ads
News
Loading...

ආන්දොලනාත්මක සිදුවීම මංගල ඡායාරූප දැන්වීම කල ඡායාරූප ශිල්පියා සියල්ල අකුලාගනී


නමට යටින් ෆොටෝග්‍රැෆර් වෙනුවට අයිඩියාග්‍රැෆර් කියලා දාගත්තාට වැඩක් නැහැ අලුත් සහ වෙනස් අයිඩියාස් නැත්නම්. මේක තනිකරම අර රත්නපුරේ මියගිය කාන්තාවට කරන අපහාසයක් සහ විවාහවෙන්න සිටිනා සියලුම තරුණියන්ට කරන බියගැන්වීමක්.

Never say "that won't happen to me" යනුවෙන් මෙය නම් කිරීමෙන් කරන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්. විශේෂයෙන් තරුණියන්ව බියගැන්වීමක්. තරුණියන් තුළ පිරිමින් කෙරෙහි ඇති ආදරය සහ විශ්වාසය පලුදුකරන්න උත්සාහ කිරීමක්. මෙය තනිකරම සමාජ විරෝධී ක්‍රියාවක්.

මෙම පින්තූරය මගින් පෙන්වන්නේ විවාහවූ යුවලකගේ දර්ශනයක්. මෙහි මනමාලියගේ දෙවනි දවසේ භාවිතා කරන මල් පොකුර සහ සපත්තු දෙක බිම තියෙනවා. මනමාලයා බරට බෑග් එකක් ඇදගෙන එනවා. මනමාලිය නැහැ.

මෙවැනි දේවල්වලට විරුද්ධව නීති මාර්ගයෙන් යම් දඬුවමක් කරන්න කවුරුන් හෝ ක්‍රියාකරන්න ඕනෑ. මේවා විවාහ මංගල ඡායාරූප ලෙස සලකන්න හෝ සාමාන්‍ය ඡායාරූප ලෙස සලකන්න බැහැ. මංගල ඡායාරූප ඒ චාරිත්‍රවලට මුල් තැන දීලා කරන්න ඕනෑ. ඡායාරූපකරණයේ ආචාර ධර්ම රකින්න ඕනෑ. මේවා එක අතකින් බැලුවොත් කුපාඩි වැඩ. මිනිස්සු මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. හෙළාදකින්න ඕනෑ. මෙවැනි භයානක මානසිකත්වයක් තියෙන අයගේ සේවා ලබානොගන්න කටයුතු කරන්න ඕනෑ.

ඔස්කා නෝනිස්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :