කාලයක් අපි දැක්කෙ බටහිර රැප් තාලය අල්ලන අයගෙ විදියහට ඇදුම් ඇදපු අපේ රැප් කලාකරුවන් ගැන.නමුත් අද කතාකරන රැප් ආටිස්ට් යන්නෙ වෙනම පැත්තකට.ඔහු රැප් සිලා.saturday blast සංවාදය සදහා අද අප සමඟ එක්වුනේ
පින්සාර දෑසින් මං කරපු නිර්මාණ අතරින් ගොඩක් වෙනස්
නරක වචන පාවිච්චියක් නෑ
රැප් සිලා මොනවද මෙි දවස්වල අලුත්ම වැඩ
මේ දවස් වල අලුත් වැඩ ටිකක් ප්ලෑන් කරගෙන යනවා.
අලුත්ම වෙනස් විදිහෙ music videos දෙක තුනක්ම එන්න තියෙනවා
නම රැප්සිලා වුනාට ඇහෙන්නෙම වෙනස් ගීත.මෙහෙම කරන්න ඔබ මොකක් හරි සංගීතයේ වෙන පැත්තක් කරගෙන යනවද?
මගේ නම දිනේෂ් සාරංග ඉස්සර මාව ගොඩක් අය දන්නෙ music composer කෙනෙක් විදිහට,ඊට පස්සේ ඒ කාලේ ඔය සෙල්ෆි රැප් කියන දේ ආවට පස්සෙ තමයි මටත් හිතුනෙ rap එකක් කරල බලන්න ඕනි කියලා,ඊට පස්සෙ මම රත් වෙලා කියලා පේජ් එකක් හදලා පිටින් තමයි රැප් දාන්න පටන් ගත්තේ ඒ රැප් ගොඩක් මිනිස්සු අහල මට හොඳ කියල තිබ්බා මොකද මම එක rap එකට වත් එකට වත් නරක වචන අනවශ්‍ය දේවල් දාලා කරල තිබුනෙ නෑ, ඊට පස්සේ තමයි මට හිතුනෙ මේක දිගටම කරන්න ඕන කියලා,
වෙනස්ව පැත්තක් කියලා ඔයා දහස් අදහස් කරන්න ඇත්තේ මම අන්තිමට කරපු පින්සාර දෑසින් කියන සින්දුව.ඔව් ඒක ඇත්තටම වෙනස්ම සිංදුවක්, එකේ රැප් සහ හිපොප් සංගීතය නැහ, ශාස්ත්‍රීය බෙර වයලීන් flute යොදාගෙන තමයි මේ මම සංගීතය නිර්මාණය කළේ
රැප් සිලා කවුරුත් නොදන්නව වුනාට විශාරද කෙනෙක්.?
ඔව් ඔයා හරි මම තබ්ලා වයලීන් විශාරද දක්වා ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව මට ලංකාවේ බෙර වර්ග වාදනය කිරීමේ හැකියාව තියෙනවා, සමස්ත ලංකා මගුල් මගුල්බෙර වාදන තරඟයේ මුල් ලංකාවෙන් ම දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා
එතකොට ලංකාවෙ කොල්ලෙක් මල්ලි කියන වචන ටික ආව විදිහත් කියමු
ලංකාවේ කොල්ලෙක් මල්ලී කියන එක මගේ හැම සිංදුවක් අගටම මම ටැග් එකක් විදියට දානවා . ඒක නිකම්ම කරගෙන ආපු එකක් කර ඉතින් මට හිතුන ඒක හොඳයි කියලා වෙන අදාළ අදාල නොවන දේවල් වලට වඩා.ඉතින් ඊට පස්සේ මම ලංකාවේ කොල්ලෙක් මල්ලී කියලා වැඩ කරන්න පටන් ගත්තා ඒක දැන ලංකාවේ සහ පිටරට ලංකාවේ ඉන්න ගොඩක් ඒ tshirt දැන් මගෙන් අරගෙන අඳිනවා
ඒත් එක්කම ලංකාවේ කෙල්ලෙක් වෙලා ටී ෂර්ට් එක එකකුත් තියෙනවා, දැන් මගේ ටීෂර්ට් බ්‍රෑන්ඩ් එක විදියට මම කරගෙන යනවා
අනික් රැප් ගායකයන්ට නැති සංවෙිදී බවක් ඇති කෙනෙක් විදියට ඔබව හදුන්වනව.ඒකට හේතුව වුනෙ මොකද්ද?
මම හිතනවා හැම පුද්ගලයෙකු ගේ ඇතුලෙ සංවේදී පුද්ගලයෙක් ඉන්නවා කියලා නැත්නම් සංවේදී වෙන දේවල් තියෙනවා කියලා,ඒ වගේම මමත් සංවේදී පුද්ගලයෙක් මං හිතනවා කලාකාරුවා කියන්නේ ගොඩක් සංවේදී එක්කෙනෙක් සංවේදීභාවය යොදාගෙන මම නිර්මාණ සංවේදී විදියට කරන්ඩ හුරුවෙලා තියෙනවා
ඒ ආදරේ කියන මගේ ගීතය අහපු අය මට ඔය කතාව කියලා තියෙනවා
රැප් වලට එන අයට තියෙන චෝදනාව එකම බීට් එක කියල.නමුත් රැප් සිලා එතනින් වෙනස් වෙනව නේද?
ඇත්තටම මම වෙනස් දේවල් කරන්න ගොඩක් ට්‍රයි කරන පුද්ගලයෙක්.ට්‍රයි කරපු එකේ දෙයක් හැටියට තමයි මම කළේ 7/8 තාලයට rap එකක්.ට්‍රයි කරපු එකේ දෙයක් හැටියට තමයි මම කළේ 7/8 තාලයට rap එකක්
ඒක ලංකාවේ මේ වෙනකන් කවුරුත් කරලා නෑ
ලංකාවේ සහ ලෝකයේ තියෙන එකම 7/8 rap එක සල්ලි කියන රප් එක.
4/4 6/8 7/8 කියන බීට් වලට මං රැප් කරල තියෙනව, තව වෙනස් දේවල් ඉස්සරහට එන්නත් තියෙනවා
අලුතින් එන පරපුර ගැන මොකද හිතන්නෙ.ඔවුන් සංගීතය තුල වෙනස් පර්යේෂණයන්ට යනවද
ඇත්තටම අලුතින් එන අයගේ මම ඒක දකිනවා අඩුයි, ඒ අය ගොඩක්ම කරන්නේ තවත් එක්කෙනෙක් කරන එකක්ම follow කරන එක
නමුත් ඒක නෙවෙයි විය යුත්තේ
මෙි ගමනෙදි ස්තුතියි පලකරන්න විශේෂ අයත් ඇති?
මුලින්ම ස්තුති කරන්න ඕනේ මගේ දෙමව්පියන්ට විශේෂයෙන්ම අපේ තාත්තට එයා තමයි මට කීබෝඩ් එකක් අරන් දීල මාව ක්ලාස් එක්කන් ගිහිල්ලා මට හරියට සංගීතය කියලා , ඊට පස්සේ මම පරිගණක සංගීත නිර්මාණය ඉගෙනගන්න ක්ලාස් යවලා අද මම ඒවගෙ නිර්මාණය කරන්නේ ඒ ලබා ගත්ත ඉගෙනීම හින්ද තමයි,
ඊට අමතරව ස්තුති කරන්න ඕනේ භාතිය සහ සන්තුෂ් අයියලාට, මාව ගොඩක් අය දැනගත්තේ එයාලා එක්ක කරපු සිහිනයක්ද මේ කියන ගීතය හින්ද. ඉතින් මගේ හැකියාවට තැනක් දීපු ඒ දෙන්නටත් ස්තුති කරන්න ඕනේ
අලුත් නිර්මාණය කවදා විතරද දකින්න ලැබෙන්නෙ?
සිංහල අවුරුද්දට කලින් බොහෝවිට ගීතයක් හෝ දෙකක් එලියට දාන්න හැකි වේවි කියලා හිතනවා.




0 Comments :
Post a Comment