ads
News
Loading...

චමිත් කරපු වෙනස්ම වැඩක්


 
ඡායාරූපකලාව එක්ක හිටපු කෙනෙකු ගීත ලෝකයට එන එක ටිකක් වෙනස් අත්දැකීමක් .හීන ඉහිරුණු අහස්තලයේ අන්න ඒවගේ වැඩක්.අද කතාබහට එකතුවුනේ 
චමිත් ෂා 

ලගදිම අලුත් වැඩකට අතගැහුව නේද

ඔවු කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු දේකට කොරෝනා කාලයේ අත ගැහුවා ....

මියුසික් ගැන මුල් කාලෙ ඉදන්ම හිතේ තිබුනද

ඔවු පොඩි කාලේ ඉදන් ආසයි ... පාසල් යන කාලේ එක මියුසිකල් එකක් වත් අතාරින්නේ නෑ... පරන සිංදු වලට තමයි ආස

චමිත් ඡායාරූපකරණයට තමයි මුලින්ම ආවෙ නේද


ඔවු ... මුලින්ම ආවේ ජායාරූපයකරණයට තමයි ... පොඩි කාලේ ඉදන් ඒකටත් ලොකු ආසාවක් තිබුනා ... යාලුවන්ගේ ගෙදර අයගෙ පොටෝස් ගත්තේ ඒකාලේත් මම

ඉතින් චමිත් ගෙ කොණ්ඩ විලාසිතාව ගැනත් කතාකරමු නේද

පොඩිකාලේ ඉදන්ම තමයි ඒ ආසවත් මට එන්නේ ...මම පොඩි කාලේ ඉදන් බොබ් මර්ලේට ආසයි
Bob ගැන රස්තා ගැන මම කරුණු හොයන්න පටන් ගත්තේ school කාලේම ...dreadlocks ගහන්නම ඕන කියලා හිතන් තමයි හිටියේ ... එකත් හැදුවා ලස්ස්සනට .. කොන්ඩෙට තමයි ගොඩක් අය ආස

ටිකක් අමාරුයි අයියේ ... ඒත් ඒක ගානක් නෑ මම මේ කොන්ඩෙට ආදරේ නිසා

මුල්ම සිංදුව හැදුන විදිහ කියමු
දැනට අවුරුදු 5 විතර කලින් තමයි දිනේශ් අයියාට සිංදුවක් කරලා දෙන්න කියලා කිවුවේ ... ඒත් ඒක වුනේ නෑ.

මගේ පොඩි කාලේ ඉදන් එකට හිටපු යාලුවෙක් ඉන්නවා ශානක කියලා ...කොරෝනා දවස් වල මට ශානක කිවුවා මම සිංදුවක් ලිවුවා උබට ඒක කරපන් කියලා ... මම ඒ වෙලේම දිනේශ් අයියාට කතා කරලා වචන ටික දුන්නා.මාස 2 වගේ යද්දී සියලුම වැඩ ටික කරගෙන ඉවර කරන්න පුලුවන් උනා

චමිත් කලා පවුලකට සම්බන්ධ කෙනෙක් නේද
සහෝදරයා ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයෙක්

ගීතයට ප්‍රතිචාර කෝමද

මම හිතුවේ මට ප්‍රතිචාර නැති වෙයි කියලා.. ඒත් හොද ප්‍රතිචාර ලැබෙනවා හිතට මාරම සතුටුයි....


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :