මුස්ලිම් පාතාලයේ රජු ලෙස එකල වැජඹුණු ෆාජිගේකල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන මංජල් අක්‍රම් ඔහුට මුණ ගැසෙන්නේ එහිදීය. පාතාලමර්ධන මෙහෙයුමකින් පසු අතුරුදන්වන සිය බිරිය සහ දරුවන් බලා කියා ගැනීමේ වගකීම ඉන් අනතුරුව කරට ගන්නේ කංජිපානිය. ඒ වන විට කංජිපානි ඉම්රාන්ද සිටියේ විවාහකවය. ඔහුට එම බිරියට දාව දරුවන් දෙදෙනෙකි. සිය මිතුරා වූ මංජල් අක්‍රම්ටද දරු දෙදෙනෙකි. මංජල් අක්‍රම්ගේ බිරියට කංජිපානි ඉම්රාන් කිට්ටු වීම ෆාජිගේ සහෝදරයෙකු වූ බයියාට එතරම් රිස්සුවේ නැත. ඇහැට කනට පෙනෙන සුරූපී කාන්තාවක වූ මංජල් අක්‍රම්ගේ බිරියට ඒ වන විටත් බයියා සිටියේ ඇස ගසාගෙනය.
ප්‍රශ්න කිරීම
එබැවින් බයියා අවස්ථා දෙකකදීම කංජිපානි ඉම්රාන්ට කොකාගස්සා තිබිණි. ඒ අවස්ථා දෙකකදීම දිවිගලවා ගන්නා කංජිපානි 2015 වසරේ මාර්තු 28 වැනිදා රටින් පනින්නේ බයියාගෙන් ජීවිතයගලවා ගන්නටය. එහි ගොස් වැඩි කාලයක් යන්නට මත්තෙන් ආයෝජන වීසා බලපත්‍රයක් ලබා ගන්නා ඔහු මංජල් අක්‍රම්ගේ බිරිය සහ දරුවන් දෙදෙනා එරටට ගෙනාවා ගත්තේය. ඒ ඇගේ නමින් ඔහු එරටින් මිලදී ගත් නිවසකටය. පසු කාලයේ ඔහු සිය දරුවන් දෙදෙනාවද ඩුබායි ගෙන්වාගත්තේය. දැන් මංජල් අක්‍රම්ගේ බිරියට දාවද කංජිපානි ඉම්රාන්ට දරුවෙක් සිටී. මේ දරුවන් පස් දෙනාටම ඔහු වෙනසක් නොකරමින් සලකන්නේ තමන්ගේ දරුවන්ට සේය. පොලිසිය පවසන්නේ කංජිපානි ඉම්රාන්ගේ අපරාධලේඛනය සැකසෙන්නේ ඩුබායි ගිය පසු බවය
“මම මගේ බිරියමැරුවේ නැහැ. මට රිද්දන්න එයාවමැරුවේ පූකුඩි කන්නලා“ සියලුඅපරාධ පිළිගනිමින් කංජිපානි සිය බිරිය නොමැරූ බව පවසන්නේ හැඬූ කඳුළිනි. ඔහු පවසන්නේ තමන් බිරියට අසීමිතව ආදරය කරන බවකි. එසේ නම් බිරිය ඩුබායි රටට ගෙන්වා නොගෙන දරුවන් පමණක් එරටට ගෙන්වාගෙන අනියම් බිරියක් සමඟ වාසය කරන්නේ ඇයි දැයි කළ ප්‍රශ්න කිරීම්වලට ඔහුට පිළිතුරු නැත. ඒ සිය බිරියඝාතනය කළේ කංජිපානි ඉම්රාන් විසින්ම බවට සාක්ෂි ගොන්නක්ම පොලිසිය සතුව ඇති බව ඔහුද හොඳාකාරවම දන්නා බැවිනි.
“මධුෂ් කියන්නේ වැඩක් කරන්න ඉස්සරින් දහපාරක් හිතන මොළයක් තියෙන කෙනෙක්, එයා කරන කියන දේවල් අපිට හිතා ගන්වත් බැහැ. ලංකාවේ නිල් දියමන්තිය උස්සල ඉවරවෙලයි මටත් කීවේ ඒ දියමන්තියත් සෞදියෙන් හොරකම් කරගෙන ආපු එකක් කියලයි මධුෂ් අයියා කිව්වේ. සුද්දෙක් දාල වැඩේ කලා කියලයි කිව්වේ“ දියමන්ති කොල්ලය ගැන දන්න දේවල් ටික කංජිපානි ඉම්රාන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එසේය.
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින කංජිපානි ඉම්රාන් රඳවා තබා ඇත්තේ කොළඹ වරාය භූමියේ පිහිටි අධිආරක්ෂිත සිරමැදරියකය. ඔහු බියෙන් සලිතව සිටින්නේ වෙඩිපහරකින් මරුමුවටපත්වේ වි යැයි කියාය. පොලිස්සිරමැදිරියෙන් පිටතට ගන්නා සෑම අවස්ථාවකදීම පාහේ ඔහු වැසිකිළියට දෙතුන් පාරක්ම යන්නේ ඒ නිසාය.
“ බුම්මයි, පූකුඩිකන්නයි මම එළියට එනකම් බලාගෙනයි ඉන්නේ“ කංජිපානි ඉම්රාන්මරණ බියෙන්සලිතව කියන්නේ එසේය.
බුම්මා යැයි කියන්නේ එල්.ටී.ටී.ඊ හිටපුවෙඩික්කරුවෙකි. මාකඳුරේ මධුෂ්ගේප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන කොස්ගොඩ සුජීගේකල්ලියට සම්බන්ධව සිටින බුම්මා පසුගිය කාලයේ කොළඹ සිදු වුණු ඝාතනරැසකටම සම්බන්ධව සිටින්නෙකි. පොලිස් විශේෂ කාර්ය බළකාය ජා-ඇල පැත්තේ නිවසක් වටලා සොයාගත්අවිආයුධ සහ මත්කුඩුතොගය බුම්මාගේය. පූකුඩිකන්නා ඔහුගේ ලොක්කාය. ඩුබායි සිට කංජිපානි ඉම්රාන් මෙහෙයවූ බව සඳහන්ඝාතකන ලැයිස්තුවේ පූකුඩිකන්නාගේ පියාගේ නමද ලියැවී ඇත. එමඝාතනයසිදු වන්නේ මෝදර තැපැල් කන්තෝරුව ආසන්නයේදී ඉකුත් වසරේදීය.
මධුෂ්ට මෙරට ඇති වත්කම් ගැන පවා කංජිපානි ඉම්රාන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී බොහෝ තොරතුරු හෙළි කර ඇත. එකී හෙළිදරව් අතර මධුෂ්ට අයත් මෙරට පිහිටි සංචාරක හෝටලයක් තිබේ. එම හෝටලය ඇත්තේ කෙහේදැයි එහි නම කුමක්දැයි කංජිපානි කියන්නට දන්නේ නැත. එහෙත් හෝටලයක් ඇති බව නම් ඔහු දනී. ඊට අමතරව මධුෂ් සියමත්කුඩුජාවරමෙන් උපයාගත් කෝටි ගණනක මුදල් යොදවා බහුදින ධීවර යාත්‍රා කිහිපයක්ද මිලදීගෙන තිබේ.
ඉඩම් කට්ටි කර විකිණිමේ ව්‍යාපාරයකද මධුෂ් මුදල් ආයෝජනය කර ඇති බව සඳහන්ය. ඒ කා සමඟ දැයි කංජිපානි ඉම්රාන් කිසිවක් දන්නේ නැත. එහේත් මධුෂ්ගේ මුදල් ආයෝජනය කර ආරම්භ කළ වාහන කුලී ආයතනයක් ගැන නම් කංජිපානි හොඳාකාරවම දැන සිටී. ඒ ඩ්‍රොප් මී නම් වූ වාහන කුලී ආයතනයයි. එහි හිමිකරු ලෙස පෙනී සිටියේ කංජිපානි ඉම්රාන්ගේ අඹ යහළුවෙකු වන රිස්ඛාන්ය.
“රිස්ඛාන් අහිංසකයෙක්. මිනිහගෙ නමින් ඩ්‍රොප් මී පටන්ගන්න කොට මධුෂ් අයියට මම කිව්වා එයාව මේ වැඩවලට ගාව ගන්න එපා කියලා. ඇහුවේ නැහැ. අන්තිමට මොකද වුණේ. මධුෂ්ට රිද්දන්න රිස්ඛාන්ඛාන්ටවෙඩිතියලාමැරුවා“ කංජිපානි ඉම්රාන් ඒ බව කියන්නේ අදටත් කණගාටු වෙමිනි.
මධුෂ්ගේ කළුසල්ලි සුදු කරන්නට මධුෂ්ගේ ව්‍යාපාර බොහොමයක් මෙහෙයවූ පුද්ගලයෙකු වන රිස්ඛාන් පසුගිය වසරේදීඝාතනයවන්නේ කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීය.
“රිස්ඛාන්මැරුවේ ගොත අසංක. මිනිහට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණා. සමයංමරපු එකට. සමයංගේ තැන දැන් ඉන්නේ ගොත අසංක. වැලිකඩ ඉඳගෙනයි වැඩේ ප්ලෑන් කළේ. මධුෂ් අයියා ගොතයටහිරේ ඇතුළේම තියල වැඩක් දෙන්නයි හිතාගෙන හිටියේ. ඩුබායි පොලිසියට අහුවෙච්ච නිසා ඔක්කොම වැඩ අවුල් වුණා“ කංජිපානි ඉම්රාන්ලෙයටලෙය පළිගන්නට කළ සූදානමක් ගැන හෙළි කරන්නේ එසේය.
“රිස්ඛාන්මැරුවා කියලා දැනගත්තාම මම මධුෂ් අයියා එක්ක රණ්ඩු වුණා. අහිංසකයාමරා ගත්ත කියලා. ඒ වේලාවෙ මධුෂ් අයියා මට කිව්වා උඹ දුක්වෙන්න එපා. ඕකුන්ගෙන් මමපළිගන්නවා කියලා. සතියක් යන්න ඉස්සරින් රිස්ඛාන්මරපුඑකාගේ බෙල්ලගෙනත්රිස්ඛාන් මරපුතැනම තියනවා කියලත් කිව්වා. ඒ වගේම මධුෂ් අයියා කළා. ඒ සතියම මම මධුෂ් අයියා එක්ක කතා කළේ නැහැ.”
“රිස්ඛාන්ටවෙඩි තියපු කොස්මල්ලි කොහොම හොයාගත්තද දන්නේ නැහැ. වීඩියෝ කෝල් එකක් අරගෙන කොස් මල්ලි එක්කත් මධුෂ් අයියා කතා කළා. කොස්මල්ලි ගහක ගැටගහලයි හිටියේ. දැන් උඹගේ බෙල්ල කපලාමරනවා කියලත් කොස් මල්ලිට කිව්වා. අන්තිමට ඒ කිව්වා වගේබෙල්ල කපලාරිස්ඛාන්ගේ ගේ ගාවට ගිහින් දැම්මා. බෙල්ලකපලමරන එක මධුෂ් අයියා වීඩියෝ කෝල් එකෙන් බලාගෙන හිටියා“ මධුෂ් ලේපිපාසිතයෙකු බව කංජිපානි ඉම්රාන් පෙන්වා දෙන්නේ එසේය.
කංජිපානි ඉම්රාන් පවසන්නේ මාකඳුරේ මධුෂ් වීරයෙකු කර ඇත්තේ ජන මාධ්‍ය බවය. සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යවල මධුෂ් ගැන තොරතුරු පළ වන විට මධුෂ් පිම්බුණු බවත් ඔහු වැඩි වැඩියෙන් අපරාධවලට යොමු වුණේ ඒ නිසා බවත් කංජිපානි ඉම්රාන් කියයි.
“මධුෂ් අයියා එයාගේ දුවගේ උපන්දින පාටිය සංවිධානය කරන්නේ එයාගේ හයිය පෙන්නන්න. ඒක දැනගත්තු මම අයියට කිව්වා ෂේප් එකේ ඉමු. අපිට පාටි මොකටද කියලා. ඒත් අයියා ඇහුවේ නැහැ. එයාට උවමනා වුණේ දැනෙන යමක් කරන්න. තරු හයේ හෝටලයක්ම මේකට යොදා ගත්තේ ඒ නිසයි. මම එපා කියද්දී ලංකාවෙන් කට්ටියත් ගෙන්න ගත්තා. මම ඒ ගැන හිටියේ හිතේ අමාරුවෙන්. මම පාටියට යන්නේ නැහැ කියල හිතාගෙනයි හිටියේ. අන්තිම මොහොතේ බිරියයි දරුවොයි එක්ක ගියේ අයියා තරහා වුණොත් කියලයි. මම එනකම් අයියා කේක් එක කපල තිබුණේ නැහැ.
අන්තිමට පාටියට ගියේ මමයි බිරියයි දරුවෝ ටිකයි. හැබැයි මට අමුත්තක් තේරුණු නිසා දරුවොයි බිරියයි ඉක්මනින් ගෙදරට පිටත් කළා. මමත් වැඩි වේලාවක් ඉන්නේ නැතිව ගෙදරට යන්න කියලා කාර් එකට නැග්ගා. ඒ රටේ සී.අයි.ඩී.ය කඩා පැන්නේ ඒ වෙලාවේ. කාර් එකේ හිටපු මාවත් එයාලා අත්අඩංගුවට ගත්ත“ එදා ඩුබායි සාදය ගැන කංජිපානි ඉම්රාන් පවසන්නේ එවැන්නකි.
කංජිපානි ඉම්රාන් එරට රැදී සිට ඇත්තේ රන් ව්‍යාපාරිකයෙකු ලෙසිනි. නමුත් ඔහු ආයෝජන වීසා බලපත්‍ර ලබාගන්නේ ජංගම දුරකතන සහ උපාංග ව්‍යාපාරයේ නිරතව සිටින්නෙකු ලෙස පෙනී සිටිමිනි. ඒ සියල්ල ව්‍යාජ රඟපෑම්ය. සැබෑ ව්‍යාපාරය වූයේමත්කුඩුජාවාරමය.
“ මධුෂ් අයියයි, වැලිකඩ හිරේ ඉන්න සිද්ධිකුයි තමයි ලංකාවට වැඩියෙන්ම හොරොයින් ගේන්නේ. දෙන්න අතරයි තරගෙ තියෙන්නේ. මම කරන්නේ මධුෂ් අයියගේ බඩු කොළඹ බෙදන එක. මාසෙකට මට ලක්ෂ 15ක් 20ක් ලැබෙනවා. හැබැයි වැඩියෙන්ම මධුෂ් අයියගේ බඩු එහා මෙහා කරන්නේ නවාස්. මිනිහා ඉන්දියාවේ ඉඳගෙනයි වැඩේ කරන්නේ“ මධුෂ්ගේමත්කුඩු ජාලය ගැන කංජිපානි ඉම්රාන් වමාරන්නේ එසේය.
කංජිපානි ඉම්රාන් පවසන නවාස් නැමැත්තා මීගමුවේ සිටිපාතාලයේ නම ගිය කල්ලිනායකයෙකු වූ ෆොරෝස්ගේ මස්සිනාය. පොලිස්මත්ද්‍රව්‍යකාර්යාංශයේ වැටලීම් අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවටවෙඩි තබාඝාතනය කිරීමේ සැලසුම පිටුපසද සිටියේ ඔහුය. ඔහු ඉන්දියාට පනින්නේ රංගජීවටවෙඩි තැබීමෙන් පසුවය. කංජිපානි ඉම්රාන් පවසන්නේ රංගජීව ඝාතනයකරන්නට මධුෂ් සැලසුම් කරන්නේ සිය අනියම් බිරිය වන දිලිනි ඉෂාරාගේ ඉල්ලීමක් ඉටු කරන්නටය. ඒ සිය සැමියා වූ කළු තුෂාර වැලිකඩ බන්ධනාගාරයේදීවෙඩිප්‍රහාරයකින්මරුමුවට පත් වීමටපළිගන්නටය.
මධුෂ්ගේ පැමිණීම
කංජිපානි ඉම්රාන් බොහෝ රහස් මේ වන විටත් වමාරමින් සිටී. ඒ අතර හෙළි කළ නොහැකි රහස් ගොන්නකි. මධුෂ්ට මෙරට පැවැති දේශපාලන සහ බලවතුන්ගේ සම්බන්ධකම්ද ඒ අතර නැතුවාම නොවේ. විදේශකටයුතු ඇමති තිලක් මාරපන මහතා මාකඳුරේ මධුෂ්ව මෙරටට භාරදෙන ලෙස එක්සත් එමීර් රාජ්‍යයෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට අබුඩාබි බලා ඉකුත් සතියේ හදිසියේම යන්නේද ඒ නිසාය.
එම ගමනට නීති පති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙක්ද එක් වී සිටියහ. ඒ අය පසුගිය 03 වෙනිදා එරට විදේශ කටයුතු රාජ්‍ය ඇමති ආචාර්ය අන්වර් බින් මොහොමඩ් ගර්ෆාෂ් මහතා මුණ ගැසී මධුෂ් මෙරටට පිටුවහල් කරගන්නට රාජ්‍ය තාන්ත්‍රික කතාබහක නිරත වන්නේ මධුෂ්ට එරෙහිව ඇති අපරාධලේඛනයක්ම ඉදිරිපත් කරමිනි. එම සාකච්ඡා අවසානයේදී ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එක්සත් එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂික් කලීෆා බින් සයිඩ් අල් නයන් මහතා වෙත යොමු කළ ලිපියක්ද එරට විදේශ කටයුතු ඇමතිවරයා අත තිලක් මාරපන ඇමතිවරයා තබන්නේ එය එරට ජනාධිපතිවරයාට ලබාදෙන්නටය.
තිලක් මාරපන ඇමතිවරයා එසේ එරට විදේශ කටයුතු ඇමතිවරයා සමඟ සාකච්ඡාවල නිරතව සිටියදී එරට අත්අඩංගුවේ සිට තවත් 09 දෙනෙකු නිදහස් කිරීමට එරට පොලිසිය පියවර ගත්තේය. මාරපන ඇමතිවරයා එක්සත් එමීර් රාජ්‍යයට යන විට නිදහස් කළ 09 දෙනාගෙන් තවත් දෙදෙනෙකු මෙරටට එන්නට නියමිතය. මධුෂ් හැරුණු කොට ඉදිරි දින කිහිපය තුළ සියලු දෙනාම මෙරටට එනු ඇත. මධුෂ්ගේ පැමිණිම ප්‍රමාද වන්නේ ඔහු නඩුවක් ගොනු කර ඇති බැවිනි. දැනගන්නට ඇති ආකාරයට අනුව එම නඩුව විභාගයට ගැනීමට තීරණය වී ඇත්තේ ලබන 18 වැනිදාය. ඒ අනුව මධුෂ් මෙරටට පිටිවහල් කිරීමක් සිදු වන්නේදැයි නැතිදැයි යන්න පිළිබඳ සියල්ල තීරණය වන්නේ 18 වැනිදායින් පසුවය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :