ads
News
Loading...

යහපත් හෙට දවසකට ඔබවන් අය අවශ්‍යයි


කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෑත කාලීන රාජ්‍ය සේවකයෙකු ලැබු සුවිශේෂීතම ජනතා ගෞරව සම්මානයෙන් පුද ලද එකම රාජ්‍ය නිලධරියාය. එහි එක් සුවිශේෂීම කරුණක් නම් ඔහු වෙත මෙම ජනතා ගෞරව සම්මානය පුද කරන ලද්දේ වසර තිහක යුද්ධයකට සෘජුවම මැදිහත්ව ජීවත් වූ එයින් පීඩාවට ලක් වූ ඒ වෙනුවෙන් දැන හෝ නොදැන පෙනී සිටි කිලිනොච්චි මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ජීවත් වූ දමිල ජනතාවගෙන් වීමය. එහි අනෙක් කරුණ නම් කර්නල් රත්නම්ප්‍රිය බන්දු යනු පස්වතාවක් රණ වික්‍රම ( R W P), රණ ශුර (R S P) ආදී ක්‍රියාන්විත රාජකාරියේ දී දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවයන් වෙනුවෙන් හමුදාමය සම්මාන වලින් පුද ලද හමුදා නිලධරයෙකු විමය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ අණදෙන නිලධාරි ලෙස කිලිනොච්ච් මුලතිව් යාපනය යන දිස්ත්‍රික්යන්හී ජනතාව වෙත ඔහු කරන ලද අමිල සේවය, සංවර්ධන කටයුතු හා සේවාවන් වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාව ඇඩූ කදුලින් සමුදෙමින් තම දයාබර නායකයාට සෙනෙහස පුද දෙන අයුරු මෑතදී රෑපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් මගින් දකින තුරුම ඔහු පිලිබදව, ඔහු විසින් කරන ලද සේවය පිලිබද, ඔහු එම ප්‍රදේශ වල දමිල ජනතාවගේ හදවත කෙතරම් තදින් වැලද ගෙන තිබේදැයි බොහෝ පිරිසක් දැන සිටියේ නැත.
       අතිශය සරල, ප්‍රායෝගික, නිහතමානී මෙම රාජ්‍ය නිලධරයා ඉතා කෙටි කලක් තුල කරන ලද මෙම සුවිශේෂී සේවය තුලින් මුලු මහත් ශ්‍රී ලංකාවට, යුද හමුදාවට මෙන්ම සිවිල් ආරක්ෂක බලකායට පවා තම සේවය කාලය තුල ලබා දුන්නේ අතිශය ගෞරවයක් වන අතර ඔහුගේ මෙම ක්‍රියාවන් ශ්‍රී ලාංකීක සෑම දේශපාලන/ රාජ්‍ය නිලධරයෙකුටම මෙන්ම හමුදා නිලධාරයෙකුටම කැපවීමෙන්, අධිෂ්ධානයෙන් තම ලැබෙන සෑම අවස්ථාවක සෙනෙහසින් තම ජනතාව වෙත ජාතී, ආගම්, කුල බේදයකින් තොරව සේවය කිරීම තුලින් ඕනෑම අයෙකුට මෙවන් ගෞරවක් ලැබිය හැකි බවට මෑත කාලීන ඉතිහාසේ සපයා තිබෙන හොදම පුර්වාදර්ශය සපයා ඇත. එමෙන්ම එය සංහිඳියාව සඳහා දැනට ලෝකයේ හදුනා ගන තිබෙන උසස්ම තලයේ පුර්වාදර්ශයක් ලෙස දෙස් විදෙස් වියතුන්ගේ නිරන්තර ඇගයීමට ලක් වෙමින් තිබෙන අතර කුඩා කල සිටම පාසැල් දරුවන්ගේ සැබෑ නායකත්වය මනසට කාවැද්දීම පිනිස පාසැල් දරුවන්ගේ පෙල පොත් වලට පවා ඇතුලත් කල යුතු ඉහලම ගනයේ සිද්ධි අධ්‍යනයක්ය. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන මොහු විසින් පෙන්වන ලද සුවිශේෂී නායකත්ව ගුණාංගයන් නිසාම ඔහු නිරන්තරව සම්මානයට පාත්‍ර වෙන අතරම වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා සදහා දෙරණ විශේෂ ගෞරව සම්මානයත්, ජාත්‍යන්තර සාම පදනම විසින් පිරිනැමූ සාම සම්මානයත් , ශ්‍රී විශ්වකීර්තී ජනභිනන්ධන සම්මානයත් වසරේ විශිෂ්ඨතම තොමසුවට හිමි සම්මානයත් ඔහු වෙත පුද දී ඇත. එමෙන්ම කර්නල් රත්නම්ප්‍රිය බන්දු මේ වනවිට ජාතික සංවර්ධනය , සාමය හා එකමුතුකම වෙනුවෙන් වූ සංවිධානයේ විධායක සභාපති ලෙසත් , ඕස්ට්‍රේලියානු සාම කොන්ග්‍රසයේ සාම තානාපති ලෙසත් , කදුකර සාම සංසදයේ කැදවුම්කරු ලෙසත් කටයුතු කරන අතර සාමය, සංහිදියාව, පෞරුෂ වර්ධනය ,නායකත්වය , පිරිස් හා ආයතන කළමනාකරණය පිලිබද පුහුණු උපදේශකයෙකු ලෙසත් බොහෝ පිරිසකට තම අද්දැකීම් බෙදා හදා දෙමින් ජනතාවට තමන් වැනීම සුවිශේෂී නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ මග පෙන්වමින් ලබා දෙමින් සිටී

කර්නල් රත්නප්‍රිය ට හදවතේ මනාපය පළකරන්න මෙතැනින්
      
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :