ads
News
Loading...

විදුලිය ඇණහිටීමවෙත්දි දුම් උරන්න ගිහින්

  
  "පොඩි දුමක් දාන්න ගියා.කවුද හිතුවෙ ඔහොම වෙයි කියලා.කරන්ට් ගියාම ඔටෝ මෙි දොර ලොක්වෙනවා"

පැය එකයි කාලක චිත්‍රපටියෙ කුතුහලය බිදෙයි....

  ලංකාවෙි සිනමාවට එළඔීමම එක්තරා දුරට දුෂ්කර කාර්යයකි.එසේ ඉපදෙන සිනමාකරුවන් අතීතයේ සිට අසීරුතා අතරින් ඉදිරියට පා නැගූ ආකාරය අපට අමතක නැත.ගොසිප්ලන්තය අපට ආරංචි වන්නේ සිනමාවට බලපෑමක් වීමට ඉඩ ඇති පුවතකුයි.
      පහුගිය මාර්තු 13 වන සිකුරාදා සිට තිරගතවීම ඇරඔි ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මෙරට මුල්ම තිලර් රෝඩ් චිත්‍රපටියයි.ජනප්‍රිය සිනමා විචාරක මෙන්ම සමාජමාධ්‍ය විශ්ලේෂකයෙකු වන චින්තන ධර්මදාස ගේ මුල්ම සිනමා නිර්මාණය එදින මෙලෙස රීගල් සිනමාහලේදී මංගල දර්ශනය තිරගත වූයේ සම්භාවනීය පුද්ගලයන් මෙන්ම එහි ප්‍රධාන අමුත්තන්ද ,ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පිරිසක්ද සාභාගිකරගනිමිනි.සමනලී ෆොන්සේකා ,ශාම් ප්‍රනාන්දු චරිත මවන මෙම චිත්‍රපටිය ධාවනය ආරම්භ විය පැය භාගයකටත් මත්තෙන් එක්වරම රීගල් සිනමාහලේ වායුසමීකරණ යන්ත්‍ර අක්‍රිය වුනු අතර එවිට සියලු දෙනාම සිටියේ දැඩ් අසීරුවකය.
      ඉන් සුළු මෙහොතකට පසු චිත්‍රපටිය තිරගතවීම ද අඩාල වෙමින් අදාල සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍රයද ක්‍රියාවිරහිත විය.මෙය චින්තන⁣ගේ චිත්‍රපටියෙහි මංගල දර්ශනයයි.පැමිණ සිටි පිරිස් පවා සිදුවුනු සිදුවීම පිලිබදව කණගාටුවෙන් පසුවත්දී අදාල විදුලි බිද වැටීමට හේතුව සෙවීමට උත්සවයෙහි සංවිධායකවරයන් මෙන්ම ක්ෂේත්‍රයේ හිතවත්තු සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍රය ක්‍රියාත්මක වන කාමරය වෙත ගියද එහි අගුල් වැටී ඇත.එතැන භාරව පුද්ගලයාද පෙනෙන්නට නැත.අවසන සියලු දෙනාම එකතුවී දොරේ යතුර කඩන්නට වූයේ මෙවන් අසිරිමත් අවස්ථාවක පැමිණි අය විදි දේ ගැන හොදින් දන්නා නිසාය.කෙසේ වෙතත් ඒ වත්දි රීගල් සිනමා හලේ අදාල සේවකයා එතනට ආවෙි,

    "පොඩි දුමක් දාන්න ගියා.කවුද හිතුවෙ ඔහොම වෙයි කියලා.කරන්ට් ගියාම ඔටෝ මෙි දොර ලොක්වෙනවා"  යැයි කියමිනි.
        සෙල් මණ්ඩලය අදාල සිදුවීම පිළිබදව චිත්‍රපටියෙහි නිෂ්පාදකවරයා හො අධ්‍යක්ෂකවරයා වෙත මෙතෙක් කණගාටුව පලකර නැත.අදාල සිදුවීම වුනු අවස්ථාවෙහි එහි සම්භාවනීය අමුත්තන් පවා එතැනින් ඉවත්විය.ඒ මොහොතේම එම නිලධාරියා සිටියා නම් මෙවන් ගැටලුවක් ඇති වන්නේ නැත.ඇවිලෙනසුලුයි චිත්‍රපටියේ කාලය පැය එකයි කාලකි.එහි කුතුහලය මෙවන් සිදුවීමකට පසු ප්‍රේක්ෂකයන්ගෙන් ගිලිහී යාමටද මෙම නිලධාරියා වගකිව යුතුමය.
   මෙවන් සිදුවීම් මීට පෙර වී නැත.නමුත් චිත්‍රපටිකාරයෙක් තමන්ගේ නිර්මාණය මුලින්ම පෙන්වන දිනයේ ලබන ක්ෂේත්‍රයේ ප්‍රතිචාර අතිශය වැදගත්ය.එය අහිමිවීම තුල චින්තන වැන්නන්ට ලැබිය යුතු උත්තේජනය මගහැරයාමට හේතුව වන්නේ සෙල් මණ්ඩලයට අනුබද්ධ රීගල් සිනමාහගේ අදාල නිලධාරියාගේ අමනෝඥ ක්‍රියාකලාපයයි.මෙි පිලිබදව ඉදිරියටවත් හරි හැටි ක්‍රියාත්මක වීම රීගල් චිත්‍රපටිශාලාවවෙි කළමණාකාරිත්වය ක්‍රියා කිරීම අනිවාර්යය කාරණාවකි.නැත්නම් හෙට උපදින සිනමාකරුවන්ට මෙන්ම ප්‍රවීන සිනමාකරුවන්ට ද ලාංකේය සිනමාවට මෙය රීගල් සිනමාහල කල අපහාසයක් වග නිර්මාණකාරයන්ට වැඩිපුර ⁣දැනෙනු ඇත.ජාතික චිත්‍රපටි සංස්ථාව මෙන්ම සංස්කෘතික කටයුතු අමාත්‍ය අංශය පවා අවම වශයෙන් මාස තුනකට වතාවක් හෝ මෙම සිනමාහල් වල ප්‍රශ්න ගැන කතාකිරීම තුල මෙවන් අපහසුතා ඇති නොවෙනු ඇත.






කවුද මෙි රත්වෙච්ච හැමර් ? ලින්ක් එකෙන් කියවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :