ads
News
Loading...

රතුපාට හා මධූෂ් අතර සම්බන්ධයක්


මට මතකයි මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමට ලංකාවේ බුද්ධි අංශ කළ මෙහෙයුම.

 මෙම මෙහෙයුම පිළිබඳව අවස්ථා කීපයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුමත් කරන්නට එවකට පොලිස්පති වරයාව සිටි පූජිත් ජයසුන්දර මහත්මයා කණ්ඩායමක් සමග පැමිණ කරන ලද විස්තර කිරීම #madush අත්අඩංගුවට ගැනීමට මෙරට බුද්ධි අංශ විශාල මෙහෙවරක් කරා.
ඇත්තටම මධූෂ් පිළිබඳව ඩුබායි පොලිසියට කිසිදු අවබෝධයක් තිබුණේ නෑ එමෙන්ම ඩුබායි රාජ්‍ය #madush  කිසිම ගෙන් බලපෑමක් තිබුණේ නැහැ.
මධූෂ අවශ්‍ය වී තිබුණේ ලංකාවට ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය තාමත් ප්‍රබල එම සම්පූර්ණ ජාලය ඔහු මෙහෙයවූ වේ ඩුබායි රජයේ සිට ඔහු එයින් උපයන මුදල් සියල්ලක්ම ඩුබායි රාජ්‍යෙයෙ ඔහුගේ ගිණුම් වලට බැර කරන ලදී.
ඩුබායි රටට ඔහු හොඳ ආයෝජකයෙක්  එමෙන්ම doller මිලියන ගණනින් රටට ගෙන එන ප්‍රබල ව්‍යාපාරිකයෙකි.
madush අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඇත්තටම සිදු කෙරේ ලංකාවේ බුද්ධි අංශ නිලන්ත ජයවර්ධන මහතා එම සම්පූර්ණ මෙහෙයුම සිදුකරා. ලංකාවට මෙන්ම ලංකාව හරහා තවත් රටවල් නාවකට මත්ද්‍රව්‍ය අලෙවි ප්‍රධාන පුරුකක් වූයේ මා කදුරේ මදුෂ්. ඔහු
 ලංකාවට ගෙන එන වගකීම ගත්තේ විශේෂ කාර්ය බලකාය ප්‍රමුක ලතීෆ් මහතාටයි.
ලංකා ඉතිහාසය මද්‍රව්‍ය ජාවාරම්කරුවකු විදේශ රටකදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වේ. ඩුබායි රාජ්‍යයෙදී #madush අත්අඩංගුවට ගත්තත් ලංකාවට ගෙන ඒමට නීතියෙන් බාධා පැමිණුනා.
 ජාත්‍යන්තර පොලිසිය වගේම රාජ්‍යතාන්ත්‍රිකව මධූෂ ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා රජය මැදිහත් වුණා. 
#madush වත්කම් පෙන්නමින් ඩුබායි අධිකරණයෙ නඩුවක් ගොනු කරමින් ඔහු එරට රැඳී සිටීමට උත්සහ කලා.
නමුත් අවසානයේ දී ය ලංකා රජය මදුෂ් ලංකාවට ගෙනඒමේ සටන ජය ගත්තා.

මේ කරුණු ඉතාමත් උනන්දුවෙන් ජනාධිපතිතුමාට විග්‍රහ කෙරේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා.

මධූෂ් ලංකාවට ගෙන ඒමෙන් පසුව අවස්ථා කීපයකදී ජනාධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස්පතිවරයා කරුණු ඉදිරිපත් කරා.
මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වුණේ madush හරහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීමට.
මධූෂ ලඟ තබාගෙන බොහෝ කරුණු අනාවරණය කරගන්නට බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.
මධූෂ ඝාතනය කිරීමට ඕන තරම් හැකියාව තිබුණත් ඇත්තටම මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උවමනා වුණා. ඒ නිසා මදුෂ්ව ආරක්ෂා කරේ වටිනා සම්පතක් ලෙස.
මදුෂ් සතුව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තොරතුරු රැසක් තිබුණා එමෙන්ම එයට සම්බන්ධ ධනවත් බලවත් පුද්ගලයෝ රැසක් හිටිය.
මේ සියල්ල එකිනෙක අනාවරණය කර ගැනීමටයි උවමනාව තිබුණෙ.
මධූෂ යනු ඇත්තටම අපි දන්නා හඳුනන මාකඳුරේ චණ්ඩියෙකු නොව ඔහු ඊට වඩා බොහෝ දුර ගිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයෙ විශාල ජාවාරමක් කළ පුද්ගලයෙකි. ඩුබායි රාජ්‍ය පමණක් ඔහුගේ වත්කම කොටි පන්සීයකට වැඩි.
madush වැලිකඩින් බූස්සට ගෙනයන්නේ ඔහුගේ තිබුණු බලය නිසා වැලිකඩ බන්ධනාගාරය තුල ඔහුව පාලනය කිරීමට නොහැකි නිසා.
මීට දින කිහිපයකට පෙර මධූෂ කොළඹට රැගෙන එන්නේ ලංකා ඉතිහාසය අපරාධකරුවෙකුට දිය හැකි උපරිම රැකවරණය ලබාදෙමින් ඉතා සූක්ෂම ආකාරයෙන්.
ඒ සඳහා විශාල සන්නද්ධ නිල  පිරිසක් එකතු වුණා.
මෙවැනි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි පුද්ගලයකු මෙහෙයුමක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගෙනැවිත් රැගෙන යාම අති අසාමාන්‍ය තත්ත්වයකි.
කොළඹට ගෙන ඒමට ඔහුට ලබා දුන්නා ආරක්ෂාව මෙරට දෙවැනි වන්නේ ය ජනාධිපතිවරයා සහ අග්‍රත්‍යවරයාට පමණි.
කෙසේ වෙතත් මෙවැනි පුද්ගලයකු උපයෝගී කොටගෙන මද්‍රව්‍ය කිලෝ 22 වැටලීමට උපයෝගී කරගැනීම විශ්වාස කළ නොහැකි කරුණකි.
මා දන්නා පරිදි මීට වඩා කිලෝ සිය ගණනක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා හිර ගෙදර සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හරහා බුද්ධි මෙහෙයුම් සිදු කරමින්.
සමහර මෙහෙයුම්  සිදුකළේ ජාත්‍යන්තර මුහුදේ දී.
හිටපු ජනාධිපති තුමා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් හතර දෙනකු එල්ලා මැරීමට තීරණය කල අවස්ථාවේදී එම පුද්ගලයන් හතර දෙනා පිළිබඳව තොරතුරු සමාජයට ඉදිරිපත් කරන්න පාතාලේ පිළිබඳ කරුණු ගවේෂණය කරන ජෙෂ්ඨ මාධ්‍යවේදියකු සමග මා සාකච්ඡා කළා ඔහු සඳහන් කළේ හිර ගෙදර සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බොහෝ කරුණු අනාවරණය කරගෙන අදටත් බුද්ධි අංශ මෙහෙයුම් සිදුකරන බවයි.
madush ඝාතනය වීමත් සමග ඇත්ත වශයෙන්ම බොහෝ රහස්, ගනුදෙනු, අභිරහස් සිදුවීම් රැසක් ඝාතනය වූ බව නොරහසක් නොවේ.
2018 /2019 කාල වකවානුවේදී දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළේ වෙන කිසිදු ආකාරයකින් නොවන බුද්ධි අංශය සිදු කර ප්‍රබල මෙහෙයුමකිනි. ඒ සඳහා දැනට බන්ධනාගාර ගත වී සිටින හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයෝගී කරගත්තා.
කුඩු කිලෝ 22කට මදුෂ්ගේ ජීවිතය අවසන් කළා ඔහු හරහා හෙලෝ 22000 අත්අඩංගුවට ගැනීමට තිබු මාර්ගය අවසන් විය.
දැන් අප නොදන්නා තවත් ජාවාරම්කරුවකු මධුෂ්ගේ තැන ලබා ගනිති එම නිසා මෙම ජාවාරම වැටලීමට බුද්ධි අංශ වලට නව මෙහෙයුමක් නිර්මාණය කරගත යුතුව ඇත.
madush අත්අඩංගුවට ගන්නෙ රතුපාට ඇඳුමකින් මධූෂ් ලංකාවට ගෙන එන්නේ රතු පාට ඇඳුමක් ඇඳ සිටිය දී මධූෂ මිය යන්නේ  රතුපාට ඇඳුම ඇඳ සිටිය දී සියලු දේ මෙසේ එක සමාන වන්නේ කෙසේද?

සමීර ද සිල්වා

,
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :