ads
News
Loading...

ඒත් ඉස්කෝලෙන් හැදෙන්න ඕන දේවල් අපිට හදන්න බෑ



   නීනීඥවරියක් මෙන්ම සමාජයෙහි කැපී පෙනෙන චරිතයක් වන නිරූපා සේරසිංහ පවතින දේශපාලන තත්වය ගැන අදහස් එකතු කරන්න ගොසිප්ලන්තය political talk සම්මුඛ සාකච්චාව සදහා මෙලෙස එකතු වුනා.


ර්තමාන රජය දිගින් දිගටම කිසියම් ආකාරයකට හිතුවක්කාරි පිලිවෙත් ගණනාවක් සිදුකරගෙන යනව⁣.මහජන ක්‍රියාකාරී දේශපාලනයේ නිරත අයෙකු විදියට ඔබගේ අදහස ?

තනි වචනයේ අදහස අප්‍රසන්නයි.
මෑත ඉතිහාසයේ මහජනතාව වැඩිම විශ්වාසයෙන් පත් කෙරූ රජයක් මේ. මම කියන්නෙ මැතිවරණ ප්‍රතිඵල අනුව.
ඒත් මේ ආණ්ඩුව හැසිරෙන්නෙ තනිකරම උන්මත්තක ස්වරූපයෙන්.
මේක ඒකාධිපති හෝ දරදඬු පාලනයක් නෙවෙයි. එහෙම් පිටින් ම ගොබ්බ පාලනයක්.
මේ තීන්දු තීරණ ගන්න විදියෙන් සහ ඒවා අනුමත කළ අත්සනේ තීන්ත වේලෙන්න කලින් අහෝසි කිරීම හරහම පේනවා මෙයාලා රට පාලනය කරන්නෙ හීනෙන් වගේ.
මේකට හේතුව තමයි අපේ රටේ පාලන බලය ගත්ත කිසිම කණ්ඩායමක් නිසි සැලස්මක් ඇතුව නෙවෙයි බලය ගත්තේ.
මනුස්සයෙක් දෙන්නෙක් හිරේ දාන්න, හිරේ ඉන්න අය එලියට ගන්න, ගෙයක් රාජසන්තක කරගන්න , රස්සාවක් සභාපතිකමක් ගන්න වගේ ඒවා වෙනුවෙන් මිනිස්සු පාලකයෝ පත් කරගන්නවා.
ඒත් මේ පාලන තන්ත්‍රයම කණපිට ගහන්න ඕන.ඒකට මහජනතාව දැනුම්වත් වෙන්න ඕන, ඒත් ඉස්කෝලෙන් හැදෙන්න ඕන දේවල් අපිට හදන්න අමාරුයි

පාලන තන්ත්‍රයක ඉදිරි ගමන සදහා ගන්නා තීන්දු තීරණ වැදගත්වෙනව.නමුත් ඉතිහාසයේ නොවූ විරු ලෙස එම තීරණ ගන්නා පුද්ගලයෙක් හෝ වගකීම ගන්නා පුද්ගලයෙක් අපට දකින්න නැත්තෙ ඇයි?

මිනිස්සු වහල්භාවයට ආසයි.
මිනිස්සු ආස තමන්ව දක්කන් යන කෙනෙක්ට මිසක් තමන්ට මග පෙන්වන නායකයෙක්ට නෙවෙයි.
ඉතින් පාලන බලය අල්ලන්න කැමති අය ඔක්කොම ඒකට අනුවර්තනය වෙලා.

අතීතයේ සිට දේශපාලන සාකච්චාව තුල අපි දැකපු දෙයක් තමයි.ඔයාලා ආණ්ඩු කරත්දි මෙහෙමයි.ඒකාලේ කරපු දේවල් මතක නැද්ද වගේ බෝල පාස් කෙරිල්ල.දැන් මෙි වැඩෙි නවත්වන්න පියවර ගන්න කාලය හරි නේද?

ඡ්න්ද කාලෙට වර්ණාන්ධතාවය වැළඳෙන මහජනතාව තමයි ඒක තීරණය ගන්න ඕන.


අද විපක්ෂය කරන භූමිකාව ඇතුලෙ තාර්කික කාරණා මතුවන්නේ ඔබ නියෝජනය කරන දේශපාලන කදවුරෙන්.ප්‍රධාන විපක්ෂය කරන විරෝධතාව ආණ්ඩුවට දැනෙනව කියල ඔබ හිතනවද?

අපේ රටේ ප්‍රධාන විපක්ෂයක් තියෙනවද?
ආණ්ඩුව දෙන ලණුවෙ ප්‍රමාණයට විතරක් එහෙට මෙහෙට යන්න පුළුවන් හරක් පට්ටියක් නම් ඉන්නවා.
උන්ගෙ ටෙලිෆෝන් එකක් හන ගහල තියෙනව.


ජාතික ජනබලවෙිගයේ මතය සමාජගතවීම තිබුනෙ තරමක් පසුපසින් ඔබ හිතන්නේ ඔබ කදවුර එය ජනතාව වෙත අරගෙන ගිය ආකාරය නිවැරදිද

ආකාරය ගැන මට පෞද්ගලිකව විවේචනයක් තිබුණත්
අපේ රටේ මිනිස්සු ඉල්ලන දේ නම් කොහෙත්ම දෙන්න ඕන නෑ දේශපාලන පක්ෂයක් විදියට. ඒක මම කියනවා.

අතීතයේ නීතිය කැඩුවා යැයි බෝඩ් වැදුන පුද්ගලයන් ප්‍රධාන ධාරාවෙි තනතුරු සදහා පත්වීම තුල සමාජයෙන් දැනෙන විරෝධතාවයක් නොනැගෙන්නේ රජය කෙරෙහි දක්වන බිය නිසාද නැතිනම් ජීවත්වීමෙි අරගලය නිසාද?

අපේ අධ්‍යාපන පද්ධතියේ දුර්වලතාවය නිසා.
මිනිස්සු හිතන්න දන්නෙ නැත්තේ ඒකයි

ඔබ අගනුවර ජීවත්වන කාන්තා නියෝජනයක්.රටපුරාම කාන්තා බලමුළු සියල්ල දැන් විවිධ දේශපාලන ප්‍රවාහයන් සමග එකතුවෙල තියෙනව.නමුත් කාන්තාවගේ ජීවන තත්වය නැංවීම හෝ ඔවුන්ටසිදුවන දේ ගැන රජයට යම්කිසි බලපෑමක් කරන පාර්ශවයන් අඩු වෙන්නෙ ඇයි?

පාර්ශව ඉන්නවා.
මහජන සහභාගිත්වයයි අවම

අවසාන වශයෙන් නූතන දේශපාලනය තුල ඔබ ව හදුන්වන්න.

දේශපාලනයට සුදුසු,
ලාංකේය දේශපාලනයට නුසුදුසු අම්මා කෙනෙක්



















Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :