ads
News
Loading...

හිටි අඩියේ මතුවෙච්ච විජයගෙ පුතෙක්



මම  නෑදෑකම කොහෙවත් කියන්න යන්නෙ නෑ


මට ගීත ගැයීමේ පුංචි හැකියාවකුත් තියෙනවා

   විජය අපෙන් වෙන්වෙල වසර තිස් තුනක් පිරෙත්දි ඔහුගේ නම එක්ක තවත් කෙනෙක් මතුවුනා.ගොසිප්ලන්තයට ඔහුව හමු⁣වුනේ මෙහෙමයි.

ටිලන්, හරියටම පැවසුවොත් ඔබ විජයගේ කවුද කියලා?

මෙහෙමයි. විජය කුමාරතුංග සීයාගෙ අම්මා ඉන්නේ, ඇයගේ බාල සහෝදරයාගේ පුතාගෙ පුතා තමයි මම. ඒ කියන්නේ අපි ළඟම ඥාතියෝ.


ඒ නෑදෑකම භාවිත කරමින් ඔබ සිනමාවට පිවිසුණේ නැත්තේ ඇයි?

මම ඒ නෑදෑකම කොහෙවත් කියන්න යන්නෙ නෑ, මම අහවල් කෙනාගේ ඥාතියෝ කියලා. ඉතින් මටම අවස්ථාව හැදෙනකම් බලාගෙන හිටියා. ඒ අතරතුරදී මම මෝස්තර නිරූපණයට යොමු වුණා. ඔය අතරේ ඉඳහිට චිත්‍රපට සඳහා රංගනයට ආරාධනා ලැබුණා. එක්තරා චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මට කතා කළා. එහි අධ්‍යක්ෂවරයා මට කිව්වා ඒ චිත්‍රපටය රිලීස් වෙනකම් මට කිසිම වැඩකට යන්න එපා කියලා. අඩුම තරමේ ෆොටෝ ෂූට් එකකටවත්. ඒක මට යම් අසාධාරණයක් කියලා හිතුණා. මොකද මම එතකොට මෝස්තර නිරූපණ ශිල්පියකු විදිහට සාර්ථකව වැඩකරමින් හිටියේ. මම බොහෝ ඡායාරූප සඳහා මෝස්තර නිරූපණ අවස්ථා සඳහා පෙනී සිටියේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවයි. විජය කුමාරතුංග සීයත් බොහෝ අවස්ථාවන්වල දී නොමිලේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මට හිතෙනවා එය හොඳ ගති ගුණයක් කියල.


ඔබ විජය වගේ කියලා බොහෝ දෙනා කියනවා ඇති?

මුහුණු පොතේ මගෙ පින්තූරවලට වැටෙන බොහොමයක් කමෙන්ට්වලින් මට කියන්නෙ ඔබ නම් විජයම තමයි කියන අයත් ඉන්නවා. ඒක ඉතින් ප්‍රේක්ෂයින්නෙ කියන්නෙ. සමහරු මට පොඩි විජේ කියලත් කතා කරනවා. එතකොට නම් මට සියුම් සතුටකුත් දැනෙනවා.


විජය කුමාරතුංග වගේ සින්දු කියන්න ඔබටත් පුළුවන්ද?

මට ගීත ගැයීමේ පුංචි හැකියාවකුත් තියෙනවා. ගෙදර සංගීත භාණ්ඩ කිහිපයකුත් තියෙනවා. මම ඔය විශේෂ අවස්ථා වල ගීත ගයද්දි සමහරු කියනවා විජය මතක් වෙනවා කියලා. හැබැයි ඉතිං ඒක තීරණය කරන්න ඕනේ මම නෙවෙයි නේද?.



විජය අනුකරණය කරමින් පසුකාලීනව නළුවෝ රැසක් බිහි වුණා?

ඇත්ත. නමුත් විජයගේ ඥාති වෙන කෙනෙක් සිනමාවට ආවේ නෑනේ ජීවන්, රන්ජන්ගෙන් පස්සෙ. ඒ හිඩැස තවම එහෙමම තියෙනවා කියලා මම හිතනවා.


ඔබගෙ මාමා කෙනෙකු වන ජීවන් කුමාරතුංග මේ දිනවල චිත්‍රපටයක් කරනවා ඔබ එහි නැද්ද?

ඉන්නවා. ජීවන් මාමා මට ඒ චිත්‍රපටයට කතා කළා. එයින් පසුව මම බලාපොරොන්තු වෙනවා තවත් චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න.


ඔබ වැඩිය මතු නොවුණේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව වන්නේ මං ගැන කවුරුවත් දන්නැති එක. අනික මට හිතෙනවා මට ලැබුණු අවස්ථාවන් නොයෙක් හේතු මත අහිමි වුණා කියලා. ඒකට හිතේ දුකක් නැහැ. නමුත් ඉදිරියේදී හොඳ චිත්‍රපට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. මට ඕනේ මගේ ගමන පාඩුවේ ඉදිරියට යන්න.


දේශපාලන වැඩකටයුතු වලට ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?

අම්මෝ මොකද නැත්තෙ. කොච්චරවත් මට දේශපාලන වැඩ කටයුතු වලට කතා කරනවා. නමුත් මේ රූපා ආච්චි, ඒ කියන්නේ විජය සීයගෙ සොයුරිය. ඇය මට නිතරම කියනවා ඔය දේශපාලන වැඩවලට යන්න එපා කියලා. සමහරු මගෙන් ප්‍රයෝජන අරගෙන ඒ අය වාසි ප්‍රයෝජන ගන්න පුළුවන්ලු. රූප ආච්චි කියන්නේ, කලා ලොවේ ඉස්සරහට යන්න ඕන උදව්වක් කරනවා, ඒත් දේශපාලන වැඩවලට නම් කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා.


ඔබගේ ගම පළාත සඳහන් කළොත්?

මම දිවුලපිටියේ.



ඉගෙන ගත්තු පාසල?

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විදුහල හුණුමුල්ල.


විජයගේ ස්වරූපය නිසා ඔබට කාන්තා ආකර්ෂණය නොඅඩුව ඇති?

ඒක නම් එහෙම තමයි. ඒත් මම සිනමාවේ ඉදිරියට යන්න ඕන නිසා මටම වෙන්වුණු ප්‍රතිපත්තිවලට අනුව තමයි ජීවත් වෙන්නේ.




තිලක් පෙරේරා

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :