ads
News
Loading...

සිංහ ලෝකෙ සිංහයා රට දාලා යයිද


  හිරු නාලිකාව තුලින් තමන් බැංකුවක සිදුවුනු දේ වාර්තා කිරීම හා එය නිවැරදි නොකිරීම නිසා චිත්‍රාල් සෝමපාල ගායන ශිල්පියාට එංගලන්ත ප්‍රසංගය අහිමිව අැත.ඒ ගැන චිත්‍රාල් කිවවෙ මෙහෙම දෙයක්.

උපුටාගැනීම - චිත්‍රාල්ගෙ මුහුණු  පොතින්

 මේ එංගලන්තේ ෂෝ එකට මට ආරාධනා කරලා තිබුන. ඒත් පහුගිය සම්පත් බැංකු සිද්ධියෙන් පස්සෙ එකපාරට සංවිධායකයො තීරනයක් අරන් තිබුනා මාව අයින් කරන්න. (අයන් කරලා Guest of Honour ඇතුල් කලා :p).මගෙන් කිසි වරදක් නොවුනු සිද්ධියක් දේශපාලනිකව පාවිච්චි වෙමින් දිගින් දිගටම මට ලැබෙන වේදිකාවන් අහිමි කරමින් තියෙනවා. මේ තමයි කොහේ හිටියත් අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි. කාරණා හොයලා බලලා අසාධාරණයට ලක්වුන අය වෙනුවෙන් පෙනී ඉන්න එක නෙමෙයි ගතිය. තමන්ගෙ දේශපාලන පැත්ත තෝරගෙන ඒ වගේ අසාධාරණ තවත් වෙන්න ඉඩ හදන එකයි කරන්නෙ. මං වේදිකාවට කිසි දවසක දේශපාලනය අරන් ඇවිත් නැති වුනත් දැන් වේදිකාව මට බලෙන් දේශපාලනය ඇගේ ගහන තත්වයක් ඇවිත් තියෙන්නෙ. අපි සිංදු කියන්නෙ මෙහෙම මිනිස්සුන්ටද කියල හිතෙනවා. රටේ වැඩි පිරිසක් මිනිස්සු මෙහෙම නෙමෙයි නෙමෙයි වෙන්නැති. මාත් කැමතියි එහෙම විශ්වාස කරන්න. ඒත් මේ කැත මිනිස්සු තමයි හැමතැනම උඩට මතුවෙලා පේන්නෙ. කැතකම තමයි වැජබෙන්න අරන් තියෙන්නෙ. මේ සිද්දිය වුන වෙලාවෙ වැරදි විදිහට වාර්තා කරපු හිරු චැනල් එකට මං කතාකරලා කිව්වා ඒක නිවැරදි කරන්න කියල. එහෙම කිසි වගකීමක් ඒ අයට තිබුනෙ නෑ. ඒ තමයි රටේ ලයිසන් තියෙන මාධ්‍යවල හැසිරීම. ඊට පස්සෙ මට ලැබෙන්න තියෙන අවස්ථා දේශපාලනිකව අහිමි කිරීම පටන් ගන්නවා. දැන් ලංකාවට අපි කරන මියුසික් ඕන නෑ කියල හිතෙනවා. රටක කොලිටියක් කියන දේ මෙහෙම පිරිහෙන්න පටන් ගත්තම දැනෙන්නෙ මහා කලකිරීමක්. කලාව දේශපාලනීය කිරීම පිරිහෙන රටක ලක්ෂණයක්. ඒක කවදා කොතන නැවතෙයිද?

උපුටාගැනීම අවසන්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :