ads
News
Loading...

මත්ද්‍රව්‍ය විකුණමින් සමාජය රැවටූ ශර්මිලා කොටු




සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින මුවාවෙන් වැදගත් නීතිගරුක බන්ධනාගාර නිලධාරීන්ට සහ එම දෙපාර්තමේන්තුවට අසභ්‍ය වදන් වලින් බැන වදිමින් වීඩියෝ පල කරන ශමිලා ලියනආරච්චි ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැත. පට්ටපල් කුණු හරුප සහිත ඇගේ වීඩියෝ තවමත් යූටියුබ් සහ ෆෙස්බුක් වල තවමත් ඇති අතර ඒවා බහුතරයක් බන්ධනාගාර නිලධාරීන්ට බැන වදින සහ නිකරුනේ දෝෂාරෝපණය කරන වීඩියෝ වේ. වගකිව යුතු බන්ධනාගාර නිලධාරියෙකු වශයෙන් මා මෙම තොරතුරු ඉදිරිපත් කරනුයේ ඇය පිලිබද තොරතුරු ඔබට ඉදිරිපත් කිරීම සදහාය. මා සතුව ඇය පිලිබද බාහිර සමාජය නොදන්නා අතිශය රහසිගත කරැණු රාශියක් ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවංකව සේවය කරන නිලධාරීයෙකු වශයෙන් එහි කීර්ති නාමය මෙවැනි කුඩුකාරියන්ගෙන් ආරක්ෂා කිරීමට ඇයගේ කැරැට්ටුව සාක්ෂි සහිතව මෙසේ හෙලි කරමි. ශමිලා ලියනආරච්චි යනු කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඞ් භාරයේ සිටි කාන්තාවකි.

ඇයගේ කුඩු ජාවාරම මෑතක් දක්වාම ක්‍රියාත්මක වූ අතර මේ වන විට එම ජාවාරම ඇගේ කිට්ටු මිතුරෙකු හරහා රහසිගතව ගෙන යනු ලබයි. ඔහු පිලිබද තොරතුරු ද අප සතුව ඇත. ඒවා ඉදිරියේදී සමාජයට නිරාවරණය කිරිමට මා අපේක්ෂා කරමි. ඇය කුඩු ජාවාරම්කාරියක් සේම ඇයගේ පුත්‍රයාද හෙරොයින් වලට තදින් ඇබ්බැහි වී සිටින අයෙකි. ඔහු වරක් හෙරෙයින් ලග තබා ගැනීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වී රිමාන්ඞ් බන්ධනාගාරගත වී සිටි අතර පසුව අධිකරණයෙන් ඇප ලබා වෙන විට ඇප පිට පසු වේ. ඔහුට විරුද්ධව ඇති නඩු විභාගය කොළඹ මහාධිකරණයේ තවමත් විභාග වෙමින් පවතී. ඒවායේ නඩු අංක සහ අදාල තොරතුරු ඉදිරි ලිපිය මඟින් අප හෙලි කරනු ලැබේ. ශමිලා ලියනආරච්චි නැමැති මෙම කාන්තාව ඔහුගේ ස්වාමි පුරුෂයා ලෙස දැනට මුදල් වංචාවකට බන්ධනාගාරගතව සිටින සෙනරත් බන්දුල නැමැත්තා හඳුන්වා දුන්නද ඔහු ඇයගේ පළමු ස්වාමි පුරුෂයා නොවන අතර ඇගේ පළමු සැමියා ඇයගේ අනාචාරී සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ නිසාවෙන් ඇයව නිවසින් පන්නා ගෙන ඇත. ඒ අතර තුරදී සෙනරත් බන්දුල නැමැත්තා සමඟ ඇසුරක් ආරම්භ කොට ඇති ශමිලා ලියනආරච්චි ඔහු සමඟ විවාහ වීමට පෙර ඔහුට උපදෙස් ලබා දී ඇත්තේ හැකි තරම් හොඳින් හෝ නරකින් මුදල් උපයා තමන්ගේ අනාගතය සැපවත් කරගත යුතු බවයි.

ශමිලාගේ බස් ඇසූ සෙනරත් බන්දුල යන අය විදේශ රැකියා සඳහා පුද්ගලයන් යවන මුවාවෙන් රැකියා ඒජන්සියක් ආරම්භ කොට ලක්ෂ ගණන් මුදල් වංචා කිරීම ආරම්භ කර ඇති මුත් ඔහුගේ වංචා වලට හසු වුනු පුද්ගලයන්ගෙන් ලද පොලිස් පැමිණිලි නිසාවෙන් වැඩි කල් නොගොස් සෙනරත් බන්දුල අත්අඩංගුවට පත්ව ඇත. අවසානයේ මුදල් වංචා කිරීමේ වරද මත සෙනරත් බන්දුල අය වසර 14ක් සිරගෙට නියම විය. එයින් මහත් කෝපයටත් බලාපොරොත්තු සුන් බවටත් පත් වූ ශමිලා ලියනආරච්චි බන්ධනාගාර නිලධාරීන් සහ දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි ද්වේෂයකින් පසු වෙමින් ඔවුන්ට එරෙහිව අභූත චෝදනා කරන්නට විය. එපමණක්ද නොව සෙනරත් බන්දුල නැමැති අයට භාවිතා කිරීම සඳහා සූක්ෂම ලෙස ජංගම දුරකථනයක්ද බන්ධනාගාරයට යැවීමට ශමිලා ලියනආරච්චි සමත් වූ අතර එයට සහාය දී ඇත්තේ මොහාන් නැමැති බන්ධනාගාර නිලධාරීවරයායි. මෑතකදී සෙනරත් බන්දුල නැමැති අය සතුව තිබූ ජංගම දුරකථනය බන්ධනාගාර බුද්ධි අංශය විසින් සොයාගත් අතර එහි තිබූ දත්ත පිරික්සීමේදී අපට පෙනී ගියේ ශමිලාට සහ තවත් බොහෝ පිරිසකට සෙනරත් යන අය විසින් දිනපත් දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවයි. ශමිලා විසින් බන්ධනාගාර නිලධාරීන් අභූත චෝදනා එල්ල කරමින් ඔවුන්ගේ නැති වැරදි පෙන්වන මුත් කුඩු වලට තදින් ඇබැබ්හි වී ඇති ඇයගේ දරුවා පිලිබඳ සොයා බලන්නට ඇයට වෙලාවක් නැත. නීතිගරුක බන්ධනාගාර නිලධාරීන් හට ප්‍රසිද්ධියේ අසභ්‍ය වදන් භාවිතා කර බැන වදින ශමිලා සිතාගෙන සිටිනවා ඇත්තේ එම නිලධාරීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇයට බියෙන් සිටිනවා යැයි කියා විය යුතුය.

එහෙත් එය එසේ නොවන බව අප ප්‍රකාශ කල යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශමිලා ලියනආරච්චි විසින් කුඩු ජාවාරම් කටයුතු කල තොරතුරු, ඇයගේ පුත්‍රයාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු වාර්තාවේ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම නිසා ඇයව අත්අඩංගුවට පත් වීම නිසා ඇයට දැනට විභාග වන නඩුවේ තොරතුරු, ඇයගේ සැමියා වන සෙනරත් බන්ධුල අයට එරෙහිව විභාග වූ මුදල් වංචාවේ තොරතුරුද අපගේ ඊලග ලිපිය මඟින් හෙලි කර තබන්නෙමු. ඔබත් ශමිලා ලියනආරච්චිගේ ක්‍රියා කලාපයන් නිසා අපහසුතාවයට පත් වු අයෙකු නම් ඔබ දන්නා තොරතුරුද අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :