ads
News
Loading...

වසර විස්සකට පසු හමන බුරාවි




2020 දෙසැම්බර් මස02 දින සඳහා කාලගුණ අනාවැකිය

2020 දෙසැම්බර් මස02 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

"බුරවී" සුළි කුණාටුව වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවී" සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ත් නැගෙනහිර දේශාංශ 84.2 ත් ආසන්නව ස්ථානගතව පැවතුනි.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 75-85 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 95 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.

නැගෙනහිර,උතුරු, උතුරු මැද,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවපළාත්වල විටින් විට පැ.කි.මි.(80 -90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.

සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.

ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඇතිවිය හැකි සුළිසුලං තත්වයට ඔබ සූදානම්ද?


ඔබේ නිවසේ වහලය සහ අවට ආරක්ෂිතදැයි පරීක්ෂා කරන්න.


ඔබේ නිවසට අනතුරුදායක විය හැකි ගස් හෝ (අවම වශයෙන් අතු )කපා දමන්න.


ඔබේ නිවස අවට ඇති අධික සුළං හෝ වැසි තත්වයකදී හානියක් සිදුවිය හැකි ලිහිල් සැහැල්ලු ද්‍රව්‍ය ඉවත් කරන්න.


කුණාටු / මුහුද රළු වීම /ගංවතුර තත්වයක් ඇති වුවහොත්, ළගාවීම සදහා ඔබේ ළඟම ඇති ආරක්ෂිත උස් බිම සහ එයට ආරක්ෂිතව යා හැකි ප්‍රවේශ මාර්ගය දැන ගන්න.


හදිසි තත්වයකදී නිවසින් ඉවත්වීමට සිදුවුවහොත් භාවිතයට ගැනීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු හදිසි උපකරණ කට්ටලයක් පිළියෙළ කරගන්න


❗️විදුලි පන්දමක් සහ අමතර බැටරි

❗️බීමට ජලය

❗️ආහාර ද්‍රව්‍ය

❗️ප්‍රථමාධාර කට්ටලයක් 

❗️වටිනා ලියකියවිලි

❗️ඇඳුම්, අත්‍යවශ්‍ය ඖෂධ, ළදරුවන්ට අවශ්‍ය දේ

❗️අවශ්‍ය යැයි හැගෙන දෙයක්


හදිසි  සේවා වල දුරකථන අංක ලැයිස්තුවක් ළග තබා ගන්න.


වාහනවල ඉන්ධන ටැංකි පුරවා තබාගන්න. 


ඔබේ නිවසේ ජල ටැංකි පුරවා තබාගන්න.


නිවසේ ශක්තිමත්ම කොටස කොහේද යන්න සහ සුළි සුළං තත්වයකදී නිවැසියන් සමග සිටිය හැකි ආරක්ශිතම ස්ථානය ගැන සහතික වන්න.


✳️වැඩිදුර තොරතුරු සහ අනතුරු ඇඟවීම් සඳහා ගුවන් විදුලිය / රූපවාහිනිය ට සවන් දෙන්න.


රැගෙන යා නොහැකි වටිනා භාණ්ඩ, වැදගත් ලිපි ලේඛන, ඡායාරූප සහ සිහිවටන ජලය නොයන සේ ආරක්ෂිත බෑග්වල බහා විශාල / ශක්තිමත් අල්මාරියකට දමන්න .


🌪🌪සුළි සුළං අවස්ථාවේදී🌪🌪


හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින්න 


ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් අඳින්න.


දොරවල් අගුළු දමන්න හැකිනම් විදුලිය සහ ජලය ක්‍රියා විරහිත කරන්න.


ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටින්න (ජනේල වලින් හොඳින්) ඈත්ව සිටින්න.


 සියලුම විදුලි උපකරණ විසන්ධි කරන්න

ආරක්ශිත ස්ථානයක් වෙත යන්නේ නම් ගංවතුර හා සුළං අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දේ රැගෙන වේලාසනින් පිටත්ව යන්න.


පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න.


ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගනී නම් ශක්තිමත් මේසයක් හෝ බංකුවක් යටට යන්න.


සුළඟ හමා ගිය පසු සුළි සුළඟ අවසන් යැයි නොසිතන්න. දරුණු සුළං ඉක්මනින් වෙනත් දිශාවකින් නැවත ආරම්භ විය හැක.

රිය පැදවීම සිදුකරන්නේනම්, වහාම රථය නවත්වන්න (හෑන්ඩ්බ්‍රේක් සහ ගියර් වලින්) - නමුත් මුහුදෙන් ,ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත් ව නවත්තන්න.


වාහනයේම රැඳී සිටින්න.


හානියට පත් විදුලි රැහැන්, පාලම්, ගොඩනැගිලි, ගස් වලින් පරිස්සම් වන්න, ගංවතුරට බහින්න එපා.


වැදගත්ම දේ -සුළි සුළං /ගංවතුර බලන්න යන්න එපා 



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :