ads
News
Loading...

නාස්තිය නැතිව පොහොර බෙදෙයිද



ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර විදේශයන් මගින් ලංකාවට ගෙන්වන බව නොරහසකි.

නැව්මගින් කොළඹ වරාය වෙත පැමිණෙන පොහොර වරායෙන් රජයේ පොහොර ගබඩාවෙතට ලොරි රථමගින් ප්‍රවාහනය කරයි.
එම ස්තානවල පොහොර ගබඩා කිරීමෙන් පසු අවශ්‍ය ගොවිජන මධ්‍යස්ථානය වෙත වෙනත් වාහන මගින් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි.

මේ ආකාරයෙන් ක්‍රියාත්මක විමේදි මහජන මුදල් අවභාවිතා වීමක් සිදුවෙයි.

රජය ආර්තික අර්බූදයට මුහුණ දී සිටින මේ මොහොතෙ එය අවම කරගැනීමටත් ගොවියන් පොහොර හිඟයකට මුහුණ පා සිටින මොහොතෙ ඔවුන් වෙත පොහොර කඩිනමින් ලබා දීමටත් රජයට හැකියාව ඇත.

වරායෙන් කම්කරුවන් විසින් ලොරියට පොහොර පැටවීමෙ සිට ගොවිජන මධ්‍යස්ථානය වෙත යන මොහොත දක්වා සිදුවන ක්‍රියාපටිපාටියකට අනුව අඩු මුදලකින් කරගත හැකි සේවාව සදහා දෙගුණයක මුදලක් වැය කිරීමට රජයට සිදුවෙයි.
වරායෙ සිට රජයේ පොහොර ගබඩාව වෙත පොහොර පටවා ගොවිජන මධ්‍යස්ථානය වෙත එකම වාහනයේ ප්‍රවාහනක කිරිමට හැකියාව ඇති මොහොතකදි පවා එසේ සිදු නොකර කොළඹ අවට රජයේ පොහොර ගබඩාවක පොහොර වාහනයෙන් ඉවතට ගෙන නැවත වෙනත් වාහනයකට පටවා ගොවිජන මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරයි.
පොහොර අතිරික්තයක් තිබෙන අවස්තාවෙ ඒ ආකාරයට ගබඩා කලත් පොහොර හිගයක් පැවතෙන මේ වගෙ කාලයක පොහොර වරායෙ සිට එකම වාහනයේ අදාල ගොවිජන මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට හැකියාවක් ඇත්නම්
මහජන මුදල් ,ඛනිජ තෙල් හා මිනිස් ශ්‍රමයට ඉතුරු කරගත හැක.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :