ads
News
Loading...

Salon sanda 2020ට වසර විස්සයි.


* ගුරුවරයා වෙනුවෙන් තුති පිදීමක්....
* මුලින්ම හැඩගන්වපු යුවළත් සාදයට ඇවිත්.....

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර විස්සක අත්දැකීමක් කියන්නෙ ඒ හැටි ලේසි පහසු කාරණාවක් නෙවෙයි.ඒ විදියට අත්දැකීම් එක්ක එම ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමා සදමාලී රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් පසුගිය දා තමන්ගේ එම සේවය ලබාගත් රටෙි සුපතල පුද්ගලයන් වෙනුවෙන් සාදයක් පැවැත්වූවා.
     විශේෂයෙන් 2020 වසර ට සැලෝන් සදා වසර විස්සක් ගත වීම සදහා චන්දිමා සදමාලී රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් හැඩගන්වන ලද ඇයගේ මුල්ම මනාල යුවළද පැමිණ සිටියා.මෙම අවස්ථාවට පැමිණි සියළු දෙනාම රතු පලස මතින් පිළිගත් ඇය තම ගුරුවරයා වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා පිලිබඳව කෘතගුණ දැක්වීම පැමිණ සිටි පිරිසගේත් කතාබහට ලක්වුනා.
      සියලුම මංගල දිනයන් සදහා වෙනස් ආකාරයේ අත්දැකීම් ලබාදෙන සැලෝන් සදා වෙනුවෙන් චන්දිමා සදමාලී මහත්මිය ක්ෂේත්‍රයේ තම සහෝදර පිරිස වෙනුවෙනුත් තවත් සුවිශේෂ සාදයක් ඉදිරියේදී සූදානම් කරන බව ඇය අප සමග අදහස් දැක්වුවා.ඒ අනුව ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුම එක්කරගෙන උත්කර්ෂවත් සාදය නුදුරු දිනෙක පවත්වන්නට කටයුතු කරන බව ඇය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
ඉකුත් ජනවාරි පලවැනිදා සැලෝන් සදා හි පැවති මෙම සාදය සදහා විශාල පිරිසක් පැමිණ සිටියා.2020 වසර වෙනුවෙන් අලුත් වුනු තම ආයතනය තුලින් හොද එමෙන්ම කාර්යක්ෂම සේවාවවක් ලබාදීම අරමුණ බවත් සැලෝන් සදා නිර්මාතෘවරිය වූ රූපලාවණ්‍ය ශිල්පිනී චන්දිමා සදමාලී මහත්මිය පැවසුවා.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කාගෙත් හදවත දිනාගත් නිහතමානී ශිල්පිනියක් වූ චන්දිමා සදමාලී මහත්මියටත් සැලෝන් සදා රූපලාවණ්‍ය ආයතනයටත් අපෙන් උණුසුම් සුභ පැතුම් !

Salon sanda ගැන වැඩි විස්තර ලින්ක් එකෙන්



සාදයෙහි හොදම අවස්ථා පහළින් නරඔන්න
















Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :