ads
News
Loading...

මිනිස්සු හරියට නර්තනය ගැන හිතුවොත් අගය වැඩිවෙයි




නර්තනය කියන්නෙ අපි දෙන්නගෙම ජීවිතයේ ප්‍රධානම කොටසක්.....



මගෙ අම්මා තාත්තා නැත්තම් අද මම මෙතැන නෑ. කොච්චර ස්තූති කලත් ඒ ණය මැරෙනකන් ගෙවන්න බෑ මට....



  නර්නය ගැන ගොඩක් අය කතාකරන්න වගේම දකින්න කැමති දෙයක්.ඉතින් අද අපිත් සමග එකතුවෙන්නෙ ත්‍රිතාල් නර්තන කණ්ඩායමෙි ටාන්‍යා විශානි ද සිල්වා.ඇය හා නර්තන ආචාර්යයවරයෙකු වන අසංකද සිල්වා තමයි  ත්‍රිතාල්  නර්තන කණ්ඩායම ඔබ වෙත ඉදිරිපත්කරන්නේ.
 
ටාන්‍යා මෙි දවස්වල අපි දකිනව ඔයයි ඔයාගෙ සමාජිකාවන් අන්තර්ජාලය තුල දක්වන පෙළහර.ආරම්භය ගැන කියමු

අපේ නර්තන කණ්ඩායමේ නිර්මාතෘ අසංග ද සිල්වා.මගේ හස්බන්ඩ්.එයා තමයි නර්තන නිර්මානයන් කරන්නෙ.ඒ වගේම මේ අදහසත් එයාගෙ.කාලයක් තිස්සෙ ලංකාවෙ විතරක් නෙමේ මුලු ලෝකෙම ඩාන්ස් ටීම්ස් ට්‍රෙන්ඩ් එකක් විදිහට කවර්ස් කරන්න පටන් අරගෙන තියෙනවා.ඉතින් ලංකාවෙ නර්තන ක්ශේත්‍රයෙ නමක් දිනාගත්ත අපේ ත්‍රිතාල් ඩාන්ස් ස්ටූඩියෝ එකත් මේ දවස්වල හිට් සිංදු වලට ඩාන්ස් කවර්ස් කරනවා.

අද නර්තනය එදාට වඩා වෙනස් වෙන තැන් කිහිපයක් තියනව.ත්‍රිතාල් ගේ හැඩය ගැන කෙනෙක් ඇහුවොත් දෙන්න තියෙන උත්තරය?


ත්‍රිතාල් නර්තන කණ්ඩායම අනිවාර්යයෙන්ම වෙනස්ම ටීම් එකක්.විවිධ නර්තන ශෛලයන් අපි හදාරනවා.ඕනෑම නර්තන ශෛලයකට දක්ශයො ඉන්නවා කිව්වොත් නිවැරදියි.ඒකට මූලිකම ඇගයීම දිය යුත්තේ අපේ ගුරුවරයට.ඔහු ඕනම නර්තන ශෛලයකට අති දක්ශයෙක්.ඉතින් ඔහුගේ ගුරුහරුකම් අඩුවක් නැතුව ගෝලයන්ටත් දෙනවා.

නර්තනයේදී නිරන්තරයෙන් ම ඇගේ හැඩය ගැන සැලකිලිමත් වෙනව ඇති.වර්තමානය තුල නර්තන ශිල්පිනියකට එතනදි ඇති අභියෝ්ග මොනවද?


නර්තන ශිල්පිනියක් ශරීරයෙ හැඩය මනාව පවත්වාගත යුතුමයි .ඒ වගේම නර්තනයෙ හැඩතල ඉස්මතු වීමටනම් අනිවාර්යයෙන්ම ශරීරයෙ හැඩය බලපානවා.ලංකාවෙ ප්‍රධාන ආහාරය බත් නිසා සාමනයෙන් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමා සිරුර මනා හැඩයෙන් පවත්වා ගැනීම.ඉතින් ඒක ගොඩක් බලපානවා නර්තන ශිල්පිනියකට.අනිවාර්යයෙන්ම අභියෝගයක් ඒක.කෑමෙන් බීමෙන් ටිකක් ප්‍රවේසම් වෙලා තමා එදිනෙදා කටයුතු අපිට කරන්න වෙන්නෙ.


පුහුණුව හැමදේටම වැදගත්නෙ කණ්ඩායම අලුත් නර්තන අංගයක් සදහා සිදුවන සූදානම ගැනත් කියමු.

අලුතින් නර්තන අංගයක් රචනා කරද්දි ඒ අංගයට අදාල සියලුම නර්තන ශිල්පි ශිල්පිනියන් හුගක් කැපවෙනවා ඒ වෙනුවෙන්.සමහරු රැකියා කරන ගමන් එන්නෙ.තවත් සමහරු ටිකක් දුර ඉදල එන්නෙ.ගොඩාක් දුරට ඒ හැමකෙනෙක්ම නර්තන අංගය තුල තමන්ගෙ කොටස උපරිමයෙන්ම පුහුණු වීම් කරනවා.

ඔබ මවක විදියට කාර්යබහුල ඇති.සැමියත් ඔබත් ඇරඔූ මෙි ගමන ගැන යමක් කිව්වොත්


අසංග මේ ක්ශේත්‍රයෙ අවුරුදු 20 කට වඩා වැඩියි.මම එයාව මුන ගැහුනට පස්සෙ තමා එයා එක්ක වැඩ කරන්න පටන් ගත්තෙ.ඒත් දැන් බබා ඉන්න නිසා ගොඩක් කලමනාකරණය කරගෙනයි මම වැඩ කරන්නෙ .මොකද මට තව පුංචි බිස්නස් එකක් තියෙනවා.ඒකෙ වැඩත් එක්ක නර්තනයත් ගෙදර වැඩත් බබාගෙ දේවලුත් පටලවගන්නෙ නැතුව කරගෙන යනවා මම.ඒකට ගොඩාක් සහාය දෙනව අසංග.එයා තමා මගෙ මුලු ශක්තියම මේ හැමදේම කරගන්න.නර්තනය කියන්නෙ අපි දෙන්නගෙම ජීවිතයේ ප්‍රධානම කොටසක් .අසංගගෙනම් මුලු ජීවිතයම.ඉතින් එයා එක්ක එයාට සහාය දීලා ආව මේ ගමන ඉස්සරහටත් මේ වගේම මගෙ උපරිම ශක්තියෙන් කැපවීමෙන් යනවා.


ගොඩක් නර්තන කණ්ඩායම් තමන්ටම අනන්‍ය නීතිරීති මාලාවක් එක්කයි වැඩකරන්නෙ.විනය කියනදේ කොයි විදියටද රැක⁣ගෙන ඉදිරයට යන්න සාමාජිකාවන් හා කටයුතු කරන්නෙ

අනිවාර්යයෙන්ම නර්තන කණ්ඩායමක් තුල විනය ප්‍රධානම විය යුතුයි.විනය තුලින්මයි ඒ ගුරුවරයා සහ නර්තන ශිල්පීන්ගෙ ගෞරවය රදාපවතින්නෙ.ගුරුවරයෙක් ගෝලයන්ව හික්මුවෙ නැතිවුනොත් ඒක ගුරුවරයගෙ නමටත් නර්තන කණ්ඩායමේ නමටත් හානියක් වෙනවා.සමහර ගුරුවරු ගෝලයන්ට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.ගෝලයො ගුරුවරුන්ට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.ඉතින් කෙටියෙන් කිව්වොත් අපේ නර්තන කණ්ඩායමේ ගුරුවරයා ගුරුවරයගෙ තැන ඉන්නවා.ගෝලයො ගුරු ගෞරවය තියන් තමන්ගෙ තැන ඉන්නවා.



ඇතැම් නර්තන කණ්ඩායම් ප්‍රසංග වෙිදිකාව තුලදි යම් යම් අපහසුතාවයන්ට පත්වන අවස්ථා දකින්න ලැබනා.ගැලැමර් ගැන තවමත් ලංකාවෙි මිනිස්සු අතර හරි කියවීමක් නැත්තෙ ඇයි?


ලංකාවෙ නර්තනයට තියෙන වටිනාකම අනෙකුත් රටවල් එක්ක සසදද්දි හුගක් පහල මට්ටමක තියෙන්නෙ.එහෙම වෙලා තියෙන්නෙ විවිධ මිනිස්සුන්ගෙ විවිධ මත විවේචන නිසා.සමහරු නර්තනය දේවත්වයෙන් සලකනවා.සමහරු නර්තනය පහත්කොට සලකනවා.මම හිතන්නෙ නර්තනය පහත්කොට සලකන මිනිස්සු හිතන විදිහ වෙනස් කරපු දවසට ලංකාවෙත් නර්තනයට මීට වඩා ලොකු වටිනාකමක් ලැබෙයි

අනාගතයේ සිදුවන ⁣සැලසුම්ගැනත් දැනගන්න කැමතියි

මේ අවුරුද්දේ අන්තිම අපේ නර්තන කණ්ඩායමේ ප්‍රසංගයක් කරන්න හිටියේ.රටේ ලෝකෙ පවතින තත්වය හේතුවෙන් ඒක අපි ටිකක් කල් දැම්මා.ලබන අවුරුද්දේ මැද ප්‍රසංගය පිලිබද විස්තර දකින්න ,අහන්න නරබන්න ලැබෙයි..


විශේෂ ස්තුතිය දෙන්න අයත් ජීවිතයේ ඇති?

මගෙ අම්මා තාත්තා නැත්තම් අද මම මෙතැන නෑ. කොච්චර ස්තූති කලත් ඒ ණය මැරෙනකන් ගෙවන්න බෑ මට.ඒ වගේම මගෙ අසා.මගෙ ගුරුවරයා මගෙ ශක්තිය හැමදේම.අපේ ත්‍රිතාල් නර්තන කණ්ඩායමේ ඇමෙන්ඩ්‍රි, නිලෝ,සුදේශ්,රුවී,සහන්,චාපා,කල්ප,දිනුක,චතූ ඇතුලු සියලුම නර්තන ශිල්පි ශිල්පිනියන්ට ස්තූති කරනවා.











Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :