ads
News
Loading...

හදට වදින ගීත ලියන ධනුෂ්ක



ගේය පදරචකයෙක් වෙච්ච ධනුෂ්ක ප්‍රනාන්දු හෙමින් ගමනක් යන දක්ෂයෙක්.ඔහු ගේ ගී පද රචනා අතර " මලකුත් තිබුනා ගීතය බෙහෙවින් ජනප්‍රියයයි .අද ගොසිප්ලන්තය Lyricist විශේෂාංගයට එකතුවෙන්නේ ධනුෂ්ක.

" නිරෝෂා විරාජිනී මගෙ ගීතය වුන "හද පෙලන්න" ගයපු නිසා ක්ෂේත්‍රයේ දොරටු විවර වුුුනා"
" මෑතක දකින්මන ලැබෙන්නනෙ " හිතුවෙවත් නැති හිතක්"

අලුත් ගීතය එක්ක ප්‍රතිචාර ගොඩක් ලැබෙන කාලෙක ධනුෂ්කට මොකද හිතෙන්⁣නෙ ඒ ගැන?


මම ඇත්තටම මාර තෘප්තියක් ලබනවා මම නිකුත් කරන හැම ගීතයක් එක්කම. මම සිංද ලියන්නෙ හැමෝටම රසවිදින්න. ඉතින් හැම ප්‍රතිචාරයක්ම මට වටිනව




ගීත ලියන්නාගේ ජීවිතය බද්ධවන පුද්ගලයන් පසුකාලයේදී හමුවනව.එවන් අවස්ථාත් ඇති

ගීත ලියනකොට අපි අපේ ජීවිතවල එක එක කාලවල අත්දකින දේවල් , අත්විඳින දේවල් ,ආදරය, විරහව, මිත්‍රත්වය, හැගීම් , දැනීම් , වටපිටාව සහ පුද්ගලයින් වගේ දේවල් උපයෝගීකරගෙන නේ ලියන්නෙ. ඉතින් ඔබ කියපු පුද්ගලයින් ආපහු හමුවෙන , කතා කරන අවස්තා නැතුවා නෙමේ. සමහර අය හමුවුනත් ඒ ඒ පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය සලකලා නිහඩව ඉන්න වෙන වෙලාවල් තියනව. සමහර අය ආපහු ජීවිතයටම හමුවෙන්නෙත් නැහැ. ඒත් මතකයන් කියන දේවල් සදාකලිකයි. සමහර දේවල් ආත්මීය බැදීම් කියලා මම විස්වාස කරන්නේ.

මලකුත් තිබුනා ඔබගේ ගීත රචනා ජීවිතය වෙනස් කල ගීතයක් එහෙම නේද?

ඔව්..සහතිකවම. ගීතය ලියවෙනකොට මමවත් හිතුවේ නෑ, මාවත් වෙනස්ම තැනකට අරගෙන යන, ගීත ලෝලීන් අතර එදිනෙදා කිවවෙන ගීතයක් බවට පත්වෙයි කියලා. ඒකෙ සාර්ථකත්වය ගැන තියෙන්නෙ පුදුම සතුටක්.මේක ලියවුන හැටිත් හරි රසවත්. මුලින්ම මගෙ අතින් ලියවුන්නෙ " පෙම රසයි රහසින් හන්දා" කියන ටික . මේ පදටික මම නිරෝෂා විරාජිනීට පෙන්නුවා. එතකොට ඇය මෙල්බර්න්වල ප්‍රසංගයකට ඇවිත් අපේ ගෙදර නැවතිලා හිටියේ. ඇය බලලා කිව්ව "ෂා නියමයි" මේකේ ඉතුරු ටිකත් ලියලා එවන්න කියලා. මාස 3 ක් විතර ගියාට පස්සෙ තමා මම ඉතුරු ටික ලියලා යැව්වෙ. එතකොටම ඇය කිව්ව මේක හිට් එකක් වෙයි කියලා. ලියලා ඉවර වෙලා වසර දෙකක් ගිහින් තමා ගීතයක් විදියට එළියට ආවෙ .

අලුත් පරපුර සහ ප්‍රවීන පරපුර අතර ගීත ලියත්දි ලබන්න පුළුවන් වෙනස් අත්දැකීමුත් ඇති

මම වැඩකරලා තියන ප්‍රවීන අය සියලු දෙනා පොළොව පය ගහලා ඉන්න දෙයක් කතා බහ කරලා කරන්න පුලුවන් අය. ඔවුන් දැනුමෙන් පොහොසත්. හැබයි ඔවුන් අලුත් තාක්ශණය , අලුත් රටාවට අනුගතවීම, අලුත් රසිකයන්ගේ අක්කර්ෂණය දිනාගැනීම , සහ සමාජ මාධ්‍ය තම ජනප්‍රියත්වය තියාගන්න යොදාගන්න ක්‍රමවේදය අතින් නවකයින්ට වඩා ගොඩක් පසුපසින් ඉන්නේ. නමුත් නවකොයො ඒ කියපු සියල්ලෙන්ම ඉදිරියෙන් ඉන්නව. ඔවුන්ට ලොකු උවමනාවක් තියනව හොද දේවල් කරන්න. හැබැයි දැන් ඔවුන්ට පුදුම තරගකාරී රටාවක් එක්ක දුවන්න වෙලා තියෙන්නෙ

ගීත රචකයන් අතර මෙි තරගකාරිත්වයක් දකින්න නෑ එකට හේතුව


මම හිතන්නේ ඒකට හේතුව ලියන ක්‍රමවේදයන්ගේ වෙනස්කම් සහ ගීත රචකයන් විදියට ඔවුනොවුන්ගේ ගීතයක් ලියලා බලාපොරොත්තු වෙන ටාගට් එක අතර ඇති දුරස්ථ බව. මගෙන්ම මම උදාහරණයක් දෙන්නම්. මම ගීතයක් ලිව්වම ඒක ලියලා දීලා නිකන් බලාගෙන ඉන්නෙ නෑ. ඒක සම්පූර්ණ ගීතයක් විදියට එලියට එනකන්ම කැපවෙනවා. නිකුත් වුනාට පස්සෙත් ඒක දැන් තියන තරගෙට සරිලන විදියට ප්‍රාමාණිකව උඩට ගෙනියන්න මහන්සි වෙනවා. සමහර අය ගීතයක් ලියලා සල්ලි ටිකක් අරගෙන පැත්තකට වෙනව. එහෙම නොවන කීපදෙනෙක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ , ඔවුන් කාට ගීතය ලිව්වත් ලියපු ගීතය වෙනුවෙන් කැප වෙනව



ලංකාවෙි ගීත රැලි කාලෙන් කාලෙට එනවඉතින් ඒ රැලි එක්ක නොයා කලාව තුල ඉන්න රචකයාටත් උපක්‍රම ශීලී වෙන්න වෙනව නේද?



ඔව්.. ඒක තමා මම හැමතිස්සෙම කියන්නෙ. මගේ පරම්පරාවට පසුපසින් දැන් පරම්පරා දෙකක් හැදිලා තියනවා මේ ක්ෂේත්‍රයේ. තාක්ශණය එන්න එන්නම දියුනුවෙනව. ප්‍රචාරණ කලාව වෙනස් වෙලා පුදුම විදියට. ඉස්සර TV එකක සිංදුවක් දාගන්න එක හෙන ලොකු දෙයක් වුනානෙ අපිට. ඒත් දැන් පරම්පරාව ආමන්ත්‍රණය කරන්නෙ, YouTube සහ තවත් ඩිජිටල් මාධ්‍ය වෙත. අපි මේ දේවල් දන්නේ නැත්තම් ඒවට බැන බැන ඉදලා වැඩක් නැහැ. අලුත් කොල්ලෙක්ගෙන් වුනත් අහල දැනගන්න ලැජ්ජ වෙන්න ඕන නැහැ. රැලිවලට ගහගෙන යන්න ඕන නැහැ. හැබැයි රැලි එන බව දැනගෙන, ඒවත් ටිකක් පාගලා බලලා , රැල්ලෙන් දෙන පණිවිඩය දිහා බලාගෙන වැඩ කරන්න ඕන

අලුත් ගීතය ගැනත් කියමු නේද

විරහව , කදුල , වෙන්වීම ගැන ගීත ලියවෙනවා වැඩීනේ. මමත් ලියලා තියෙන්නෙ වැඩිපුර ඒව. ඉතින් මට හිතුනා ආදරයක් පටන්ගන්න තැන දැනෙන ඒ හැගීම ගැන ලියන්න ඕන කියලා. කෙනෙක් මට දවසක් කිව්ව ආදරය කිව්ව වගේ නෙමේ
ඒක දැනෙන්න ඕන කියලා. ඒක අල්ගෙන තමා මම මේක ලිව්වෙ. මේකෙ වචන මම ලිව්වෙ ආදරේ ලැබිලා බදින්නෙ කවදද කියලා සිහින මවන ගෑනු ළමයෙක් ගැන. ලියලා ඉවරවෙලා නවරත්න ගමගේ කියනා ප්‍රවීන සංගීතවේදීයාට මම යැව්වා. ඔහු එක රැයකින් මට කතා කරලා කිව්ව මරු මෙලොඩි එකක් ආවා ෆිල්ම් එකක වගේ, ඉක්මනින්ම කරමු කියලා. ඉතින් යෞවනයේ හුරතල් කටහඩක් මට ඕන වුනා මේකට. මම මනීෂාට කතා කලා. එයත් එක පයින් කැමති උනා. අන්තිමට රවිදු මේකට ලස්සන වීඩියෝ එකක් කලා.


මෙි හැම දෙයක්ම වෙනුවෙන් ලගින්ම ඉදන් උදව්කරන අය ගැන නොකිව්වොත් අඩුවක්?


මම මෙහෙම කියන්නම් මේකට. මාව මේ ජනප්‍රිය ගී දාරවට ගෙනාවෙ නිරෝෂා විරාජිනි. ඇය මැගේ පළවෙනි ගීතය වුන "හද පෙලන්න" ගයපු නිසා තමා මට මේ විදියට මේ ක්ෂේත්‍රයේ දොරටු විවර වුනේ. ඊළගට අරුණ ගුණවර්ධන . " හද පෙලන්න, මලකුත් තිබුනා , සියුම් තැන් " ඇතුලුව ගීත හතක් ඔහු මට සංගීතවත් කරලා දුන්නා. ඔහුව කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක්. සචිත් සහ රුක්මන්ත අනිත් දෙන්න. මාව අලුත් පරම්පරාව එක්ක බද්ධ කරලා, දැනුවත් කරන්නේ ඒ දෙන්න. මම දන්නේ නැති අලුත් ඩිජිටල් මාධ්‍ය ගැන දැනුවත් වෙන්නෙ ඔවුන්ගෙන්. ඔවුන් මට ශක්තියක් . ඒවගේම මගේ ජීවිතයේ අවුරුදු 26 ක් ම මගේ ළගම ඉන්න මගේ බිරිද. මට පාඩුවේ වැඩ කරන්න දීලා ඇය ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ 100% ම කරනවා. ඒක මට ලොකුම ශක්තියක්.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :