ads
News
Loading...

මම කරන වැඩෙි විදින කෙනෙක්



 පුංචි තිරයේ නොමැකෙන සිනා ඇත්තිය ලෙස හැඳින්විය හැකි නිපුනිකා හේවාගමගේ බොහෝ දෙනාගේ හද බැඳගත් ආදරණීය චරිතයක්. ටෙලි නාට්‍ය නිළියක සේම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක ලෙසද අපි හමුවට එන නිපුනිකා තිරයේ නිතරම දකින්න ලැබෙන චරිතයක් නම් නෙවෙයි. 

 නිපුනිකා වරකට එක නිර්මාණයක් පමණක් බාරගන්නා නිළියක්ද? 
මේ දවස්වල නම් අහස්  මාළිගා ටෙලි නාට්‍යයට විතරයි වැඩ කරන්නෙ. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරනව. කලින් කරල තිබුණ ටෙලි නාට්‍යයක ඉතිරි කොටස්වල රූගත කිරීම මේ මාසයේ පටන් ගන්නත් නියමිතයි. කොහොමත් මම ටිකක් තෝරාබේරාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන කෙනෙක්. මේ කාලයේ මට ගැළපෙන චරිතයක් ලැබුණෙත් නැහැ.

 මේ තෝරාගැනීමේ පදනම කුමක්ද? 

 මට කරන්න පුළුවන් පරාසයක චරිත විතරයි මම තෝරගන්නෙ. අනිත් කාරණය මම මගේ සීමාව කියල අදහස් කරන්නෙ මම කරන චරිතයක් කිසිම අපහසුවකින් තොරව අපේ ගෙදර කට්ටියට වාඩිවෙලා නරඹන්න පුළුවන් වෙන්න ඕන කියන කාරණයයි. අපේ පවුලෙ අය හරිම සමීපයි. මට මල්ලි කෙනෙක් ඉන්නව. අපි හැදුන වැඩුණ පරිසරය අනුව මම කරන දෙයින් ඒ අයට හානියක් නොවෙන චරිත පමණයි මම බාරගන්නෙ.

 රංගනය ඔබට විනෝදාංශයක් පමණද? 
නැහැ. මම වෘත්තියෙන් රංගන ශිල්පිණියක්. මේක මගේ විනෝදාංශයක් නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම මම කරන වැඬේ විඳින කෙනෙක්. කලාව කියන්නෙ විඳින්න පුළුවන් දෙයක් වෙන්න ඕන. නැත්නම් අපිට ඒකෙ රසය දැනෙන්නේ නැහැනෙ.

 ඔය විදිහට විඳින්න හැකි අර්ථවත් චරිත අද ටෙලි මාධ්‍ය තුළ දුර්ලභයි නේද?

 දැන් හැදෙන ටෙලි නිර්මාණවල ඔය තත්ත්වය දකින්න ලැබෙනව. හැබැයි මටනම් ක්ෂේත්‍රයට ආපු මුල්කාලෙ ඉඳන් වෙනස් වෙනස් චරිත ලැබුණා. ගැමි චරිත අහිංසක චරිත දඟකාර චරිත මට කරන්න ලැබුණා. ඔය කොයි චරිතය කළත් අපි දැනගන්න ඕන ඒකට අනුතගවෙලා කරගෙන යන්න. අපි ඒ වෙලාවට චරිතය තුළ ජීවත් වෙන නිසා තමයි රසිකයන් චරිතයට ආදරය කරන්නෙ. අහස් මාළිගා නාට්‍යයේ මම කරන චරිතය මුල්කාලෙ හරිම නපුරුයි. ඒ කාලෙ මම හරියට දොස් ඇහුවා. පාරෙ තොටේදි මට බනින තරමට ඒ ප්‍රතිචාර ප්‍රබල වුණා. අපි කරන චරිතය සංයමයකින් කරනව නම් අපිට හොඳ චරිතයක් දැකබලා ගන්න පුළුවන්.

 ජනප්‍රිය නිළියක් වුවත් මාධ්‍ය තුළ ඔබේ පුද්ගලික තොරතුරු අඩුවෙන් දකින්න ලැබෙන හේතුව කුමක්ද?

 මම සාමාන්‍යයෙන් ගොසිප්  හදාගන්න කැමති නැති කෙනෙක් සහ එහෙම මං ගැන කතාකරන්න දෙයක් නැහැ. මාව වැඩකදි හමුවුණත් සාමාන්‍ය විදිහට හමුවුණත් මම මෙහෙමමයි. එළිපිටදි එක මුහුණකුයි පුද්ගලිකව තව මුහුණකුයි මට නැති නිසා මට හංගන්න දෙයක් නැහැ. 

 ක්ෂේත්‍රයට පැමිණ වසර නවයක් ඉකුත්ව ගියත් තවමත් ඔබ ටෙලි නාට්‍ය නිළියක්ම වී සිටින්නේ ඇයි? 

 මම පාසල් යන කාලෙ ඉඳන්ම කලාවට සම්බන්ධ වුණා සහ ක්ෂේත්‍රයට ආපු කාලෙ ඉඳන්ම මට චිත්‍රපටවලට හා වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබුණෙ මම ගොඩක් කාර්යබහුල වෙලා හිටිය අවස්ථාවලදියි. කරගෙන යන වැඬේ අතරමග නතර කරන්න බැරි නිසයි එලෙස ලැබුණ ඇරයුම් බාරගන්න බැරිවුණේ. ඉදිරියේදි කාලය කළමනාකරණය කරගෙන ඒ දේවල් වලටත් දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනව.

 ඉදිරියේදි දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?

 අපෝ නැහැ. දේශපාලනය ගැන මගේ කිසිම අත්දැකීමක්වක් අධ්‍යාපනයක්වත් නැහැ. 

 මැතිවරණයෙදි මගේ ඡන්දය ලබාදෙන්නෙ කාටද කියල මම තීරණය කරල ඉන්නව. ඒක මගේ පුද්ගලික මතයක්. ඒ තීරණය මං විතරක් දැනගත්තම ඇති කියල මං හිතනව. 

 නිපුනිකාගේ විවාහය මෑතකදි සිදුවෙන්න නියමිතයිද?

 මගේ ජීවිතයෙ හැම දෙයක්ම මට ලැබෙන්න ඕන කාලෙදි හොඳ විදිහට ලැබුණා. විවාහය ගැනත් මට තියෙන්නෙ එවැනි බලාපොරොත්තුවක්. ඒක ඉදිරි කාලයේ සිදුවෙයි.

 සම්මාන දෙසත් ඔබ උපේක්ෂාවෙන් බලාහිඳින හැඩයි? 

 ඕනම රංගන ශිල්පිනියකගෙ හීනය තමයි තමන්ගෙ රංගන දිවියෙ කවද හරි සම්මානයක් ලබාගැනීම. සම්මාන ගැන පරස්පර විරෝධී අදහස් තියෙනව. ඒකට වාසනාව කියන දේ බලපානව. මම මේ ක්ෂේත්‍රයේ බොහොම හෙමින් සහ පරිස්සමින් යන කෙනෙක්. මට ඒකට තව කල් තියෙනව කියලයි මම හිතන්නෙ.

 මගේ පළවෙනි ටෙලි නාට්‍ය නාලන් මෙන්ඩිස් මහත්මයාගෙ ‘දූවරු’ ඒ 2011 අවුරුද්දෙ. ඒ කාලෙ මම කරපු චරිතවල නම් වලින් තමයි අදටත් ගොඩක් දෙනා මට කතා කරන්නෙ. මං හිතන්නෙ මට හම්බවෙලා තියෙන ලොකුම සම්මානය ඒක. 

 ක්ෂේත්‍රයේ පරිස්සමින් ගමන් කරනවා යනුවෙන් ඔබ අදහස් කරන්නෙ කුමක්ද?

 පරිස්සමින් ගමන් කරනව කියල මම අදහස් කරන්නෙ මේ ක්ෂේත්‍රය නරක තැනක් කියන එක නම් නෙවෙයි. කොයි ක්ෂේත්‍රයෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනව. මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනව. අපි කව්ද අපි මෙතනට ආපු කාරණය මොකක්ද කියල හිතේ තියාගෙන වැඩ කරනව නම් කාටවත් අපි දිහාවට ඇඟිල්ල දික්කරල චෝදනා කරන්න බැහැ. 

 නිළිය කියන තැනින් මෑත්වෙලා ප්‍රේක්ෂිකාවක් විදිහට මේ දිනවල ඔබ ආදරය කරන චරිත මොනවද?

 මෑත කාලෙයේ රැඩිකල් අදහස් තියෙන හොඳ ටෙලි නිර්මාණ හැදෙනව. මම පුද්ගලිකව ටෙලි නාට්‍ය බලන කෙනෙක්. මට කිසි චරිතයකට ලෝබ කමක් හිතිලා නැහැ. මෑත කාලයේ ගොඩක් කැමැත්තෙන් බලන චරිත තියෙනව. ඒ චරිත රඟපාන රංගන ශිලිපිණියන් ඒ චරිතවලට සාධාරණය ඉෂ්ට කරනව. 

 රංගනයෙන් පිට වෘත්තියක් ගැන හිතෙන අවස්ථා තියෙනවද?

 කලාවට සම්බන්ධ වුණ කෙනකුට කලාවෙන් ඈත් වෙලා ඉන්න අමාරුයි ඒක තමයි ඇත්ත කතාව. මම වෘත්තියෙන් රංගන ශිල්පිණියක්. හැබැයි මම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළේ වෙනත් ක්ෂේත්‍රයකින්. ඒ නිසා සමහර වෙලාවට රැකියාවක් කළානම් හොඳයි කියල හිතෙන අවස්ථා තියෙනව.

 ධම්මිකා සුරංජි පතිරණ




රොෂානාගේ පෙම් හුටපටෙි මෙන්න කියවන්න
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :