කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව අනුන්හට උදව්කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද.අද ගොසිප්ලන්තය woman සමඟ කතාබහට එකතුවන්නේ එවන් තැනැත්තියක්.ඇය හාට් ටු හාට් සංවිධානයේ නිර්මාතෘවරිය මහේෂිද සිල්වා මහත්මියයි.
ආයුබෝවන් ඔබට
ආයුබෝවන්
මහේෂි මෙි දිනවල ඔබ ඇතුළු පිරිස යහපත් කාර්යය ගණනාවකටම යොමුවෙලා තියෙනව.අපි ඒ ගැන කතාවෙන්ම අරඔමු
අපි heart to heart සංවිධානය ආරම්භ කලේ
මේරටේ ආකල්පමය වෙනසක් සමාජය තුළ ඇතිකිරිලීමටයි.ඒ සදහා විවිධ වැඩසටහන් කිපයක්ම මේ දින වල රට පුරාම ක්‍රියාවට නංවන කාලයක් මේ.
හාට් ටූ හාට් ක්‍රියාවලිය තුල ලංකාවෙි එවන් හදුනාගත් දේ මොනවද
මෙි අපි කතාකරන්නෙ කාන්තාවන්ට වෙන්වුනු මාසයක.මූලික වශයෙන් එවන් අගතියට පත්ව සිටින කාන්තාවන්ට සංවිධානය හරහා ලබාදෙන දේ ගැන කිව්වොත්?
රටක අනාගතය රැදී තියෙන්නේ ගෘහණිය අතේ.ඇයි මම එහෙම කියන්නේ ගෙදර අම්මගේ මානසිකත්වය දරුවන්ගේ වර්ධනයට සෘජුවම බලපානවා.කායිකව හා මානසික පරිසරය තුළ ඒ දරුවන්ගේ ආකල්ප වර්ධනය වන්නේ.ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා ගැබිනි මව්වරුන්ට .
මොකද කුසේ ඉන්න දරුවාගේ ආකල්ප වෙනස් කරන්න මව බලපානවා.අම්මා කතා කරන දේ සිට මගේ සිතුවිලි බලපානවා.
ඒ අතරම පෙර පාසල් දරුවාගේ සිට උසස් උසස්පෙල දරුවා දක්වා ආකල්පමය වෙනසක් ඇති කිරීමට වැඩසටහන් මෙහෙය වනවා
දැනට මෙි හා බැදිච්ච සාමාජිකයන් නිරන්තරයෙන් ම දැනුවත් කිරීමෙි වැඩසටහන් කරගෙ යන්නත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලැබෙන සහය කොහොමද?
මෙතෙක් මා කිසිවෙකුගේ සහයෝගයක් ලබා ගෙන නෑ .heart to heart කියන්නේ දේශපාලන සංවිධානයක් වත් ngo එකක් වත් නෙවේ.කිසිදු අරමුදලක් නොමැතිව මගෙ පෞද්ගලික ධනය වැය කීරීමෙන් හාර්ට් ටු හාර්ට් මේ ගමන මෙතෙක් ආවෙ
නමුත් ඉදිරියේදී ඒ ඒ අවශ්‍ය තැන් වලදී දේශපාලන සහය ලබා ගැනීමට හැකිවේවි කියල හිතෙනවා.
මහේෂි කාන්තාවක් වශයෙන් මෙවන් දේට සාභාගි වෙත්දි අභියෝගත් ඇති?
අනිවාර්යයෙන්ම
ඉදිරියට යන්න ගෙදරින් ලැබෙන සහය ගැනත් කිව්වොත්
මගේ හෙවණැල්ල තමා මගේ මහත්තයා එයා හින්ද තමා හාට් ටු හාට් මේ වගේ තැනක තියෙන්නෙ.
කෙනෙකුට හාට් ටු හාට් හා සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ සදහා කල යුත්තෙ?
අමතන්න අපව 0773243906
කාන්තා ඔබගේ දිරිය ගැන ලොවටම කියන්න woman කතාබහ සදහා @ගොසිප්ලන්තය-Gossipland ෆේස්බුක් පිටුවට ඔබගේ විස්තර අදම එවන්න.





0 Comments :
Post a Comment