ads
News
Loading...

අසරණ ළමයින්ට උදව්කරන රොෂාන්ගෙ හොද හිත



බොහෝ විට අප ඇස නොගැටෙන තැන්වලට රොෂාන් මහානාම පියමන් කරනවා.අද ⁣ගොසිප්ලන්තය සමාජ සත්කාර ලිපිය තුලින් ඔහු පැවසූ දෙයක් ගැනයි මෙි සටහන

උපුටනය

බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල සිට කිලෝමීටර 14 කට වඩා ඈතින් ඇති මොරකැටිය, අක්කරසීය නම් කුඩා ගම්මානයේ බ / මොරකැටිය විද්‍යාලය පිහිටා ඇති අතර පසුගිය ජනවාරි මස සෙනසුරාදා උදෑසනක අප එහි පැමිණෙන විට සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් විදුහල් පරිශ්‍රයට පැමිණ සිටියා. මෙම විදුහල තනි ගොඩනැගිල්ලකින් සමන්විත වන අතර 1 සිට 10 වසර දක්වා සියලු පන්ති මෙම ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යනු ලබනවා.

මෙහිදී රොෂාන් විජේරාම පවුල් පදනමේ සහ මාගේ හිත මිතුරන්ගේ නොමසුරු දායකත්වයෙන් සෑම සිසුවෙකුටම සපත්තු යුගලයක්, පාසල් බෑගයක්, දිවා ආහාර පෙට්ටියක්, වතුර බෝතලයක්, කුඩයක්, නිල ඇඳුම් සඳහා රෙදි, ලිපි ද්‍රව්‍ය සහ රස කැවිලි පාර්සලයක් තෑගි කිරීමට අපට හැකි වුනා. ඊට අමතරව පාසලට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍යද පරිත්‍යාග කිරීමක්ද මෙදින සිදු විය. එමෙන්ම විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරු භවතුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයටද ඔවුන්ගේ කැපවීම අගය කරමින් ත්‍යාග ලබා දෙන ලදී.

මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරනගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලද අතර මූල්‍ය ආධාර සහ මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය සියලු සහය සැපයීම පිළිබඳව රොෂාන් විජේරාම පවුල් පදනම, මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරන, මේජර් ධනුෂ්ක, මේජර් මහවිතාරණ, චන්දන අමරදාස මහතා, "සරසවි" ආයතනය, DSI ආයතනය සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඳවුරේ සියලුම නිලධාරීන්ට මාගේ විශේෂ ස්තුතිය පිරිනමමි.

එමෙන්ම මෙම පාසල පිළිබඳව අප දැනුවත් කල, තමන්ගේ නම සඳහන් නොකරන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටි මහත්මයාටද මම ස්තූතිවන්ත වෙමි.

මෙම වැඩසටහන මගේ බිරිඳ ගීවා මහානාම, රොෂාන් විජේරාම පවුල් පදනමේ භාරකාරිනී රේණුකා සේනාධීර, විරාජ් වර්නකුල, මනීෂා වර්නකුල, රංගන අබේසිංහ, මංජුල ජයරත්න, මධුකා රණසිංහ, රන්දිනි ගමගේ, තිලිනි රත්නායක යන මහත්ම මහත්මීන්ගේද හමුදා නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය, පාසල් සිසු දරුදැරියන් සහ මොරකැටිය අක්කරසීය ගමේ පදිංචිකරුවන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විනි.

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදිමින් මෙම වැඩසටහනේ කටයුතු සිදු කරන ලදී.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :